Local news (Sinhala)

එළ⁣ඹෙන 22 වැනිදා ගැන මහ බැංකුවෙන් නිවේදනයක්.!

එළ⁣ඹෙන 22 වැනිදා ගැන මහ බැංකුවෙන් නිවේදනයක්.!

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, රුපියල් මිලියන එක්ලක්ෂ පනස් පන් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ජනවාරි (22) වනදා පවත්වන බවයි.

දින 91න් කල් පිරෙන රුපියල් මිලියන 35,000ක භාණ්ඩාගාර බිල්පත්, දින 182න් කල් පිරෙන රුපියල් මිලියන 50,000ක භාණ්ඩාගාර බිල්පත් සහ දින 364න් කල් පිරෙන රුපියල් මිලියන 70,000ක භාණ්ඩාගාර බිල්පත් ‌එදින ‌වෙන්දේසි කිරීමට නියමිතය.

මෙම වෙන්දේසිය සදහා ලංසු භාර ගැනීම ජනවාරි (22) වනදා දහවල් 11.00 දක්වා සිදුකෙරෙන බවත් ලංසුවක් සදහා අවම මුදල රුපියල් මිලියන පහක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

මෙම භාණ්ඩාගාර බිල්පත් සදහා ගෙවීම් ජනවාරි (24) වනදා සිදුකිරීමට නියමිතය.

දුම්රිය ධාවනයත් මග නවතී.!

දුම්රිය ධාවනයත් මග නවතී.!

අද (19) දින දුම්රිය රියදුරු සේවා වාරවලට වාර්ථා නොකිරීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 28ක් අවලංගු කර ඇත.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ 16ක් ද, මුහුදුබඩ මාර්ගයේ ගමන් වාර 8ක්, පුත්තලම් මාර්ගයේ ගමන් වාර 4ක් අවලංගු කර ඇත.

කෙසේ වෙතත් අද දින පස්වරුව වන විට අවලංගු වන ගමන්වාර සංඛ්‍යාව ඉහළ යනු ඇති බව දුම්රිය වෘත්තය සමිති සදහන් කරයි.

එහෙත් දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ, දුම්රිය ගමන්වාර අවලංගුවීම අද සවස 3.00න් පසුව යථා තත්ත්වයට පත් කිරීමට හැකි බවයි.

අතිරික්තය 997යි.. අතිකාලය 632යි.. වරාය හමාර කළේ මෙහෙමයි.!

අතිරික්තය 997යි.. අතිකාලය 632යි.. වරාය හමාර කළේ මෙහෙමයි.!

ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාව අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සේවක අතිරික්තයක් පැවැති අංශවල සේවකයන් සඳහා 2023 වර්ෂයේ දී අතිකාල දීමනා වශයෙන් රුපියල් දෙසීය අනූ දෙකෝටි, හය ලක්ෂ හැත්තෑනම දහස් දෙසිය අසූ අටක මුදලක් (2,920,679,288) ගෙවා ඇති බව සඳහන් වේ.

එමෙන්ම රුපියල් හයසිය තිස්එක් කෝටි, අනූනම ලක්ෂ හතළිස් හය දහස් හයසිය අසූ එකක් (6,361,046,681) ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් 2023 වර්ෂයේ දී සමස්ත අතිකාල දීමනාව ලෙස අධිකාරියේ සේවකයන් සඳහා ගෙවා ඇති අතර වරාය අධිකාරියේ මෙහෙයුම් කටයුතු සඳහා සෘජුවම සම්බන්ධතාවයක් නොදක්වන අංශ හතක සේවකයන් 187 දෙනකුගේ අතිරික්තයක් පැවැති බවද එම විගණන වාර්තාවේ දැක්වේ.

එමෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොට්ඨාස 35 මගින් ඉදිරිපත් කරනු ලැබූ කාර්යමණ්ඩල තොරතුරු අනුව තනතුරු 187කට අදාළව අනුමත කාර්යමණ්ඩලය ඉක්මවා සේවකයන් 997 දෙනකු සේවයේ යොදවා ඇති බව වැඩිදුරටත් සඳහන්.

බස් දෙකක් මුහුණට මුහුණ ගැටෙයි.. විශාල පිරිසක් රෝහලේ.!

බස් දෙකක් මුහුණට මුහුණ ගැටෙයි.. විශාල පිරිසක් රෝහලේ.!

බස් රථ දෙකක් මාතර – තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර තලල්ල ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් සිදුව ඇත.

ඇඹිලිපිටිය සිට මාතර දක්වා සහ මාතර සිට තංගල්ල දක්වා ධාවනය වූ බස් රථ දෙකක් මෙලෙස අනතුරට පත්ව ඇති අතර අනතුරින් පුද්ගලයින් 35කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

එම තුවාලකරුවන් අතුරින් 29 දෙනෙකු ගන්දර රෝහලට සහ තවත් පුද්ගලයින් 6 දෙනෙකු මාතර රෝහලටත් මේ වනවිට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

ලැසිස්තුවේ 63යි අතේ 4යි.. දැනට එපමණයි, මනතුංග මහතා කියයි.!

ලැසිස්තුවේ 63යි අතේ 4යි.. දැනට එපමණයි, මනතුංග මහතා කියයි.!

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා දිවයින ඉරිදා පුවත්පතට ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ පොලිසියට අවශ්‍ය ප්‍රධාන පෙළේ අපරාධකරුවන් හතර දෙනකු (පොඩි ලැසීට අමතරව) ජාත්‍යන්තර පොලිසිය මගින් ඩුබායි සහ තවත් රටවල් තුනකදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ආරක්ෂක හේතුන් මත එම සැකකරුවන් නම් ගම් හෙළිකිරීමට නොහැකි බවද ද මනතුංග මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ, ශ්‍රී ලංකාවේ සිට පිටරටවලට පැනගිය අපරාධකරුවන්ගේ නම් ලැයිස්තුව ජාත්‍යන්තර පොලිසියට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් අල්ලා ගැනීමේ මෙහෙයුම් ජාත්‍යන්තර පොලිසිය අදාළ රටවල් සමඟ ඒකාබද්ධව දිගින් දිගටම සිදුකරගෙන යන බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා අපරාධකරුවන් 63 දෙනකුට ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදන නිකුත්කර ඇති බවද ඔහු පවසයි.

මහජන සේවය බල්ලට දමා සල්ලි පැටව් ගස්සලා.. පළාත් පාලනයේ කෙරුවාව මෙන්න.!

මහජන සේවය බල්ලට දමා සල්ලි පැටව් ගස්සලා.. පළාත් පාලනයේ කෙරුවාව මෙන්න.!

පළාත් පාලන ආයතන විසින් රුපියල් මිලියන 26,726ක මුදලක් ස්ථාවර තැන්පතු හා වෙනත් තැන්පතුවල ආයෝජනය කර ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික විගණන වාර්තාව මගින් පෙන්වාදී ඇත.

ඒ එම ආයතනවලට පැවරී ඇති මහජන සෞඛ්‍ය, පොදු උපයෝගි සේවා, පොදු මංමාවත් පිළිබඳ කටයුතු සහ ජනතා සුබසාධන වැනි සේවාවන් නිසි පරිදි ඉටුකර නොමැති පසුබිමකයි.

අයවැය හා පරිපූරක ඇස්තමේන්තු නිවැරදිව පිළියෙළ නොකිරීම නිසා පළාත් පාලන ආයතන බොහොමයක ඉතිරි වී ඇති ප්‍රතිපාදන ආදායම් ඉපයීමේ අරමුණ ඇතිව ආයෝජනය කර ඇති බවට අනාවරණය වී ඇත.

ඒ අනුව මෙරට මහා නගර සභාව විසින් රුපියල් මිලියන 12,479ක මුදලක්, නගර සභා විසින් රුපියල් මිලියන 2,716 ක මුදලක් හා ප්‍රාදේශීය සභා විසින් රුපියල් මිලියන 11531ක මුදලක් ආයෝජනය කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් ජාතික විගණන කාර්යාලය පෙන්වාදී ඇත්තේ මහජන සුබසාධනයන් නිසි පරිදි ඉටුනොකර පළාත් පාලන ආයතනවල ඇති අරමුදල් ස්ථාවර තැන්පතු ලෙස පවත්වා ගෙන යෑම ගැටලුකාරී තත්ත්වයක් බවයි.

ප්‍රදේශ රැසකට ගංවතුර.. අනතුරු අඟවයි.!

ප්‍රදේශ රැසකට ගංවතුර.. අනතුරු අඟවයි.!

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් සම්බන්ධව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මුන්දෙනි ආරු ද්‍රෝණියේ අම්පාර දිස්ත්‍රික්කයේ මහ ඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර්පත්තු හා කොරලෙයිපත්තු යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මුන්දෙනි ආශ්‍රිත පහත් බිම් සදහා ඉදිරි පැය 24 දක්වා කාලය තුළ සුළු ගංවතුර තත්ත්යක් පැවතීමේ අවධානමක් ඇති බවද සදහන් කරයි.

අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කයන් හී ඇතැම් ප්‍රදේශවලට ඊයේ (18) දින රාත්‍රියේ සිට ලැබෙන වර්ෂාපතනය හේතුවෙන් මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.

ගංවතුර අවධානම් නිකුත් වෙයි.. ජනතව අවදියෙන් සිටින්න.!

ගංවතුර අවධානම් නිකුත් වෙයි.. ජනතව අවදියෙන් සිටින්න.!

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ මල්වතු ඔය ද්‍රෝණියේ ඉහළ හා පහළ ප්‍රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් පහල ධාරා ප්‍රදේශයේ තන්තිරිමලේ සිට පහළ ප්‍රදේශවල ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බවයි.

එම හේතුවෙන් ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල පිහිටි වෙන්ගලචෙඩ්ඩිකුලම්, මඩු, මුසාලෛ, නැනඩ්ඩාන් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, එම ප්‍රදේශවල පදිංචි මහජනතාවට සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

තප්පර 42න් ඇල්ල ඔඩිසිය මිලට ගත් විශ්මකර්මයා අල්ලයි.!

තප්පර 42න් ඇල්ල ඔඩිසිය මිලට ගත් විශ්මකර්මයා අල්ලයි.!

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පසුගියදා ඇල්ල බලා ධාවනය වන ඇල්ල ඔඩිසි දුම්රියේ ප්‍රවේශ පත්‍ර සියල්ල තත්ත්පර 42 ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ දී අලෙවි වීම සම්බන්ධයෙන් වූ ජාවාරමක තතු හෙළි කළ අතර ඒ සම්බන්ධයෙන් පොලීසියටද විමර්ශණ ආරම්භ කරනා ලෙස දැනුම්දුන්නේය.

ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයෙන්, මෙම දුම්රිය ප්‍රවේශ පත් වංචාවට සම්බන්ධ එක් ප්‍රධාන සැකකරුවකු හදුනා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවට හැකි වී තිබේ.

අදාල සැකකරු මාකුඹුර දුම්රිය ස්ථානයේ නිළධාරියෙකු බව වාර්තා වේ.

ඔහුගේ ඥාතියෙකුගේ නමින් ඔන්ලයින් දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කරන පෞද්ගලික ආයතනයක් ආරම්භ කර තිබෙන මෙම දුම්රිය නිළධාරියා, ඒ මගින් ඔහු සියලු දුම්රිය ප්‍රවේශ පත්‍ර තාක්ෂණික ක්‍රමවේදයක් හරහා වෙන්කර ගැනීම සිදු කර ඇත.

පසුව එම දුම්රිය ප්‍රවේශ පත්‍ර ඔහුට සම්බන්ධ එම ආයතනය හරහා වැඩි මිලකට අලෙවි කිරීම ඔහුගේ ජාවාරම වන අතර එහිදී 1200 ප්‍රවේශ පත්‍රය රුපියල් 16000ක් වැනි අධික මිලකට විදේශිකයන්ට විකුණා ඇති බව දැනගන්නට තිබේ.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ මූලිකත්වයෙන් මෙම වංචාව හසුකර ගැනීම සදහා කටයුතු කරන ලද අතර මේ වන විට අදාල නිළධාරියාගේ සේවය අත්හිටුවා ඇති බව වාර්තා වේ. 

ඇමති නාමල් ගොවීන් පුදුම කරවයි.. රජයට වී දුන්නොත් වැඩිපුර මුදලක් අතට.!

ඇමති නාමල් ගොවීන් පුදුම කරවයි.. රජයට වී දුන්නොත් වැඩිපුර මුදලක් අතට.!

දිවයින පුරා පිහිටි රජයේ වී ගබඩා සදහා වී තොග ගෙනවිත් භාරදෙන ගොවීන්ට සහතික මිලට අමතරව වී කිලෝවක් සදහා තවත් රුපියල් 2ක මුදලක් ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සදහන් කරයි.

යම් වී ප්‍රමාණයක් රජයේ ගබඩා සදහා ගෙනවිත් භාරදෙන ලෙසත් ඇතැම් දිස්ත්‍රික්කවල වී මිලදී ගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සදහන් කරයි.

වී සදහා සහතික මිලක් නියම කිරීමට බලාපොරොත්තු වන බවත් තවත් සති දෙකක් ඇතුලත සහල් ගැටලුව සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සදහන් කරයි.

ඇඹිලිපිටිය වී ගබඩා සංකීරණයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.

We are happy to invite you.