By unusuma.lk on
(LK time)අද පස්වරු 12.30 න් පසුව ලංකා බැංකු ශාඛා පද්ධතිය වසා සියලු ගනුදෙණුවලින් ඉවත් වීමට ලංකා බැංකු සේවක සංගමය තීරණය කර තිබේ.
ඒ සිය දිරිදීමනා කප්පාදු කිරීමට විරෝධය පලකිරීමක් වශයෙනි.
එම සංගමයේ මධ්‍යම කාරක සභික නජිත් විජේරත්න කියා සිටියේ සිය ඉල්ලීම්වලට නිසි විසදුමක් නොලැබුණහොත් ලබන 06 වෙනිදා සංකේත වර්ජනයකට අවතීර්ණ වන බවයි.
මෙම ගැටලුව මුල් කරගෙන ඊයේ දිවයිනේ තෝරාගත් ප්‍රධාන නගර කිහිපයක ලංකා බැංකු ශාඛා 22ක් ඉදිරිපිට කෑම පැයේදී සේවකයන් විරෝධතාවල නිරත විය.
එමෙන්ම, බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ප්‍රමාදයන් විසදීම ඇතුලු ඉල්ලීම් 10ක් මුල් කරගනිමින් තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
සිවිල් ගුවන් සේවා වෘත්තිය සේවක සංගමය ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අතිකාල සේවයෙන් ඉවත් වී තිබෙනවා.