Attention (Sinhala)

ඉසුරු සවියේ සිදුරු මතුවෙයි.. හිටපු ලේකම් මයාදුන්නේ CID භාරයට.!

ඉසුරු සවියේ සිදුරු මතුවෙයි.. හිටපු ලේකම් මයාදුන්නේ CID භාරයට.!

අද දහවල් (30) රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මායාදුන්නේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2011 වර්ෂයේ ජාත්‍යන්තර සමූපකාර දිනය සැමරීම වෙනුවෙන් කුරුණෑගල පවත්ව ඇති ‘ඉසුරු සවිය’ නමැති වැඩසටහන සඳහා රජයට අයත් සමූපකාර අරමුදලින් රුපියල් මිලියන 183ක් වැය කිරීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරෙමින් පවතිනවා.

එවන් පසුබිමක එකල රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු මායාදුන්නේ මහතාව විත්තිකරුවෙකු කර ඇති අතර නීතිපති විසින් අදාළ චෝදනා දණ්ඩනීති සංග්‍රහයේ 389 වගන්තිය ප්‍රකාරව ගොනු කිරීමෙන් අනතුරුවයි අද දිනයේ දී සැකකාර ලේකම්වරයා ව අත්අඩංගුවට ගැනුණේ.

ඇමරිකාව කම්පනය කළ ගුවන් අනතුරේ සිරුරු 18ක් හමුවෙයි.!

ඇමරිකාව කම්පනය කළ ගුවන් අනතුරේ සිරුරු 18ක් හමුවෙයි.!

විදෙස් මාධ්‍ය පවසන්නේ අමෙරිකානු මගී ප්‍රවාහන ගුවන් යානයක් සහ යුද්ධ හමුදාවේ බ්ලැක්හෝක් හෙලිකොප්ටර් යානයක් උඩුගුවනේ දී එකිනෙක ගැටී සිදු වූ අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ  පුද්ගලයින් 18 දෙනකුගේ සිරුරු සොයාගෙන ඇති බවයි.

විදෙස් මාධ්‍යවලට අනුව මෙලෙස අනතුරට ලක්ව තිබුණේ රේගන් ජාතික ගුවන්තොටුපොළට ගොඩබාමින් සිටි අමෙරිකන් ගුවන් සේවාවට අයත් මගී ප්‍රවාහන ගුවන්යානයකි.

අනතුරින් පසුව දෙකඩවූ ගුවන්යානය සහ, උඩුකුරුවූ හෙලිකොප්ටරය ගංගා ජලය මතට ඇදවැටී තිබුණි.

අමෙරිකානු බලධාරීන් පවසන්නේ කැන්සාස් හි සිට පැමිණි ගුවන් යානයේ මගීන් 60 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 64 දෙනෙක් සිට ඇති අතර, බ්ලැක්හෝව්ක් හෙලිකොප්ටරයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙක් ගමන් කරමින් සිටි බවය.

රාත්‍රී අඳුර සහ කලාපයේ පවතින දැඩි ශීතල හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් අසීරු වී තිබේ.

මේ අතර පවතින හදිසි අවදානම සලකා රේගන් ජාතික ගුවන්තොටුපොළ කටයුතු තාවකාලිකව මුළුමනින්ම අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම්.!

වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම්.!

පසුගිය සමයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බාල ඖෂධ වංචාව ඇතුළු සෞඛ්‍ය සේවයේ බරපතළ වංචා දූෂණ ගණනාවක්ම දිගින් දිගටම අනාවරණය කිරීමට මූලික වූ වෛද්‍ය චමල් සංජීව මහතාගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඔහු පසුගිය මහමැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය යටතේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු වශයෙන්ද තරග කළේය.

ඔහු මෙම වැඩ තහනමට ලක්ව ඇත්තේ ආයතන සංග්‍රහය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව විසින් කරන ලද විමර්ශනයක දී හෙළි වීමෙන් පසුවයි.

මෙවර පුනරුදයේ නිදහස් සැමරුම සැබෑ අරුතකින්.!

මෙවර පුනරුදයේ නිදහස් සැමරුම සැබෑ අරුතකින්.!

“ජාතික පුනරුදයට පෙළගැසෙමු”යන තේමාව යටතේ පැවැත්වෙන 77 වන නිදහස් දින සැමරම් උත්සවය ⁣පෙබරවාරි 04 වන දින නිදහස් චතුරස්‍රය පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබේරත්න මහතා මේ බව සඳහන් කළේය.

මෙවර නිදහස් දින සැමරුම් පෙළපාලියේ සංයුතිය යම් වෙනසක් සිදුකර ඇති බව මාධ්‍ය හමුවට එක්වූ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල්  (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා සඳහන් කළේය.

ඒ අනුව මෙවර හමුදා පෙළපාලි සඳහා සහභාගීවන සාමාජිකයින් ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව 50%කින් පමණ අඩුකර ඇති බවද ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

එමෙන්ම මෙවර නිදහස් දින සැමරුමට ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ යොදා නොගන්නා බව ද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර නාවික හමුදාව විසින් සාම්ප්‍රදායික වෙඩිමුර 25ක් පැවැත්වීමට නියමිත බවත් පැවසු ආරක්ෂා ලේකම්වරයා ගිය වර භාවිත කළ ගුවන් යානා 19න් මෙවර ගුවන් යානා 3ක් පමණක් නිදහස් දින සැමරුම වෙනුවෙන් යොදාගන්නා බව සඳහන් කළේය.

වරප්‍රසාද කැපීම හබහ්.? ව්‍යවස්ථා සංශෝධනයක් ඉල්ලයි.!

වරප්‍රසාද කැපීම හබහ්.? ව්‍යවස්ථා සංශෝධනයක් ඉල්ලයි.!

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ කපා හැරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුවේ නිරීක්ෂණයන්ට අනුව ඊට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බාධාවක් වන බව හඳුනාගෙන ඇතැයි ආරංචි මාර්ග පවසයි.

ජනධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රජයේ වියදම් සීමා කිරීම අරමුණු කරගනිමින් සිය මැතිවරණ ව්‍යාපාරය අතරතුර ලබාදුන් පොරොන්දුවක් පරිදි හිටපු මන්ත්‍රීවරුන්ට සහ ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්‍රසාද සහ ප්‍රතිලාභ කප්පාදු කිරීම සඳහා ඇති හැකියාව සොයා බැලීමට කමිටුවක් පත් කළේය.

ඒ අනුව එම කමිටුව විසින් සිදුකළ නිරීක්ෂණයන්ගෙන් පසු හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති විශ්‍රාම වැටුප ඇතුළු ප්‍රතිලාභ කීපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව කපා හැරීමට හෝ අහෝසි කිරීමට නොහැකි බව හඳුනාගෙන ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36(2) උප වගන්තිය යටතේ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු එම ධූර දරන තැනැත්තාට පාර්ලිමේන්තුව විසින් තීරණය කරනු ලබන වැටුප් හා දීමනා සහ ඉන් අනතුරුව විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම් ඇත්තේය.

පසුව මෙම ව්‍යවස්ථාවට කරනු ලබන සංශෝධනයක්, මෙම ව්‍යවස්ථාව පරිච්චින්න කිරීමක් නැතහොත් ප්‍රතියෝජනය කිරීමක් සහ මෙම ව්‍යවස්ථාවට අනනුකූලවන පසුව පනවනු ලැබූ යම් නීතියක් හෝ ඒ නීතියක යම් විධිවිධානයක් අතීතයට බලනොපාන බවද එහි දැක්වේ.

අත්අඩංගුවට පත් මන්ත්‍රී අර්ච්චුනා අඩියක් පස්සට ගනී.!

අත්අඩංගුවට පත් මන්ත්‍රී අර්ච්චුනා අඩියක් පස්සට ගනී.!

විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (29) පස්වරුවේ අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා දේශපාලනයේ වැඩි කාලයක් රැඳී සිටීමට තමා බලාපොරොත්තු නොවන බව පවසා තිබේ.

එලෙස ඊයේ දිනයේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කර මන්ත්‍රීවරයා මේ වනවිට ඇප මත මුදාහැර සිටියි.

පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, තමා වෛද්‍යවරයෙකු බවත් අතීතයේ සිට දේශපාලනයට ඇලුම් නොකර අයෙකු බවත් ය.

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ ජනතාව වෙනුවෙන් වුවත් තමා අකමැතිම කේෂ්ත්‍රය දේශපාලනය බව ද ඔහු පැවසීය.

“මම දේශපාලනයට ඇත්තටම කැමති නෑ. අවුරුදු 38ක් මම කවදාවත් ඡන්දේ දීලා නෑ.  දැන් ඇත්තටම ආවේ මිනිස්සු වෙනුවෙන්. ඒ නිසා වැඩිදුරටක් ඉන්නේ නෑ. දේශපාලනය මම කැමතිම නැති කේෂ්ත්‍රයක්. හැබැයි ඉන්න කාලයක් මම කෙලින් ඉන්නවා.”

සභාපති නැගිට ගිය පුටුවේ ලේකම් වාඩිවෙයි.!

සභාපති නැගිට ගිය පුටුවේ ලේකම් වාඩිවෙයි.!

ජාතික ජනබලවේගය බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංගම සභාපති ධුරයට පත් රමාල් සිරිවර්ධන මහතා සිය පෞද්ගලික හේතුවක් මත එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

හිටපු සභාපතිව සිටි රමාල් සිරිවර්ධන මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු එම තනතුරේ වැඩ බැලීම සදහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා මහතා මේ වනවිට පත් කර තිබේ.

පාර්ලිමේන්තුව වටේ අභිසාරිකාවෝ අල්ලයි.!

පාර්ලිමේන්තුව වටේ අභිසාරිකාවෝ අල්ලයි.!

තලංගම පොලිසිය පවසන්නේ ඊයේ (29) දින පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී පිළිගත් ආයුර්වේද සම්බාහන ආයතන මුවාවෙන් පවත්වාගෙන ගිය මුදලට කාන්තාවන් සපයන ස්ථාන හයක් වටලා කාන්තාවන් විසි දෙනෙකු ඇතුළු පුද්ගලයන් 33 ක් අත්අඩංගුවට ගත් බවයි.

එහිදී, එම සම්බාන ආයතන වල රැඳී සිටි සිටි පිරිමි පුද්ගලයන් තිදෙනෙකුද අත්අඩංගුවටගෙන තිබේ.

අත්අඩංගුවට පත් පිරිස අතර විවෘත වරෙන්තු ලද පුද්ගලයන් තිදෙනෙක්, සැකපිට පුද්ගලයන් සිව් දෙනෙක්, නීති විරෝධී මත්පැන් සමග පුද්ගලයෙක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් මෙන්මතීරු බදු රහිතව ආනය කරනරන ලද දුම් වැටි 1425ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක්ද ද වන බව පොලිසිය සඳහන් කරයි .

දක්ෂ පලපුරුදු ආයුර්වේද වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයකින් සැදුම්ලත් රජයේ ලියාපදිංචි සම්බාහන ආයතන බවට නීති විරෝධී අකාරයෙන් දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කර පාරිභෝගිකයන් මුලා කර පාර්ලිමේන්තු සංකීර්ණය අවට ප්‍රදේශවල දිනෙන් දින ආරම්භ කර තිබෙන සම්බාහන ආයතන හා සැකකටයුතු ස්ථාන සම්බන්ධයෙන් සිදු කළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

ජනපති අනුර වෘත්තීය සමිති සමඟ මුහුනට මුහුන.!

ජනපති අනුර වෘත්තීය සමිති සමඟ මුහුනට මුහුන.!

ඊයේ (29) අරලියගහ මන්දිරයේදී වෘත්තීය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින් සහ ජනපතිවරයා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී වත්මන් රජයේ ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව සහ ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට සිදුවන සහන පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව වාර්තා වේ.

එමෙන්ම ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට සහන ලබාදීම වෙනුවට මුලික වැටුප වැඩිකිරීම සම්බන්ධයෙන්ද ජනපතිවරයාගේ අවධානය යොමුවූ බව සඳහන්.

ගෑස් සහනයක් දෙන්න ලාෆ් කතාකරයි.!

ගෑස් සහනයක් දෙන්න ලාෆ් කතාකරයි.!

ලාෆ්ස් ගෑස් සමාගම පවසන්නේ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලෙහි උච්ඡාවචනයක් සිදුවුවත් පෙබරවාරි මාසයේ පාරිභෝගික ජනතාවට ලබාදීය හැකි උපරිම සහනය ලබදීමට පියවර ගන්නා බවයි.

සමාගමේ ඉහළ කළමනාකාරීත්වය සමග සාකච්ඡා කර තීරණයක් ගැනීමට බලාපොරොත්තුවන බව එහි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ.පීරිස් මහතා පවසයි.

“ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් තවම නිකුත් වෙලා නෑ. එහෙම නිකුත් වුණාට පස්සේ අපි ආයතනයක් හැටියට ඉහළ කළමනාකාරීත්වය එක්ක එකතුවෙලා පාරිභෝගිකයින්ට ලබාදෙන්න පුළුවන් උපරිම සහනදායි මිල අපි අනිවාර්යයෙන්ම ලබාදෙනවා.

ජනවාරි මාසයේ ලෝක වෙළෙඳපොළේ මිල ගණන්ම තියෙයි කියලා අනුමානයෙන් අපි ඉන්නේ. සමහර විට ඒක වෙනස් වෙන්න පුළුවන් අවසන් දින කිහිපය තුළ. ඒ නිසා පෙබරවාරි ගෑස් මිල ගැන දැන්මම කියන්න අමාරුයි.”

We are happy to invite you.