Local news (Sinhala)

විදෙස් ගමන් බලපත්‍ර වැඩි කරයි.!

විදෙස් ගමන් බලපත්‍ර වැඩි කරයි.!

විදෙස් ගමන් බලපත්‍ර 2,500 බැගින් දිනකට නිකුත් කිරිමට පියවර ගෙන ඇති බවත් මීට පෙර දිනකට ගමන් බලපත්‍ර 1,200 නිකුත් කළ බවද මහජන ආරක්ෂක ආමාත්‍යාංශය සදහන් කරයි.

කිසියම් කෙනෙකුට හදිසියේ විදේශගත වීමට අවශ්‍යනම් ඒ සදහා ගමන් බලපත්‍ර ලබා ගැනීමට වෙනම කවුළුවක් විවෘත කර ඇති බව අමාත්‍ය ආන්නද විජේපාල සදහන් කරයි.

අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ, එම කවුළුවට ඉදිරිපත් කරන අයැදුම්පත් කමිටුවක් මගින් සලකා බලා හැකි ඉක්මණින් ගමන් බලපත්‍ර ලබාදීමට පියවර ගන්නා බවයි.

“එක කුස ඉපදුනත් අපි වෙනස්” මනූෂගෙන් මල්ලී ගස් යන ප්‍රකාශයක්.!

“එක කුස ඉපදුනත් අපි වෙනස්” මනූෂගෙන් මල්ලී ගස් යන ප්‍රකාශයක්.!

පුවත්පතකට පිලිතුරු දෙමින් හිටපු ඇමැති, මනූෂ නානායක්කාර මහතා පවසන්නේ, සිය සහෝදරයාගේ මූල්‍ය වංචා සිද්ධි නිසා වසර දෙකකින් තමන්ට නිවෙසට යෑමට නොහැකි වී ඇති බවයි.

තමා සිය මැතිවරණ ව්‍යාපාරය කරගෙන ගියේද වෙනත් ස්ථානයක සිට බවත් සහෝදරයාගේ මූල්‍ය වංචා පිළිබඳව මුල්වරට හෙළි කළේ තමා බවත් හිටපු අමාත්‍යවරයා පවසයි.

තමන් එම වංචා සම්බන්ධයෙන් පැමිණිලි කළ දා සිට ඔහු සමඟ පැවැති හිතවත්කම් ද අත්හැරි බවත් එක කුස ඉපදුණත් පුද්ගලයන් එකිනෙකාට වෙනස් බවත් නානායක්කාර මහතා වැඩිදුරටත් පවසයි.

පතලක් තුළ සිරවීමෙන් 100ක් මරුට.!

පතලක් තුළ සිරවීමෙන් 100ක් මරුට.!

පතලක් තුළ සිරවීමෙන් දකුණු අප්‍රිකාවේ මියගිය කම්කරුවන් සංඛ්‍යාව 100 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර එම පිරිස නීතිවිරෝධී පතල් කම්කරුවන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු අප්‍රිකාවේ අතහැර දැමූ රන් පතලක කැනීම් කරමින් සිටි කම්කරුවන් පිරිසක් මෙම අනතුරට ලක්ව ඇති අතර මොවුන් දින ගණනක් පතල තුළ සිරවී සිට ඇති අතර කුසගින්න සහ විජලනය හේතුවෙන් ඔවුන් මියගොස් ඇති බවට සැක කරයි.

කෙසේ වෙතත් එම පතලේ සිරවී සිටි කම්කරුවන් කිහිපදෙනෙකු බේරාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවත් කොට්ඨාස 7ක් පිහිටුවයි.. පාතාලය පළාත් මට්ටමින් “ක්ලීන්” කිරීමේ වැඩ අරඹයි.!

තවත් කොට්ඨාස 7ක් පිහිටුවයි.. පාතාලය පළාත් මට්ටමින් “ක්ලීන්” කිරීමේ වැඩ අරඹයි.!

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසන්නේ පළාත් මට්ටමින් අපරාධ කොට්ඨාස ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇති බවයි.

ඒ සඳහා කඩිනමින් කටයුතු කරන අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාවද මේ වන විටත් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව අමාත්‍යවරයා පවසයි.

මෙලෙස පළාත් මට්ටමින් අපරාධ කොට්ඨාස ස්ථාපිත කිරීමේ අරමුණ වී ඇත්තේ අපරාධ මැඩපැවැත්වීම හා විමර්ශන විධිමත් කිරීම වන අතර එම කොට්ඨාස පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරයි.

ඒ අනුව බස්නාහිර හා දකුණු පළාත් වලට අමතරව අපරාධ කොට්ඨාස ස්ථාපිත කර ඇති අතර කැබිනට් අනුමැතිය හිමිවිමෙන් පසු සෙසු සියලු පළාත් සඳහා ද එම කොට්ඨාස ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ජංගම දුරකථන පැකේජ ගැන ජනතාවට දැනුම්දීමක්.!

ජංගම දුරකථන පැකේජ ගැන ජනතාවට දැනුම්දීමක්.!

ජංගම දුරකථන පැකේජයන්වල මිල ගණන් ඉහළ දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ සදහන් කරයි.

කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ සදහන් කළේ,

“ජංගම දුරකථන පැකේජයන්වල මිළ ගණන් ඉහළ දමා ඇති බවට පළවූ වාර්තා පිළිබඳව පැහැදිලිවම ප්‍රකාශ කර සිටින්නේ 1991 අංක 25 දරණ විදුලි සංදේශ පණතින් ශ්‍රී ලකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ලැබී ඇති බලතල අනුව, සේවාදායක සමාගම් වෙනුවෙන් අනුමතකර දී ඇති කිසිදු ජංගම දුරකථන පැකේජයක මිල ගණන් ඉහළ දැමීමකට කිසිම සමාගමකට අපි අවසර දී නොමැති බවයි.

මේ පුවත කොමිෂන් සභාවට දැනගන්න ලැබීමත් සමග කොමිෂන් සභාව විසින් සියලුම ජංගම දුරකථන සමාගම්වලින් ඒ පිළිබඳව විමසීමක් සිදුකරනු ලැබුවා. එම සිදුකිරීමට අනුව ඒ සියලුම ජංගම දුරකථන සමාගම් පවසා සිටියේ කිසිම මිල වැඩි කිරීමක් කර නොමැති බවයි. ඒ පිළිබඳව එම සමාගම් ලිඛතව කොමිෂන් සභාව වෙත දැනුම්දී තිබෙනවා. ඒ අනුව මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට මහජනතාව නොරැවටෙන ලෙස ඉල්ලා සිටිනවා.

කෙසේ වුවත් යම් කිසි පාරිභෝගිකයෙකුට තමා සක්‍රීය කරගෙන ඇති ජංගම දුරකථන පැකේජයක මිල ගණන් ඉහළ යාමකට මුහුණ දී සිටීනම් ඒ පිළිබඳ සත්‍ය තොරතරු සාඳක සහිතව කොමිෂන් සභාවට නොපමාව ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා.”

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ මේ බව සදහන් කරයි.

දුමින්ද 03 – ඥනසාර හිමි 04.!

දුමින්ද 03 – ඥනසාර හිමි 04.!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවෙන් වරදකරුවකු වී මරණ දඬුවම ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින් ද සිල්වා කොළඹ ජාතික රෝහලේ සිට නැවතත් වැලිකඩ බන්ධනාගාරය වෙත යවා පැය කීපයකට පසු වෛද්‍ය නිර්දේශ මත යළිත් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.

වැලිකඩ බන්ධනාගාරයට ඇතුළත් කොට එහි ‘කේ’ වාට්ටුවේ විශේෂ සිරමැදිරියක සවිකරන ලද ශ්වසන යන්ත්‍රයකින් හුස්ම ගැනීමට සලස්වා පැය කීපයකින් රෝගී තත්ත්වය උත්සන්න බවක් පෙන්නුම් කිරීමෙන් පසුව බන්ධනාගාර වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර එදින නැවතත් බන්ධනාගාර රෝහල වෙත යවා එහි අංක 03 වාට්ටුවට ඇතුළත් කර ඇත.

මේ අතර බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ මාස 09ක ලිහිල් සිරදඬුවමක් නියමව වැලිකඩ බන්ධනාගාරය වෙත ඇතුළත් කර ‘කේ’ වාට්ටුවේ සිටියදී අධි රුධිර පීඩනය හේතුවෙන් වෛද්‍ය නිර්දේශ මත වැලිකඩ බන්ධනාගාර රෝහලේ අංක 04 වාට්ටුවට ඇතුළත් කර ඇති බව වාර්තාවේ.

ශ්‍රීලනිප හිටපු මන්ත්‍රීගේ තාත්තා අත්අඩංගුවට.. හොර වැඩ සියල්ල හෙළිවෙයි.!

ශ්‍රීලනිප හිටපු මන්ත්‍රීගේ තාත්තා අත්අඩංගුවට.. හොර වැඩ සියල්ල හෙළිවෙයි.!

ලක්ෂ 150ක් පමණ වටිනා ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථයකට අට්‍රැක්ටරයක ලියාපදිංචි අංකයක් යොදා භාවිතා කිරීමේ වරදට ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරයකුගේ පියා පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දෙසැම්බර් (26) වැනිදා මීරිගම පොලිස් බල ප්‍රදේශයේදී එම ජිප් රථය අත්අඩංගුවට ගෙන මීරිගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජිප් රථයේ මුල් ලියාපදිංචි අයිතිකරු හා දෙවැනි ලියාපදිංචි අයිතිකරු කොළඹ සහ නාරහේන්පිට ප්‍රදේශවල පදිංචිකරුවන් බවටත් ව්‍යාජ ලිපින හා පුද්ගල නාම භාවිත කර ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ජිප් රථය ලියාපදිංචි කර ඇති බවද අනාවරණය වී ඇත.

සැකකාර පුද්ගලයා වාහන අලෙවි ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර නීති විරෝධී ආකාරයෙන් මෙරටට කොටස් වශයෙන් ආනයනය කරන ලද රථයකට අන්ත්‍රැක්ටරයක ලියාපදිංචි අංකයක් යොදා කූට ලේඛන උපයෝගී කර ගනිමින් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත වෙනස් කර මෙම වංචාව කර ඇති බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.

පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මීට පෙර විමර්ශනය කර අනාවරණය කරගත් වාහන 404කට අදාළ ලේඛන සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන ජාවාරම්කරු සැකකරුගේ සහෝදරයා වන බව පොලිසිය සදහන් කරයි.

අමාත්‍යාංශ 05කට වැඩබලන අමාත්‍යවරු.!

අමාත්‍යාංශ 05කට වැඩබලන අමාත්‍යවරු.!

චීනයේ රාජ්‍ය සංචාරයක් සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක දිවයිනෙන් පිටත්ව යාම නිසා අමාත්‍යාංශ 05කට වැඩබලන අමාත්‍යවරු පත් කර ඇත.

ආරක්ෂක වැඩබලන අමාත්‍ය – ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍ය – විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර

මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍ය – කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා වැඩ බලන අමාත්‍ය – ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන

ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍ය – ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න

බලාපොරොත්තු රැසක් සමගින් ජනපති අනුර චීනයට.!

බලාපොරොත්තු රැසක් සමගින් ජනපති අනුර චීනයට.!

ජනාධිපති අනුර කුමාර දිසානායක චීනයේ රාජ්‍ය සංචාරයක් සදහා දිවයිනෙන් පිටත්ව ගියේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම සංචාරයේදී චීන ජනපති ෂී ජින් පිං, චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවීමට නියමිතව ඇත.

චීන ජනාධිපති ෂී ජින් පිංගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක ජනවාරි (14) වනදා සිට (17) වනදා දක්වා චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වේ.

මෙම සංචාරය ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එම ධුරයට පත්වීමෙන් අනතුරුව චීනයේ සිදුකරන පළමු සංචාරය වන අතර චීන ශ්‍රී ලංකා සබඳතා වර්ධනයට එය ඉතා වැදගත් වේ.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා චීන ජනාධිපතිවරයාට අමතරව චීන අග්‍රාමාත්‍ය ලී චියන්ග් සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජි හමුවීමට නියමිතව ඇත.

මිත්‍රත්වය ඉදිරියට ගෙනයෑමට මෙන්ම දේශපාලනික අවබෝධය ඉදිරියට පත්වාගෙන යෑමට සහ චීන ශ්‍රී ලංකා උපාය මාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය ඉදිරියට ගෙනයෑමට ජනාධිපතිවරයාගේ මෙම සංචාරය වැදගත් වේ.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ බණ්ඩාර මෙම සංචාරය සදහා එක්ව ඇත.

රජයට අභියෝග කරමින් මහ මෝල් හිමියෝ වැඩ අරඹයි.. උපරිම මිලක්.!

රජයට අභියෝග කරමින් මහ මෝල් හිමියෝ වැඩ අරඹයි.. උපරිම මිලක්.!

පෞද්ගලික අංශය මාස් කන්නයේ වී මිලදී ගැනීම ආරම්භ කර ඇති අතර තෙත වී කිලෝවක් රුපියල් 122 කටත්, වියළි වී කිලෝවක් රුපියල් 140 කටත් මිලදී ගැනීමට මහා පරිමාණ වී මෝල් හිමියන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.

අහස් වැස්සෙන් සහ ඔක්තෝබර් මාසයේ මැද සිට මහවැලි ජලයෙන් කළ වගාවල වී අස්වැන්න නෙළීම දැන් ආරම්භ වී තිබෙන අතර පසුගිය සතියේ සිට අස්වැන්න වෙළෙඳපොළට ලැබෙමින් පවතියි.

රජයේ සහතික මිල මෙතෙක් ප්‍රකාශයට පත් කිරීමට අපොහොසත්වී සිටින බව පැවැසූ ගොවි නියෝජිතයෝ වෙළෙඳුන් මාස් කන්නයේ වී අස්වැන්න කුණු කොල්ලෙට මිලදී ගැනීමෙන් පසුව සහතික මිළ ප්‍රකාශයට පත් කරන්නේ දැයි කෘෂිකර්ම ඇමැතිවරයාගෙන් විමසයි.

මාස් කන්නයේ වී වගාව සඳහා පිරිවැයට සාපේක්ෂව වී කිලෝවක සහතික මිල නියම කළ යුතු බව පෙන්වා දෙන ගොවියෝ වී කිලෝවක් සදහා අවම වශයෙන් රුපියල් 130ක මිලක් ලැබිය යුතු බව අවධාරණය කරයි.

We are happy to invite you.