දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වූ එම්.කේ. ශිවාජිලිංගම් අභාවප්රාප්ත වී ඇති අතර ඔහු අභාවප්රාත්ත වනවිට 69 හැවිරිදි වියේ පසුවිය.
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් අවස්ථා දෙකකදී පාර්ලිමේන්තුවට තේරි පත්වූ ඔහු වර්තමානයේ වැල්වැටිතුරෙයි නගර සභාවේ නගරාධිපතිවරයා ලෙසද කටයුතු කළේය.
වඩමරච්චි, වැල්වැටිතුරෙයි උපන් එම්.කේ. සිවාජිලිංගම්, දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය (TELO) හරහා තම දේශපාලන ගමන ආරම්භ කළේය.
පසුගිය 2001 හා 2004 වර්ෂයන් හිදී දෙමළ ජාතික සන්ධානය තුළින් යාපනය දිස්ත්රික්කයෙන් මැතිවරණයට තරග කළ ශිවාජිලිංගම් එම අවස්ථා දෙකෙහිදිම පාර්ලිමේන්තුව නියෝජනය කළේය.
එමෙන්ම පසුගිය 2010 ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසද ඔහු තරග කරනු ලැබීය.
ඔමුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යාපනය, වැල්වැටිතුරෙයි ප්රදේශයේදී සිදු කිරීමට නියමිතය.
