Local news (Sinhala)

ශ්‍රී ලංකාවට මෙගාවොට් 400ක න්‍යෂ්ටික බලාගාරයක්.!

ශ්‍රී ලංකාවට මෙගාවොට් 400ක න්‍යෂ්ටික බලාගාරයක්.!

අද පාර්ලිමේන්තුවේදී බලශක්ති අමාත්‍යංශය කාරක සභාව වැය ශීර්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසූවේ

සූර්ය බලාගාර වලින් මෙගාවොට් 1358ක්, ජලය මතුවෙන පාවෙන සූර්ය බලා බලාගාරවලින් මෙගාවොට් 234 ක් සහ සුළං විදුලි බලාගාර මෙගාවොට් 710 ක් ලෙස බලශක්ති උත්පාදනයට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම මෙගාවොට 300 – 400 ධාරිතාවයකින් යුත් න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට අදාළ සැලසුම් සිදු කරමින් පවතින බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

නව තෙල් සූත්‍රයක්.!

නව තෙල් සූත්‍රයක්.!

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් හඳුන්වා දෙනු ලැබූ නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන් එකඟතාව පළ කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.

සංස්ථාව හඳුන්වා දුන් නව සූත්‍රය ක්‍රියාත්මක වන අතර තෙල් බෙදුම්කරුවන්ගේ යෝජනාවලිය සාකච්ඡා කිරීමට තවත් සාකච්ඡාවක් එළැඹෙන (18) වැනිදා පැවැත්වීමට නියමිත බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.

අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කළේ,

“ඛනිජ තෙල් සංස්ථාව විසින් හඳුන්වා දෙනු ලැබූ සූත්‍රය ක්‍රියාත්මක කරන්නට එකඟතාවයට ඇවිල්ලා තියෙනවා. එම එකඟතාවය අනුව ඉදිරියට කටයුතු සිදුවෙනවා. ඒ අතර තෙල් ගැනුම්කරුවන් තමන්ට අදාළ කරුණු ප්‍රමාණයකුත් ඉදිරිපත් කරලා තියෙනවා.

එම කරුණු සාකච්ඡා කිරීම සඳහා නව සූත්‍රය ක්‍රියාත්මක වෙන අතරේ බෙදුම්කරුවන්ගේ යෝජනාවලටත් ඇහුම්කන් දීම සඳහා යළිත් වතාවක් (18) වැනිදා උදෑසන සාකච්ඡාවක් යොදාගෙන තියෙනවා. ඒ නිසා තෙල් ප්‍රශ්නයක් නෑ. බෙදුම්කරුවන් එම සූත්‍රය අනුව කටයුතු කරනවා.”

අද (04) දින පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.

කට්ටි පැන්න පොලිස් ලොක්කා අධිකරණයට භාර වෙයි.!

කට්ටි පැන්න පොලිස් ලොක්කා අධිකරණයට භාර වෙයි.!

වැලිගම පැලෑණ ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ඉදිරිපිට දී සිදුවු වෙඩි තැබීමෙන් පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්ව උප පොලිස් පරීක්ෂකවරයකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරීපත් කිරීමට මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ උපාලි රණසිංහ මහතා විසින් පසුගියදා වරෙන්තු නිකුත් කළේය.

ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ (3) සැකකාර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීමට වැලිගම පොලීසියට හා නිල නිවසට ගොස් තිබු අතර ඒ වන විටත් ඔහු  එම ස්ථානවලින් පිටව ගොස් තිබුණි

කෙසේවෙතත් අද (04) උදෑසන සැකකාර වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා අධිකරණයට භාර වී තිබේ.

එහෙත් මෙම සිදුවීමේ ප්‍රධාන සැකකරුවකු වන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙතෙක් සොයාගැනීමට පොලීසියට හැකියාවක් ලැබී නැත.

නැගෙනහිරින් විශබීජයක්.. බුද්ධි අංශ අනතුරු අඟවයි.!

නැගෙනහිරින් විශබීජයක්.. බුද්ධි අංශ අනතුරු අඟවයි.!

අද (04) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ නැගෙනහිර කල්මුණේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වී ඇති අන්තවාදී සංවිධානයක් පිළිබඳව බුද්ධි තොරතුරු වාර්තා වී ඇති බවයි.

අමාත්‍යවරයා පැවසුවේ ඒ පිළිබඳව බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ අඛණ්ඩව නිරීක්ෂණය කරමින් සිටිනා බවය.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ මාධ්‍යවේදියෙකු විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“මේ වනවිට නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගනිමින් එවැනි කණ්ඩායමක් පිළිබඳව තොරතුරු ලැබීමක් පමණයි තියෙන්නේ.

ඒ පිළිබඳව බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කර ගනිමින් පවතිනවා. ජනාධිපතිවරයාත් ආරක්ෂක අංශ වැය ශීර්ෂයට ඇවිල්ලා යම් කරුණු ප්‍රමාණයක් කිව්වා. දැනට අපිට කියන්න තියෙන්නේ ආරක්ෂක අංශ ඒ පිළිබඳව සුපරීක්ෂාවෙන් සිටිනවා කියන එක.”

සංජීව මැරූ ඝාතකයාගේ තවත් වැඩ කිඩ හෙළිවෙයි.!

සංජීව මැරූ ඝාතකයාගේ තවත් වැඩ කිඩ හෙළිවෙයි.!

ගණේමුල්ල සංජීවට අලුත්කඩේ අධිකරණය තුළදී වෙඩි තබා මරා දැමූ කුලී ඝාතකයා විසින් සිදුකළ තවත් අපරාධයක් අනාවරණය කර ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

මෙම සැකකරු 2024.12.13 වන දින කඳාන පොලිස් වසමේ වීදී මාවත ප්‍රදේශයේ පිහිටි නිවසකට ටී 56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු බවට අනාවරණය වී ඇත. 

එම වෙඩි තැබීමද විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ කොන්ත්‍රාත්තුවක් මත මෙහෙයවීම මත සිදුකර ඇති බවට වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

පසුගිය පෙබරවාරි මස 19 වන දා අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණයේ දී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව යන අය වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ වෙඩික්කරු වශයෙන් කටයුතු කළේ 27 හැවිරිදි සමිඳු දිල්ෂාන් පියුමංග කඳනාරච්චි නම් වූ මෙම සැකකරුය.

ඔහුව මේ වනවිට දින 90ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන සිදුකරමින් පවතී.

එයා වයිස් මාර්ෂල් ලසිත සුමනවීර ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී තනතුරට.!

එයා වයිස් මාර්ෂල් ලසිත සුමනවීර ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී තනතුරට.!

එයා වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා ‍ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත්කර තිබෙනවා.

අද (04) සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්වීම සිදුකර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේය.

ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස දැනට සේවය කරන එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා 1991 වර්ෂයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්ව තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න මහතා ඊයේ දිනයේ සිට විශ්‍රාම ගනු ලැබුවා.

ට්‍රම්ප් විශ්වාසය කඩයි.. සියල්ල අත්හිටුවමින් දැඩි තීරණයක් ගනී.!

ට්‍රම්ප් විශ්වාසය කඩයි.. සියල්ල අත්හිටුවමින් දැඩි තීරණයක් ගනී.!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුක්‍රේනයට ලබාදෙන සියලුම හමුදා ආධාර තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට යුක්‍රේනයේ සිට පෝලන්තය බලා ප්‍රවාහනය වන යුධ ආධාර ද එම අත්හිටුවීමට ඇතුළත් බව ට්‍රම්ප් පරිපාලනයේ නිලධාරීන් තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාවේ සහයෝගය යුක්‍රේනයට හිමිවන බවට යුක්‍රේන ජනාධිපතිවරයා තුළ විශ්වාසයක් ඇති බැවින් ඔහුට රුසියාව සමග යුද්ධය අවසන් කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කරයි.

වත්මන් රජයේ කල් ක්‍රියාව ගැන ඇමරිකාව ප්‍රමුඛ රටවල් 5කින් වාර්තාවක්.!

වත්මන් රජයේ කල් ක්‍රියාව ගැන ඇමරිකාව ප්‍රමුඛ රටවල් 5කින් වාර්තාවක්.!

ඊයේ (03) දිනයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වන සැසිවාරයට සමගාමීව එක්සත් රාජධානිය ප්‍රමුඛ කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව යන රටවල් ඒකාබද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

එම වාර්තාව මඟින් පසුගිය වසරේ පැවති සාමකාමී මැතිවරණ සම්බන්ධයෙන් සහ වත්මන් රජයේ ක්‍රියා කලාපය මෙම වාර්තාව මඟින් ඇගයීමට ලක්කර තිබේ.

ඉඩම් ආපසු ලබාදීම,‍ සංහිඳියාව ඇතිකිරීම, මාර්ග බාධක ඉවත් කිරීම සහ උතුරු නැගෙනහිර ප්‍රජාවට අතීතය සිහිපත් කරමින් සැමරුම් උත්සව පැවැත්වීමට ඉඩ ලබාදීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද එහිදි සිය ප්‍රශංසාව ඇති කර ඇති බව වාර්තා වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට රජය ගෙනයන ක්‍රියාමර්ගවලට සහාය ලබාදෙන අතර එම නීතී ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව සිදුවිය යුතු බව ද අවධාරණය කර තිබේ.

මේ අතර ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට රජයේ පාර්ශවයෙන් ද වාචික වාර්තාවක් ඊයේ දිනයේ ඉදිරිපත් කරනු ලැබීය.

වත්මන් රජය ශ්‍රී ලංකාවේ නව දේශපාලන සංස්කෘතියක් සහ ආර්ථික සමාජයීය සංවර්ධනයක් සඳහා ගෙනයනු ලබන ක්‍රියාමාර්ග පිළිබදව දීර්ඝ වශයෙන් එම වාර්තාව මඟින් දැනුවත් කර තිබේ.

සියලු පුවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමට රජය කැපවී සිටින බව එම වාර්තාව මඟින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

ඉන්ධන බෙදුම්කරුවන් CIDයට කැඳවයි.!

ඉන්ධන බෙදුම්කරුවන් CIDයට කැඳවයි.!

අද (04) දින ඉන්ධන බෙදාහැරීම අඩපණ කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහා ඉන්ධන බෙදුම්කරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත.

ඒ අනුව අද දහවල් 12.30ට ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ උපසභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමජිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමට නියමිතව ඇත.

කජ්ජා සහ දරු පැටව් ඝාතකයන්ට උණ්ඩ ලබාදුන් පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට.!

කජ්ජා සහ දරු පැටව් ඝාතකයන්ට උණ්ඩ ලබාදුන් පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට.!

මිද්දෙනිය ගල්පොත්තයායේදී පිය පුතු සහ දියණියගේ ඝාතකයන්ට  උණ්ඩ  ලබා දුන් බව කියන වීරකැටිය පොලීසියේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල් වරයකු අත්අඩංගුවට ගත් බව මිද්දෙනිය පොලීසිය පවසයි..

අත් අඩංගුවට පත්ව ඇත්තේ මිද්දෙනිය පල්ලෙ ජූලම්පිටියේ පදිංචිව සිටින තැනැත්තෙකි.

අත්අඩංගුවට පත් පොලිස් කොස්තාපල්වරයා අද (04) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48ක් රැදවුම් නියෝගයක් ඉල්ලීමට නියමිතයි.

We are happy to invite you.