Local news (Sinhala)

නිහඬ ත්‍රස්තවාදයක් මට්ටු කරමින් Clean Sri Lanka මුල් ඵල‍ය දරයි.!

නිහඬ ත්‍රස්තවාදයක් මට්ටු කරමින් Clean Sri Lanka මුල් ඵල‍ය දරයි.!

‘නව රජයේ වැඩපිළිවෙල සමග පොලීසියේ කාර්යභාරය’ යන තේමාව යටතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමවුකට එක්වෙමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ, Clean Sri Lanka වැඩසටහනට සමගාමීව පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම හරහා රථ වාහන අනතුරුවලින් දිනකට මියයන පුද්ගලයින් ගණන අඩුකර ගැනීමට හැකි වූ බවයි.

මාර්ග විනය පවත්වාගෙන යෑම අතිශය වැදගත් බවත් මෙය නොපෙනෙන ත්‍රස්තවාදයක් බවත් වැඩබලන පොලිස්පතිවරයා එහිදී සඳහන් කළේය.

එම වැඩසටහනට පෙර රිය අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයින් 9කට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය බවත් එම ප්‍රමාණය 4 සිට 2ක දක්වා අඩු කරහැනීමට මේ වනවිට හැකියාව ලැබී ඇතැයි ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

පොලිස් සංක්‍යා දත්ත අනුව දිනකට පුද්ගලයින් 10 – 15ත් අතර පිරිසක් රිය අනතුරු හේතුවෙන් සදාකාලිකව ආබාධිත තත්ත්වයට පත්වෙන බවත්, යුද සමයේ දිනකට ආබාධිතවූ පිරිසට වඩා එය වැඩි ප්‍රමාණයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම ඉතිහාසයේ පළමු වතාවට පසුගිය දෙසැම්බර් 25 වන නත්තල් දිනයේ දී කිසිදු රිය අනතුරක් වාර්තා නොවූ අතර එය සුවිශේෂි අවස්ථාවක් බවද වැඩබලන පොලිස්පතිවරයා සිහිපත් කළේය.

විදුලි ගාස්තු අඩුකරයි.! [Breaking News]

විදුලි ගාස්තු අඩුකරයි.! [Breaking News]

අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තුව 20%ක ප්‍රතිශතයකින් විදුලි ගාස්තුව අඩු කිරීමට පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කරමින් මේ බව දැනුම්දී තිබේ.

එහිදී 0-30ත් අතර පැවැති ගෘහස්ථ කාණ්ඩය යටතේ පැවැති ඒකක ගාස්තුව රුපියල් 6 සිට 4 දක්වාත් 31-60ත් අතර පැවැති ඒකක ගාස්තුව රුපියල් 9 සිට 6ක් දක්වාත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. 

අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන මෙම විදුලි ගාස්තු සශෝධනයට අනුව ගෘහස්ත අංශය සදහා සියයට 20 කින් විදුලි ගාස්තු අඩු වන අතර ආගමික සිද්ධස්ථාන හා පුණ්‍යාතන සදහා සියයට 21%කින් විදුලි ගාස්තු අඩු කර ඇත.

හෝටල් සදහා 31%කින් ද කර්මාන්ත කාණ්ඩය සදහා 30%කින්ද විදුලි ගාස්තු අඩු කර ඇති අතර පොදුකාර්ය කාණ්ඩය සදහා විදුලි ගාස්තු 12%කින් අඩුකර ඇත. 

රාජ්‍ය ආයතන සදහා 11%කින්ද වීථි ලාම්පු සදහා 11% කින්ද ගාස්තු අඩු කිරීමටද පියවර ගෙන තිබේ.

මාස හයක් බලා ඉන්න බෑ.. කඩිනම් ක්‍රමවේදයක් අවශ්‍යයි.!

මාස හයක් බලා ඉන්න බෑ.. කඩිනම් ක්‍රමවේදයක් අවශ්‍යයි.!

භාවිත කිරීමට නියමිත නව තාක්ෂණික සැකසුම සකස් කර අවසන් කිරීමට මාස 06ක දීර්ඝ කාලයක් ගත වීම ජනතාවට කරන බරපතළ ආසාධාරණයක් වන බැවින් ඒ වෙනුවට වෙනත් ක්‍රමවේදයක් යොදාගෙන අස්වැසුම වැඩසටහනට ප්‍රතිලාභීන් තෝරාගත යුතු බව මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල සදහන් කරයි.

අස්වැසුම වැඩසටහන සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තොරතුරු ඉදිරිපත් කළ අවස්ථාවේදී අනාවරණය වූයේ ග්‍රාම නිලධාරීන්ගේ සහභාගිත්වය නොලැබීම සහ ප්‍රතිලාභීන් තෝරා ගැනීම සදහා නව තාක්ෂණික වැඩසටහනක් සැකසීමට මාස 06ක් වැනි දීර්ඝ කාලයක් ගත වීම හේතුවෙන් ප්‍රතිලාභීන් තෝරා ගැනීම ගැටලුවක් වී තිබෙන බවය.

මේ වනවිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ අස්වැසුම නොලැබුණු 98,126 කගේ දුක්ගැනවිලි ලැබී ඇති බවත් රජයේ නිර්ණායක අනුව යොදාගෙන තිබූ දත්තවලට අනුව ප්‍රතිලාභ ලැබිය යුතුම පුද්ගලයන් ඇතුළත් නොවී සුදුසුකම් සපුරා නැති පුද්ගලයන් ප්‍රතිලාභීන් හැටියට අස්වැසුම වැඩසටහනට ඇතුළත්ව සිටීම බරපතළ ගැටලුවක් බවද අමාත්‍ය ආනන්ද විජේපාල සදහන් කරයි.

කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අමාත්‍ය ආනන්ද විජේපාල මේ බව සදහන් කරයි.

පාන් ගෙඩියක් රුපියල් 100ට දෙන්න පුළුවන්.. ඇමති වසන්තට කියයි.!

පාන් ගෙඩියක් රුපියල් 100ට දෙන්න පුළුවන්.. ඇමති වසන්තට කියයි.!

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 25කින් අඩු කිරීමට කටයුතු කරන්නේ නම් පාන් රාත්තලක් රුපියල් 100කට පාරිභෝගික ජනතාවට ලබාදීමට හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ නියෝජිතයෝ සදහන් කරයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ නියෝජිතයෝ විසින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ සමඟ එම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී මේ බව දැනුම් දෙයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන ඇතුළු බේකරි හිමියෝ පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි විය.

ඩොලරයේ මිල අඩු වුවත් තවමත් තිරිඟු පිටි කිලෝවක් මිලදී ගැනීමට සිදුවී ඇත්තේ රුපියල් 190කට බවත් ලෝක වෙළෙඳ පොළේ මාගරින් කිලෝවක මිල රුපියල් 400ක් වුවද, මෙරට වෙළෙඳ පොළේ මාගරින් කිලෝවක් රුපියල් 900කට අලෙවි කරන බවද බේකරි හිමියෝ ඇමැතිවරයාට පෙන්වා දුන්හ.

තිරිඟු පිටි ආනයනයේදී කිලෝවකට අය කරන රුපියල් 45ක බද්ද අඩු කර ඕනෑම අයකුට තිරිඟු පිටි ආනයනය කළ හැකි පරිදි අවස්ථාව ලබා දෙන්නේ නම් සමාගම්වල ඒකාධිකාරය බිඳ වැටෙන බවද බේකරි හිමියෝ ඇමැතිවරයා හමුවේ කියා සිටියහ.

හොරා පොලිස් සෙල්ලම් මඩින්න මහජනතාවට අවස්ථවක්.!

හොරා පොලිස් සෙල්ලම් මඩින්න මහජනතාවට අවස්ථවක්.!

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ පොලිස් නිලධාරීන් විසින් කරනු ලබන වංචාවන්, අල්ලස් ලබා ගැනීම් සහ අකටයුතුකම් පිළිබඳව දැනුම් දීමට නව දුරකතන අංකයක් හඳුන්වා දී ඇති බවයි.

ඒ අනුව 1997 දුරකතන අංකය ඔස්සේ මහජනතාවට එම පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පවසන්නේ මෙම තොරතුරු ලබාදීමේ දුරකථන මාර්ගය පැය 24 පුරා ක්‍රියාත්මක කර ඇති බවයි.

රට හදන තැන කැත කළ උන්ට කථානායකගෙන් පාඩමක්.!

රට හදන තැන කැත කළ උන්ට කථානායකගෙන් පාඩමක්.!

නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන්නේ පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසනයන් සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙකු සේවයෙන් පහකර ඇති බවයි.

අදියර කිහිපයක් යටතේ සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම සේවකයින් තිදෙනා වැරදිකරුවන් ලෙස තහවුරු වූ බව එම නිවේදනයෙ වැඩිදුරටත් සඳහන් වේ.

එම විමර්ශනවලින් අනතුරුව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියගේ නිර්දේශ මත එම සේවකයින් තිදෙන‍ා සේවයෙන් පහ කිරීම සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අනුමැතිය ‍ලබාදී තිබේ.

“හිරු මාධ්‍යට අත නොතබනු” තැපෑල වර්ජනයකට සැරසෙයි.!

“හිරු මාධ්‍යට අත නොතබනු” තැපෑල වර්ජනයකට සැරසෙයි.!

තැපැල් දෙපාර්තමේන්තුව තුළ මතුව ඇති ගැටලුවලට විසඳුම් ජනවාරි 19 වැනිදාට ප්‍රථම ලබා නොදෙන්නේ නම් දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

එහි සම කැඳවුම්කරු චින්තක බන්ඩාර මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ ආණ්ඩුව පත්වීමට පෙර ලබාදුන් පොරොන්දු අනුව සේවක වැටුප් වැඩිකිරීම් මෙවර අයවැයෙන් ලබාදෙනු ඇති බවට විශ්වාස කරනා බවත් එසේ නොවේ නම් ආන්ඩුව සමඟ ඉදිරියට ගැටළු ඇතිවිය හැකි බවත් ය.

එහිදී වැඩිදුරත් අදහස් දැක්වූ සම කැඳවුම්කරු සරත් ශාන්තප්‍රිය පැවසූවේ ආණ්ඩුව සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබූ පොරොන්දු ඉටු නොකිරීම නිසා එම තොරතුරු ජනතාවට ලබාදෙන හිරු වැනි මාධ්‍ය ආයතන මර්දනයක් ක්‍රියාත්මක කර ඇති බවයි.

“ක්ලීන් ශ්‍රී ලංකා” මහ පාරට කුණු දැම්මොත් අත්අඩංගුවට.!

“ක්ලීන් ශ්‍රී ලංකා” මහ පාරට කුණු දැම්මොත් අත්අඩංගුවට.!

දේශීය සංචාරකයන් සහ ප්‍රදේශ වාසීන් හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයට කැළි කසළ බැහැර කළහොත් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේන සදහන් කරයි.

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව හැටන් පොලිසිය, හැටන් දික්ඔය නගර සභාව, හැටන් වැවිලි සමාගමට අයත් ෂැනන් වතුයායේ වතුපාලන අධිකාරි සහ කාර්ය මණ්ඩලය එක්ව එම මාර්ගය දෙපස සංචාරකයන්, ප්‍රදේශ වාසීන් සහ මගීන් විසින් බැහැර කර තිබූ කැළි කසළ ඉවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කළේය.

මෙම වැඩසටහනට සමගාමීව එම මාර්ගයේ ගමන් ගත් සංචාරකයන් සහ මගීන් දැනුවත් කිරීමට පොලිස් නිලධාරින් කටයුතු කර ඇත.

මාර්ගයේ ගමන් කරන සංචාරකයන්ට කැළිකසළ බැහැර කිරීම සදහා හැටන් වැවිලි සමාගමේ ෂැනන් වතුයායේ වතු අධිකාරි විහඟ පැතුම් කැළි කසළ බැහැර කිරිමේ බඳුන් කිහිපයක්ද මාර්ගය අසල ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇත.

දුමින්ද සිල්වාට නැවතත් මාරුවීමක්.!

දුමින්ද සිල්වාට නැවතත් මාරුවීමක්.!

ඊයේ දින (16) ආර්. දුමින්ද සිල්වා සිරකරු වෛද්‍ය නිර්දෙශයන්ට අනුව වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිර මැදිරියක් වෙත ඇතුළත් කර ඇති අතර ඊට ආදල කරුණු හා එම වාට්ටුවේ ඡායාරූප මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශ) ගාමිණී බී. දිසානායක මහතා පවසන්නේ, වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලැබූ ආර්.දුමින්ද සිල්වා සිරකරු සඳහා සුවි‌ශේෂී පහසුකම් බන්ධනාගාර රෝහල තුළ ලබාදී ඇති බව හුවා දක්වමින් මෑතක සිට බන්ධනාගාර දෙපාර්තමේන්තුව අපකීර්තියකට පත්වන ආකාරයට කිසියම් කණ්ඩායමක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් මුදා හරිමින් සිටින බවයි.

බන්ධනාගාරය තුළ රෝගී වන සෑම රැඳවියෙකුම බන්ධනාගාර වෛද්‍යවරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය නිදේශයන්ට අනුව එම රැඳවියා නේවාසික ප්‍රථිකාර සඳහා බන්ධනාගාර රෝහල වෙත යොමු කරන්නේද, නොකරන්නේද යන්න තීරණය කරන බවත් රෝගියා වැඩිදුර ප්‍රථිකාර සඳහා රජයේ රෝහලක් වෙත යොමු කිරීමද වෛද්‍යවරයාගේ නිර්දේශ මත සිදු කරන බව බන්ධාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම සිරකරු සම්බන්ධයෙන් විවිධ අවස්ථාවන්වලදී මාධ්‍ය නිවේදන නිකුත් කළ ද යම් යම් පුද්ගලයින්ගේ පෞද්ගලික අරමුණු සඳහා ජනතාව නොමග යවන අසත්‍ය ප්‍රචාර සිදුකරන අවස්ථා නිරීක්ෂණය වන බවයි.

කෙසේවෙතත් මේ වන විට අදාළ සිරකරු බන්ධනාගාර රෝහලේ නේවාසික ප්‍රතිකාර අවසන් කර වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කර තිබේ.

විදුලි ගාස්තුව 11.8%කින් පහළ⁣ට.!

විදුලි ගාස්තුව 11.8%කින් පහළ⁣ට.!

අද (17) සිට විදුලි ගාස්තුව සියයට 11.8 කට වැඩි ප්‍රතිශතයකින් පහළ යනු ඇතැයි ලංවීම ඉංජිනේරුවෝ විශ්වාසය පළ කරයි.

පසුගිය 2024 වසරට අදාළව සිදුකළ යුතු දෙවන ගාස්තු සංශෝධනය මැතිවරණ නිසා මෙම වසරට කල් ගිය බවද ලංවීම ඉංජිනේරුවෝ විශ්වාසය පළ කරයි.

මහජන උපයෝගීතා කොමිසම ඉල්ලූ දත්ත වාර්තාව ඉකුත් දෙසැම්බර් (06) වැනිදා කොමිසම වෙත භාරදුන් බවත් එම දත්ත පදනම් කරගෙන කොමිසම ලංවීමට දැනුම් දුන්නේ සියයට 11.8කින් විදුලිඛිල පහළ දැමිය හැකි බව ඉංජිනේරුවෝ සදහන් කරයි.

පසුගිය දෙසැම්බර් (17) සිට ජනවාරි (10) තෙක් මහජන අදහස් ලබාගැනීමෙන් පසුව කොමිසමේ තීරණය අද (17) දින නිල වශයෙන් දැනුම් දීමට නියමිතය.

We are happy to invite you.