Attention (Sinhala)

විදුලි බිලේ වාසිය ජල බිලට.!

විදුලි බිලේ වාසිය ජල බිලට.!

ජාතික ජල සම්පාදනය හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ විදුලි ගාස්තු අඩු කිරීමට සාපේක්‍ෂව ඉදිරියේදී ජල ගාස්තු ද අඩුවනු ඇති බවයි.

විදුලි ගාස්තු අඩු වීමේ වාසිය ජල පාරිභෝගිකයන්ටද ලබා දීමට ඇති හැකියාව පිළිබඳ මේ වන විටත් අධ්‍යයනය කරමින් සිටින බව එම මණ්ඩලය පවසයි.

සති දෙකක අධ්‍යයනයෙන් පසු එහි අවසන් වාර්තාව අමාත්‍යංශය වෙත යොමු කිරීමට නියමිත බවද ජල සම්පාදනය හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

වත්මන් දත්ත අනුව මෙරට ජල පාරිභෝගිකයන් සංඛ්‍යාව ලක්ෂ 32 ඉක්මවා ඇති අතර පසුගිය අගෝස්තු 21 වැනිදා අවසන් වරට සිදුවූ ජලගාස්තු සංශෝධනය අනුව ජල ගාස්තු 5.94%කින් අඩු කෙරුණි.

පවතින ත්‍රස්ත විරෝධී පනත පවත්වාගෙන යෑමට තීරණයක්.!

පවතින ත්‍රස්ත විරෝධී පනත පවත්වාගෙන යෑමට තීරණයක්.!

සභානායක බිමල් රත්නායක මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පැවසූවේ නව පනතක් සම්මත කරගන්නා තෙක් පවතින ත්‍රස්ත විරෝධී පනත ඉතා පරිස්සමෙන් පවත්වාගෙන යන බවයි.

කෙසේවෙතත් එහිදී අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ ත්‍රස්ත විරෝධී පනත ආණ්ඩුවේ අභිලාශය හෝ ප්‍රතිපත්තිය නොවන බවයි.

නව පනතක් සම්පාදනය කරන තෙක් ආණ්ඩුවක් ලෙස පවතින නීතිය තුළ ප්‍රවේශමෙන් කටයුතු කිරීමට සිදුවන බවද ඔහු සඳහන් කළේය.

“ත්‍රස්ත විරෝධී පනත ගැන කියන්න තියෙන එකම දේ තමයි. ඒක අපේ අභිලාශයවත් ප්‍රතිපත්තියවත් නෙමෙයි. නමුත් අලුත් පනතක් සකස්කරන තෙක් රටේ තිබෙන නීතිය අපට ඉතාම පරිස්මෙන් පාවිච්චි කරන්න ඕනේ. මොකද අපි ආණ්ඩුවක් කරන්න ඕනේ පනත් සම්මත වෙනතුරු.  ඒ නිසා අධිකරණ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන්  මේ සභාවට පිළිතුරුදීලා තියෙනවා.”

JVP සංස්කෘතිය මාලිමාවත් ඉදිරියට ගෙන යයි.!

JVP සංස්කෘතිය මාලිමාවත් ඉදිරියට ගෙන යයි.!

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසන්නේ ජාතික ජන බලවේගයේ සියලු මන්ත්‍රීවරුන්ගේ දීමනා එක ගිණුමකට බැර කරන බවයි.

ඔහු පැවසූවේ 1994 පාර්ලිමේන්තු මන්ත්‍රී නිහල් ගලප්පත්ති මහතාගෙන් ඇරඹි ආදර්ශය ඉදිරියටත් ගෙන යන බවයි.

මන්ත්‍රීවරුන්ගේ දීමනා බොරැල්ලේ මහජන බැංකුවේ පවතින බැංකු ගිණුමට අදාළ දීමනා බැර කර ඉන් පසුව එම මුදල් ජනතා සේවයට යොදවන බවත් ඒ හරහා ජනතාවට සේවය පුළුල් කළ හැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පොලීසියට බාධා කළ මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට.?

පොලීසියට බාධා කළ මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට.?

පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී වීමට කොළඹ බලා පැමිණෙන අතරතුර අනුරාධපුර ප්‍රදේශයේ දී රථවාහන රාජකාරියේ යෙදී සිටි රථවාහන අංශයේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ රථ වාහන පොලීසියට අවනත නොවී කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට එරෙහිව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසූවේ ඒ අනුව අද (21) දිනයේ දී අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

ඊට අමතරව අදාළ මන්ත්‍රීවරයා විසින් සිදුකළ ප්‍රකාශයෙන් ජාතීන් අතර අසමගියක් ඇති වී තිබේද යන්න පිළිබඳව ද විමර්ශනයක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන පනත මෙන්න දණ්ඩ නීති සංග්‍රහය යටතේද පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට එරෙහිව අධිකරණයට කරුණු ගොනුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

සුජීවට V8 පත්තු වෙද්දී.. මනූෂට E8 පත්තු වෙයි.!

සුජීවට V8 පත්තු වෙද්දී.. මනූෂට E8 පත්තු වෙයි.!

ටොයෝටා ලෑන්ඩ් කෲසර් මාදිලියේ ජීප් රථයක් එම රථය නිෂ්පාදිත කර්මාන්ත ශාලාවෙන් පරිබාහිරව කොටස් දෙකක් එකිනෙක පෑස්සීමෙන් එකලස් කළැයි කියන සිද්ධියකට අදාළව විභාග වන නඩුවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මඟින් පසුගිය දා (8) කළ ඉල්ලීමක් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අධිකරණ ඇමැති සුජීව අර්ජුන සේනසිංහ මහතාට ලබන පෙබරවාරි 5 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙණෙවිය නියෝග කළාය.

අදාල V8 වාහනය එකලස් කළ බවට චෝදනා එල්ල වන අතර එහි ලියාපදිංචි අයිතිකරු වන සුජීව සේනසිංහ රුපියල් මිලියන සියයක බැඳුම්කරයක් මත මුදා ඇති අතර එමෙන්ම වාහනය විකිණීම, වෙනස් කිරීම අන්සතු කිරීම තහනම් කරමින් නියෝගයක්ද නිකුත් කර ඇත.

මේ අතර E8 සහයෝගිතා වැඩසටහනට අදාළව හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මියට ඊයේ (20) දැනුම් දුන්නේය.

කෘෂිකාර්මික හා ධීවර සේවය සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විදේශගත කිරීමට ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර සිදු වූ සහයෝගිතා වැඩසටහනට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බව සඳහන් කරමින් පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා මනූෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම කැඳවූ අවස්ථාවේ දී මේ දැනුම් දීම කළේය.

බෙලිඅත්ත – මහනුවර දුම්රිය ගිනි ගනී.!

බෙලිඅත්ත – මහනුවර දුම්රිය ගිනි ගනී.!

අද (20) සවස එඬේරමුල්ල දුම්රිය ස්ථාන ආසන්නයේදී බෙලිඅත්ත සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ එන්ජිම ගිනි ගැනීමකට ලක්ව තඇති බව වාර්තා වේ.

මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත්තේ එහි හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් බව වාර්තා වේ.

මේ වනවිට ගින්න නිවා දමා ඇති නමුත් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බවද සඳහන්.

තෙල් ටැංකි ව්‍යාපෘතිය මගේ.. ආණ්ඩුව ලකුණු දාගන්න හදනවා.!

තෙල් ටැංකි ව්‍යාපෘතිය මගේ.. ආණ්ඩුව ලකුණු දාගන්න හදනවා.!

පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසන්නේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණ ව්‍යාපෘතිය, මින් වසර තුනකට පෙර තමන් බලශක්ති අමාත්‍යධූරය දරන සමයේ සම්පූර්ණ කල ව්‍යාපෘතියක් බවයි.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධ ගිවිසුම 2022 වසරේ දී තමා අත්සන් කළ බවත්, එම වකවානුවේදී ඊට දැඩිව බාධා කළේ ජාතික ජන බලවේගය බවත් ගම්මන්පිල මහතා පැවසීය.

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ආණ්ඩුවේ අළුත් ව්‍යාතියක් ලෙසින් ඉදිරිපත් කරන්නේ සිය පැරණි ව්‍යාපෘතියම බව ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසීය.

ඔහු මේ බව පැවසූවේ අද (20) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

“ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තිබෙන ටැංකි 99 ලංකාවේ තෙල් ගබඩා කිරීමේ අවශ්‍යතාවයට වඩා වැඩි බවත්, ඒ නිසා ටැංකි 24ක් පමණක් තෙල් සංස්ථාව තබාගෙන දැනට එල්අයිඕසි සමාගම භාවිත කරන ටැංකි 14 ඒ අයටම භාවිත කරන්න දීලා, ඉතිරි ටැංකි 61 ඉන්දියානු – ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපාරයක් විදියට සංවර්ධනය කරනවා කියලා ජනාධිපතිතුමා ඊයේ කටුකුරුන්දේ දී කිව්වා.. ඕක ජනාධිපතිතුමාට අමුතුවෙන් කරන්න දෙයක් නෑ..

මීට වසර 3කට කලින් අපි ඕක කරලා ඉවරයි.. මම 2020 දී බලශක්ති ඇමති ධූරය භාර ගන්නා විට තෙල් ටැංකි 99 ම 2002 සිට ඉන්දියාවට දීලා තිබුණේ.. එයින් ටැංකි 14ක් පමණක් එල්අයිඕසි සමාගම තෙල් ගබඩා කරන්න භාවිතා කළා.. ටැංකි දෙකක් ප්‍රීමා සමාගමට ජලය ගබඩා කරන්න දීලා තිබුණා.. ඉතිරි ටැංකි 83ම 1945 සිටම ඒ කියන්නේ අවුරුදු 75ක් ප්‍රයෝජනයට නොගෙන දිරාපත් වෙමින් තිබුණේ..

ඉන්දියාවත් එක්ක අවුරුද්දක් පුරා කේවල් කරලා එල්අයිඕසි සමාගම භාවිතා කරපු ටැංකි 14 ඒ අයට තවදුරටත් භාවිත කරන්න දීලා ඉතිරි ටැංකි සියල්ලම අපේ යටතට ගත්තා.. මේ ගිවිසුම අත්සන් කලේ 2022 ජනවාරි 6 දා.. 2022 දී “තෙල් ටැංකි යළි රටට” කියන මේ පොත මම ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවේ දී දුන්නා.. නිකමට වගේ මේ පොත කියෙව්වා නම් ඔහොම බොරු විදින්න පෙළෙඹෙන්නේ නෑ..

බොරුවෙන් බලයට ආවා වගේම බොරුවෙන් බලය පවත්වා ගන්නයි මාලිමා ආණ්ඩුව උත්සාහ කරන්නේ.. 2002 දී ඉන්දියාවට දීලා වසර 75ක් තිස්සේ දිරාපත් වෙමින් තිබුණු තෙල් ටැංකි සංකීර්ණය නැවත අපේ රටට අරගෙන සංවර්ධනය කරන්න කටයුතු කරන කොට මට ලොකුම බාධාව එල්ල කලේ මාලිමාව..”

මාස 4ට ලක්ෂ 8යි.. වයසට ඔරොත්තු නොදෙන ඒවත් තියෙනවලු.!

මාස 4ට ලක්ෂ 8යි.. වයසට ඔරොත්තු නොදෙන ඒවත් තියෙනවලු.!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාස 4ක කාලසීමාවක් තුළ හමුදා රෝහල හරහා ලක්ෂ 8ක් වටිනා බෙහෙත් නොමිලේ ලබාගෙන ඇති බවයි.

ඒ අතර හිටපු ජනපතිවරයාගේ වයසට ඔරොත්තු නොදෙන බෙහෙත් පවා පවතින බව ජනපතිවරයා පවසයි.

එම කණ්ඩායම් නැවත නැවත උත්සාහ කරමින් සිටින්නේ මහජන දේපොළ රිසි සේ පරිභෝජනය කිරීමට බවත් මේ වනවිට එම දේශපාලන සංස්කෘතිය අවසන් කර ඇති බවත් ජනපතිවරයා වැඩිදුරටත් පවසයි.

එමෙන්ම මෙම දේශපලන සංස්කෘතිය නිම කිරීම සඳහා තවත් බොහෝ දේ සිදුකිරීමට ඇති බවත් අනිවාර්‍යෙන්ම එය සිදුකරන බවත් ජනපතිවරයා අවධාරනය කර සිටියි.

ඇමති බිමල් හොරාට ගිටපු ගමනක් මිනිස්සු වීඩියෝ කරලා.!

ඇමති බිමල් හොරාට ගිටපු ගමනක් මිනිස්සු වීඩියෝ කරලා.!

ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (20) උදෑසන මොරටුව දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වන කාර්‍යාල දුම්රියේ නැගී සේවයට වාර්තා කර තිබේ.

අමාත්‍යවරයා මෙලෙස පෙර දැනුම්දීමකින් තොරව දුම්රියට නැග ඇත්තේ දුම්රිය සේවයේ ඇති සැබෑ ගැටළු හඳුනාගැනීමේ අරමුණින්.

මෙහිදී දුම්රිය මගීන් අමාත්‍යවරයා සමඟ සුහද කතා බහක නිරතවෙමින් ගමන් ගන්නා අයුරු මගීන් විසින් ජංගම දුරකථන හරහා රූගත කර සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුනි.

ගමන අතරවාරයේ ඇතැම් දුම්රිය ස්ථාන වලින් බැස දුම්රිය ස්ථාන නිරීක්ෂණය කිරීමටද අමාත්‍යවරයා කටයුතු කර තිබූ අතර අමාත්‍යවරයා ගමන් ගත් දුම්රිය පැමිණ තිබුනේ මිනිත්තු 13ක් ප්‍රමාදවී බව සඳහන්.

ගමන අතරතුර දුම්රියේ අපිරිසිදු ස්ථාන සහ විදුලි පංකා ක්‍රියාත්මක නොවීම ආදී කරුණුද අමාත්‍යවරයාගේ අවධානයට ලක්ව තිබේ.

අක්කර 600ක් වනසමින් ගල් ඔය බැම්ම කැඩී යයි.!

අක්කර 600ක් වනසමින් ගල් ඔය බැම්ම කැඩී යයි.!

දින කිහිපයක් පුරා අවධානමට ලක්ව තිබූ ගල් ඔයෙහි බැම්ම නේනකාඩු ප්‍රදේශයෙන් බිඳවැටී ඇත.

ඉන් ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දීඝවාපිය ජනපදය සතු කුඹුරු අක්කර 600ක් පමණ ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ.

නේනකාඩු ප්‍රදේශයේ ගල්ඔ යයි ඉවුරු වනසා වගා කටයුතු සිදු කිරීම හේතුවෙන් තමන්ට මෙම ඛේදවාචකයට මුහුණ පෑමට සිදු වූ බව ගම්වාසීන් චෝදනා කරයි.

කෙසේ වෙතත් ඉවුර කැඩීයාමෙන් ජීවිත හානි කිසිවක් නොමැත. 

We are happy to invite you.