Unusuma Editor

1281 Posts
ලසන්ත ඝාතනයේ යුක්තිය පිළිබඳ අපේක්ෂා බිඳ වැටෙයි.?

ලසන්ත ඝාතනයේ යුක්තිය පිළිබඳ අපේක්ෂා බිඳ වැටෙයි.?

2009 ජනවාරි 8 මහමග කුරිරු ලෙස ඝාතනය කර දැමූ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම්කර සිටින තිදෙනකු සම්බන්ධයෙන් තවදුරටත් නීති මඟින් කටයුතු කරන්නට අදහස් නොකරන බවත් එනිසා ඔවුන් නිදහස්කර යැවිය හැකි බවටත් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වෙත දන්වන්නැයි නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා යැවූ බව කියනා ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

එහි සත්‍යතාව තහවුරු කරමින් මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය තුළ එම ලිපිය සම්බන්ධයෙන් අදහස් පළකර තිබුනි.

පසුගිය 27 වැනිදා නීතිපතිවරයා විසින් යොමු කර ඇති ලිපියකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් දන්වා ඇත්තේ මේ බව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් අධිකරණය ගත් ක්‍රියාමාර්ග දින 14ක් ඇතුළත තමන් වෙත දැනුම්දෙන ලෙසයි.

මෙසේ නිදහස්කර හැරීමට නිර්දේශ කරන සැකකරුවන් වන්නේ යුදහමුදා මාණ්ඩලික සැරයන් ප්‍රේම් ආනන්ද උදලාගම, උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපා, නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර යන අයයි.

පසුගිය කාලයන්හි සිදුකරන ලද රාජ්‍ය අපරාධ කිසිදා හෙළිදරව් නොවනු ඇති බවට වන සැකය ත්‍රීවෘ වන බව බොහෝ පිරිස් එම ලිපිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් රජය පාර්ශවයෙන් මෙතෙක් සිදුකර නොමැත.

ස්වීඩන් ඉතිහාසයේ දරුණුතම සමූහ ඝාතනය සිදුවෙයි.!

ස්වීඩන් ඉතිහාසයේ දරුණුතම සමූහ ඝාතනය සිදුවෙයි.!

ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවරට බටහිරින් පිහිටි ඔරෙබ්‍රෝ රිස්බර්ග්ස්කාහි උසස් අධ්‍යාපන ආයතනයක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

විදෙ මාධ්‍ය පවසන්නේ වෙඩි වැඳීමෙන් තුවාල ලැබූ බොහෝ පිරිසක් රෝහල් ගත කර ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.

ස්වීඩන් ඉතිහාසයේ දරුණුතම සමූහ වෙඩි තැබීම මෙය ලෙස හැඳින් වියහැකි බව එරට අග්‍රාමාත්‍ය උල්ෆ් ක්‍රිස්ටර්සන් පවසයි.

ඝාතකයා විසින් මෙම වෙඩි තැබීම සඳහා කුමන වර්ගයේ ගිනිඅවියක් භාවිත කළේද යන්න සහ වෙඩි තැබීම සිදුකළ ආකාර සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී නොමැති අතර මියගිය පිරිස අතර වෙඩික්කරුද සිටින බව සඳහන්.

“ජනතාව අකමැති කිසිවක් එපා.. මටත් කැක්කුමක් තියනවා” රවීගෙන් යෝජනාවක්.!

“ජනතාව අකමැති කිසිවක් එපා.. මටත් කැක්කුමක් තියනවා” රවීගෙන් යෝජනාවක්.!

පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසන්නේ මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සඳහා ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරයේ දී යෝජනාවක් තමා විසින් ඉදිරිපත් කරන බවත්, ජනතාවගේ අකමැත්තෙන් කිසිවක් අවශ්‍ය නැති බවත්ය.

පසුගිය දා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

“මේ රට හදන්න නම් ඒ තීරණය ගත යුතුයි. ඒ ගොල්ලෝ ආවේ එපා කියලනේ. ඇවිල්ල අපි නැති කරනවා කියලා කියනවනං දෙයියො තමයි බලන්න ඕනෑ. ජනතාව කියන දේ තමයි අපි මේ කරන්නේ

අපි මේ අවස්ථා උපයෝගි කරගෙන හරි දේ තමයි කරන්න ඕනෑ. මන්ත්‍රී රස්සාව කරනවා අවුරුදු පහක්. වෙන එකක් කරන්න බෑනේ. මෙතන ආදායම් හොයන්න එපා. එහෙනං දේශපාලනයට එන්න එපා. මම හිතනවා 225 ම මේකට සහාය දෙයි කියලා. අනික මං හිතන්නේ දේශපාලන වේදිකාවේ කියන එක හැබෑවට කරන්න පුළුවන් පිරිසක් ඉන්න ඕනෑ යැයි ද කීවේය.

එජාප – සජබ එකතු වෙලා මේ පාර අපි දිනනවා. මේ ගැන මටත් කැක්කුමක් තියනවා. මම තමයි රනිල් වික්‍රමසිංහ ගාවට පස්සේ ඉන්න එජාපයේ ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා. සජබයයි – එජාපයයි ගෞරවනීය ලෙස එකතු වෙන්න ඕනෑ. සජබෙ, එජාපය වගේ ම අනිත් පක්ෂ ඔක්කොම එකට එකතු කරන්න ඕනෑ. ඒක තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ යැයි ද කීවේය.”

ජල ගාස්තුව දැනෙන්න බස්සයි.!

ජල ගාස්තුව දැනෙන්න බස්සයි.!

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ සියයට 10ත් 30ත් අතර ප්‍රමාණයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බවයි.

විදුලි බිල අඩුවීමට සාපේක්ෂව මෙලෙස ජල ගාස්තු අඩු කිරීම කෙරෙහි එම මණ්ඩලයේ අවධානය යොමුව ඇත.

ජල බිල අඩුකිරීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව ඉදිරි දින කිහිපය ඇතුළත ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා වෙත භාරදීමට නියමිතව ඇති අතර සභාපතිවරයා විසින් එම වාර්තාව විෂයභාර අමාත්‍යවරයා වෙත භාරදීමෙන් අනතුරුව අදාළ යෝජනා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පොලිස් වදකයින් 4කගේ තරු පටි ගලවා ගෙදර යවයි.!

පොලිස් වදකයින් 4කගේ තරු පටි ගලවා ගෙදර යවයි.!

අධිකරණයේ ඇප මත නිදහස්ව සිටි වීරකැටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් හතර දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

ඒ දිල්ෂාන් මධුසංඛ නම් තරුණයකු අත්අඩංගුවට ගෙන දින හයකට ආසන්න කාලයක් තිස්සේ රඳවා තබා ගනිමින් වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් සිදුවීමකට අදාලවයි.

වීරකැටිය පොලිස් ස්ථානාධිපති නුවන් බුද්ධික විජේතුංග, තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍ර ජයවික්‍රම , මාලිම්බඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත විජේසේකර සහ පොලිස් සැරයන් සමන් ජයවර්ධන යන නිලධාරීන්ගේ සේවය මෙලෙස අවසන් කර ඇත.

මාතර මහාධිකරණය පසුගිය ජනවාරි මස 27වනදා මෙම පොලිස් නිලධාරීන් හතර දෙනා රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 වැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.

මාතර මාලිම්බඩ පොලිසියේ සේවය කරමින් සිටියදී දිල්ෂාන් මධුසංඛ නම් තරුණයකු අත්අඩංගුවට ගෙන දින හයකට ආසන්න කාලයක් තිස්සේ රඳවා තබා ගනිමින් වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය කළ විමර්ශනයකින් පසු නීතිපතිවරයා මෙම නිලධාරීන්ට අධිචෝදනා ගොනු කර තිබු අතර නඩු විභාගය වැඩිදුර කැඳවීම පෙබරවාරි මස 27 වැනි දිනට කල් තැබීය.

මේ සම්බන්ධයෙන් MediaLa YouTube නාලිකාවේ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සිදුකළ විශේෂ අනාවරණයයෙන් පසුව මේ සම්බන්ධයෙන් පොලිස් නීති කොට්ඨාශය, පොලිස් නීති දිසාව, විනය හා කල්ක්‍රියා කොට්ඨාශය, විසින් සිදුකළ පරීක්ෂණ අනුව වැඩබලන පොලිස්පතිවරයාගේ නියමයෙන් මෙම වැඩතහනම සිදුකර තිබේ.

ජනේලයෙන් ගෙට රිංගූ මාරය දුව ඉදිරියේ අම්මා මරලා.!

ජනේලයෙන් ගෙට රිංගූ මාරය දුව ඉදිරියේ අම්මා මරලා.!

නාවලපිටිය සෙම්රොක් ප්‍රදේශයේ පදිංචිව සිටි ගයානි දිල්රුක්ෂි කුමාරි (46) හැවිරිදි තිදරු මවක් අද (04) දින අලුයම ඝාතනයට ලක් වි ඇති බව පොලීසිය පවසයි.

එම කාන්තාව ඝාතනය කර ඇත්තේ සැමියා විසින් වන අතර දියණියගේ නිවසේ නිදාගෙන සිටියදී මෙලෙස පිහියකින් කපා ඝාතනය කර සැමියා නාවලපිටිය පොලිසියට භාර වී ඇත.

එම කාන්තාව සිය සැමියාගේ නිරන්තරයෙන් ආරවුල් හේතුවෙන් දියණියගේ නිවසේ නැවති සිටි බව පැවසේ

ජිවිතක්ෂයට පත් කාන්තවගේ දියණිය විසින් පොලිසියට ලබාදුන් ප්‍රකාශයේ සඳහන්ව ඇත්තේ අද (04) දින අලුයම 1.30 ට පමණ පිහියක් සහිතව නිවසේ පහල මහලේ ජනේලය මතින් හොර රහසේ නිවසට ඇතුල් වු පියා නිවසේ කාමරයේ නිදාගෙන සිටි මවට පිහියෙන් ඇණිමත් සමග මව බේරිම සදහා නිවසෙන් පිටතට දිවගිය බවත්, මව පිටුපසින් හබා ගිය පියා නිවසෙන් පිටතදි යලිත් මවට පිහියෙන් ඇණ ගලකින් හිසට ගසා මව ඝාතනය කල බවයි.

මව බේරිමට ගිය දියණියට තුවාල සිදු වි ඇති බවත්, මෙම ඝාතනය පවුල් ආරවුලක් මත සිදු ඝාතනයක් බවත්, ජිවිතක්ෂයට පත් කාන්තාව සහ සැකකාරු සැමියා කාලයක් තිස්සේ වෙන් වි ජිවිත් වි ඇති බව සිදු කරන ලද මුලික විමර්ෂණ වලදි අනාවරණය වු බව ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

සැකකරු යුධ හමුදාවේ සේවය කර පසුව වෛද්‍ය වාර්තා අනුව සේවයෙන් ඉවත් වු පුද්ගලයෙකු බවද පොලිසිය පැවසිය.

නාවලපිටිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණ සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවද ස්ථානාධිපතිවරයා පැවසිය.

ඇමරිකානු ආධාර පිළිබඳ නාමල්ට සැක උපදී.!

ඇමරිකානු ආධාර පිළිබඳ නාමල්ට සැක උපදී.!

පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය “X” ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන විදේශ ආධාර හසුරවා ඇති ආකාරය සම්බන්ධව පරීක්ෂණයක් කළ යුතු බවයි.

ශ්‍රී ලංකාවට පමණක් මෑත වසරවලදී USAID ආයතනයෙන් ඩොලර් මිලියන ගණනක මුදල් සහ ප්‍රධාන ලැබුණු බව ඔහු පවසයි.

ඔහු සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ලොව පුරා ව්‍යාපෘති රැසකට අරමුදල් සැපයූ USAID ආයතනය බටහිර මාධ්‍ය සමග මතභේදාත්මක තත්ත්වයකට පැමිණ ඇති බවත් මානුෂීය ආධාර මුවාවෙන් තම අරමුදල් වෙනත් රටවල ප්‍රශ්න සහගත සහ අස්ථාවරත්වය ඇති කිරීමට යොදා ගත් බවට චෝදනා එල්ල වී ඇති බවත් ය.

ඔවුන් තම ප්‍රදාන සහ ආධාර අරමුදල් භාවිත කළ ආකාරය සම්බන්ධව පැහැදිලිව වාර්තා වී නොමැති අතර USAID යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘති සහ ප්‍රදාන පිළිබඳව පරීක්ෂණයක් පවත්වා පාර්ලිමේන්තුවට සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා එම සටහන මගින් සඳහන් කර තිබේ. 

එමෙන්ම එම ප්‍රතිලාභ ලැබූ මෙම රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ද ඉදිරිපත් කළ යුතු බවත් ඔහු එමගින් පෙන්වා දී තිබේ.

රාජ්‍ය නොවන සංවිධාන සඳහා අරමුදල් සැපයීම සඳහා වන රෙගුලාසි වසර ගණනාවක් තිස්සේ සඳහන් ව තිබුණත් එය තවමත් සිදු කර නොමැති බැවින් විනිවිදභාවය පවත්වා ගැනීම සඳහා මෙම රෙගුලාසි ගෙන එන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවද නාමල් රාජපක්ෂ මහතා එම සටහන මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

“සෑම ඝාතනයක් පසුපසම දේශපාලකයෙක්” හිනිඳුම ත්‍රිත්ව ඝාතනය හිටපු ඇමතිවරයෙක් දෙසට හැරෙයි.!

“සෑම ඝාතනයක් පසුපසම දේශපාලකයෙක්” හිනිඳුම ත්‍රිත්ව ඝාතනය හිටපු ඇමතිවරයෙක් දෙසට හැරෙයි.!

ගාල්ල, හිනිඳුම මහාබෝධිවත්ත ප්‍රදේශයේදී පසුගිය 30 වනදා රාත්‍රියේ  11.15ට පමණ නාඳුනන තුවක්කුකරුවකු සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ ලැගුම්හලක් තුළ පුද්ගලයින් පස් දෙනෙකු මන්පැන් පානය කරමින් සිටි ඇති අතර ඉන් තිදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබුණි.

වෙඩි ප්‍රහාරයට ලක්වී ජීවිතක්ෂයට පත්වුයේ, ලැගුම්හලේ හිමිකරු වන 55 හැවිරිදි ඉඳුනිල් සමන් කුමාර, අම්බලන්ගොඩ පදිංචි එම්. නෙවිල් හා හිනිදුම පදිංචි 34 හැවිරිදි චතුරංග කුමාර නම් පුද්ගලයන් තිදෙනෙකි.

පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් අයෙක් T56 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය.

කෙසේවෙතත් එම ත්‍රිත්ව ඝතනය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකුගේ සම්බන්ධිකරණ නිලධාරියෙකුව අද (04) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ැති අතර මේ වන විට සැකකරුගෙන් ප්‍රශ්න කරමින් පවතින බව වාර්තා වේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයන් තිදෙනාට කිසිඳු පාතාල සබඳතාවක්ද නොමැති බව පොලීසිය පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ජන හමුවක් අමතමින් කියා සිටියේ සෑම ඝාතණයක් පසුපසම දේශපාලකයෙකු සිටිනා බවයි.

පොලීසියට එරෙහි ප්‍රසිද්ධ චෝදනාවට පිළියම් යොදයි.!

පොලීසියට එරෙහි ප්‍රසිද්ධ චෝදනාවට පිළියම් යොදයි.!

චක්‍රලේඛයක් නිකුත් කරමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසන්නේ පොලිස් ස්ථාන වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණෙන පාර්ශවයන්ගේ පැමිණිලි බාර නොගෙන ප්‍රතික්ෂේප කරන නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

විනය ක්‍රියාමාර්ගවලට අමතරව පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන අනුව එවැනි නිලධාරීන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ද හැකියාව පවතින බව චක්‍රලේඛය මඟින් පෙන්වා දෙයි.

ප්‍රියන්ත වීරසූරිය මහතා පවසන්නේ පොලිස් ස්ථාන වෙත පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා පැමිණෙන පාර්ශවයන්ගේ පැමිණිලි වාර්තා නොකර නොයෙකුත් කරුණු ඉදිරිපත් කරමින් එකී පැමිණිලි ප්‍රතික්ෂේප කරනු ලබන බවට තමා වෙත ලිඛිතව සහ වාචිකව පැමිණිලි ලැබී ඇති බවයි.

ඒ අනුව මින් ඉදිරියට පොලිස් ස්ථාන වෙත ලැබෙන කිසිදු පැමිණිල්ලක් බාර නොගෙන ප්‍රතික්ෂේප කළ නොහැකි බව වැඩබලන පොලිස්පතිවරයා නිකුත් කළ එම චක්‍රලේඛයේ අවධාරණය කර ඇත.

77 වන ජාතික නිදහස් දින සැමරුම ඇරඹේ.!

77 වන ජාතික නිදහස් දින සැමරුම ඇරඹේ.!

“ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” යන තේමාව යටතේ 77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ කටයුතු මේ වනවිට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ආරම්භ වී තිබේ.

නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ආලෝක බණ්ඩාර මහතා සඳහන් කළේ මෙවර නිදහස් දින උත්සවය අඩු පිරිවැයකින් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

We are happy to invite you.