Main news (Sinhala)

ආණ්ඩුකාර හනිස් මහතාට එල්ල්වන චෝදනා පුස්සක් කරමින් රේගුවෙන් නිල නිවේදනයක්.!

ආණ්ඩුකාර හනිස් මහතාට එල්ල්වන චෝදනා පුස්සක් කරමින් රේගුවෙන් නිල නිවේදනයක්.!

ආනයන බහාලුම් 323ක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව එල්ලව වන චෝදනා සම්බන්ධයෙන් විශේෂ පැහැදිළි කිරීමේ මාධ්‍ය නිවේදනයක් ශ්‍රී ලංකා රේගුව විසින් අද (29) පස්වරුවේ නිකුත් කළේය.

එම බහාලුම් අතර එස්පෝ ලංකා යන ආයතනය නමින් ආනයනය කර ඇති බහාලුම් කිසිවක් අඩංගු නොවන බවත් විශේෂයෙන් සඳහන් කර ඇත.

එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් සමූහයේ නිර්මාතෘවරයා වනුයේ වත්මන් ආණ්ඩුවේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිස් යුසුෆ් මහතාය.

ඔහු මෙරට මෙන්ම ජාත්‍යන්තර වෙළඳපොල තුලත් කීර්තිමත් ව්‍යාපාරිකයන් අතලොස්ස තුළ ඉහලින්ම සිටිනා පුද්ගලයෙකි.

වත්මන් ආණ්ඩුකාර තනතුරට අදාල කිසිදු වරප්‍රසාදයක් ඔහු ලබාගෙන නොමැත.

කෙසේවෙතත් විවිධ පාර්ශව විසින් හනිස් මහතාගේ ව්‍යාපාරයට අයත් බහාලුම් තොගයක් මෙලෙස නිදහස් කර ඇති බවට චෝදනා එල්ලකරමින් ඇති පසුබිමක රේගුව විසින් මෙම නිවේදනය නිකුත්කිරීම සුවිශේෂී වෙයි.

කරුණු 8කින් යුත් මෙම නිවේදනයේ භාණ්ඩ නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව අනුගමනය කරන ක්‍රමවේදය, පරික්ෂාව සඳහා තෝරා ගන්නා ලද බහාලුම් නිදහස් කිරීම ප්‍රමාදවීමට හේතු වූ කරුණු ද එහි ඇතුළත් කර තිබේ.

තවද අවි ආයුධ, රත්‍රන් හා මත්ද්‍රව්‍ය වැනි භාණ්ඩ නීති විරෝධිව රට තුළට පැමිණීමේ හා රේගු ආදායම අහිමිවීමේ හැකියාවක් නොපැවති බවත් එම නිවේදනයෙන් ශ්‍රී ලංකා රේතුව වැඩිදුරටත් පවසා සිටියි.

අදාළ සම්පූර්ණ පැහැදිලි කිරීම පහතින්,

කෙඳිරිලි අවසන්.. ජනවරම ඉටුකරන්න එක්සත් ජාතීන් අත්වැල් බැඳගනී.!

කෙඳිරිලි අවසන්.. ජනවරම ඉටුකරන්න එක්සත් ජාතීන් අත්වැල් බැඳගනී.!

අද විදේශ කටයුතු අමාත්‍යාංශ කාර්යාලයේදී මෙරට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් අතර හමුවක් පැවැත්විය.

ශ්‍රී ලංකාවේ බලයට පත් වූ නව රජය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි විශ්වාසයෙන් හා බලාපොරොත්තුසහගතව සිටින බව එහිදී මාර්ක් ඇන්ඩෘ මහතා පැවසීය.

එහිදී මාර්ක් ඇන්ඩෘ මහතා විජිත හේරත් අමාත්‍යවරයාට පැවසූවේ නව රජය විසින් බලාපොරොත්තු වන සැගවුණු වත්කම් සොයාගැනීමේ කාර්යය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතනවල සහය ලබා දීමට සූදානම් බවයි.

නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමය ගොඩනැගීමේ කොමිසම සමග ශ්‍රී ලංකාව සමීපව කටයුතු කිරීම වැදගත් බව ත් ජාතික ඒකාබද්ධතාවය ඇති කිරීමෙහිලා රජය ගෙනයන වැඩසටහන්වලට සම්පූර්ණ සහාය දීමට සූදානම් අතර ඒ සඳහා මූල්‍ය ආධාර ලබා දීමට මැදිහත් වන බව ද ඔවුන් අවධාරණය කර ඇත.

මෙරට සමුද්‍ර තීරයේදී බේරාගත් රෝහින්‍යා සරණාගතයින්ට මානුෂික අයුරින් සලකන ලද ආකාරය මාර්ක් ඇන්ඩෘගේ ප්‍රශංසාවට ලක් වී තිබේ.

ඔහු තවදුරට ත් සඳහන් කර ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වසර අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන බව ය.

මෙහිදී පසුගිය මැතිවරණවලදී ශ්‍රී ලාංකික ජනතාව ජාති භේද හෝ පළාත් භේදවලින් තොරව නව රජය විශාල ආසන සංඛ්‍යාවකින් බලයට පත්කිරීම ඓතිහාසික සිදුවීමක් බව විජිත අමාත්‍යවරයා නේවාසික නියෝජිතයන්ට පවසා ඇත.

එමෙන් ම, උතුරු නැගෙනහිර පළාත්වල පවරාගෙන ඇති ඉඩම් අයිතිකරුවන්ට ආපසු දීම ඉදිරි කාලයේ තවදුරට ත් කටයුතු කරන බව ත් ශ්‍රී ලංකා පොලීසියට බඳවාගැනීමේ දී සියලු ජාතීන් නියෝජනය වන පරිදි බඳවා ගැනීමට රජය පියවර ගෙන ඇති බව ත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ සාම හමුදා සඳහා ශ්‍රී ලාංකික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් බඳවා ගැනීම වැඩි කිරීමට කටයුතු කරන මෙන් නේවාසික නියෝජිතගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටි අතර ඒ සම්බන්ධව ඉතා ඕනෑකමින් සොයා බලන බව ඔවුන් පොරොන්දු වී ඇත.

අර්ච්චුනා රාමනාදන් අත්අඩංගුවට.!

අර්ච්චුනා රාමනාදන් අත්අඩංගුවට.!

අද (29) පස්වරුවේදී පාර්ලිමේන්තු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය ප්‍රදේශයේදී බවත් සැකකාර මන්ත්‍රීවරයාව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

සැකකාර මන්ත්‍රීවරයා විසින් 2025 ජනවාරි 20 වනදා රාත්‍රී කාලයේ අනුරාධපුර තලාව ප්‍රදේශයේදී රථවාහන රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කිරීමේ සිදුවීමකට අදාලව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අනුරට ඩයස්පෝරා ලේබලයක්.. මහින්ද අවසන් තුරුම්පුවත් අදී.?

අනුරට ඩයස්පෝරා ලේබලයක්.. මහින්ද අවසන් තුරුම්පුවත් අදී.?

දේශය පුවත්පතට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ තමන්ට නිල නිවෙස අහිමි කිරීම සහ ආරක්ෂාව ඉවත් කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කරන ලද ප්‍රකාශය ඔවුන්ට මැතිවරණය සඳහා උදව් කළ දෙමළ ඩයස්පෝරාවේ ඉල්ලීම් ඉටුකිරීමක් බවයි.

හිටපු ජනපතිවරයා පවසන්නේ, වර්තමානයේ බොහෝ අයට අතීතය අමතක වී ඇතැයි කී රාජපක්ෂ මහතා මහ බැංකු බෝම්බය, දෙහිවල දුම්රියේ බෝම්බය, එයාර් ලංකා බෝම්බ සිදුවීම, කොළඹට ගුවන් යානාවලින් බෝම්බ දැමීම ආදිය මගින් කොටි ත්‍රස්තවාදීන් රටට කරන්නට හැදූ මහා විනාශය නතර කළේ තමන්ගේ නියෝග අනුව ත්‍රිවිධ හමුදාවේ වීරෝධාර සෙබළුන් බවයි.

එකල සතියකට ගම්වලට හමුදා සෙබළුන්ගේ දේහයන් සහිත සීල් තැබූ මිනීපෙට්ටි කොපමණ ආවේදැයි මතකයට නගා ගන්නා ලෙසද සඳහන් කළ රාජපක්ෂ මහතා, ඉන්දියාවේ හිටපු නායක රජීව් ගාන්ධි සහ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්වරුන් ඇතුළු අහිංසක සිවිල් වැසියන් දහස් ගණනින් ඝාතනය කිරීම නතර කළේ තමා ඇතුළු කණ්ඩායම බවත් ඔහු පවසයි.

මෙම තත්ත්වය යටතේ රටේ වැඩිම ආරක්ෂක තර්ජන සහිත රාජ්‍ය නායකයාගේ ආරක්ෂාව සහ ඔහුට හිමි නිල නිවස අහිමි කිරීම ගැන රටේ පොදු ජනතාවගේ ප්‍රතිචාරය ඉදිරි මැතිවරණවලදී ආණ්ඩුවට බලාගත හැකිවනු ඇතැයිද හිටපු ජනපතිවරයා සඳහන් කරයි.

එමෙන්ම තමන් කිසිවිටකත් ආරක්ෂාව හෝ නිල නිවාස ඉල්ලා කිසිවිටක කෙඳිරි ගාන්නේ නැති බවද ඔහු වැඩිදුරටත් පවසයි.

“ආණ්ඩුව රාජපක්ෂ දඩයමක” නාමල් ලොවටම කෑ ගසා කියයි.!

“ආණ්ඩුව රාජපක්ෂ දඩයමක” නාමල් ලොවටම කෑ ගසා කියයි.!

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය X ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධ නඩුව හරහා පෙනෙන්නේ වත්මන් ආණ්ඩුවේ අසාර්ථකත්වය බවත් සත්‍ය ඉක්මණින් ජයගනු ඇති බවත්ය.

තමාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා පත්‍රයක් ගොනු කර ඇති බව මාධ්‍යවලින් කියවූ බවත් යහපාලන ආණ්ඩුව සමයේ මේ සම්බන්ධයෙන් විමර්ශනය කර නීතිපතිවරයා වෙත යොමුකරන ලද්දේ වසර 8 කට පෙර බවත් එම සටහනේ ඔහු වැඩිදුරටත් දක්වා ඇත.

මාලිමා ආණ්ඩුව රාජපක්ෂ පවුලට එරෙහිව දේශපාලන දඩයමක් දියත්කර ඇති නමුත් තමා අධිකරණය කෙරෙහි විශ්වාසයෙන් සිටින අතර යුක්තිය ජය ගනු ඇතැයි විශ්වාස කරන බවත් මන්ත්‍රීවරයා එහි දක්වා ඇත.

ජාතික ජනබලවේග ආණ්ඩුව තම පවුලට එරෙහිව චෝදනා ගොතන බවත් එමගින් රට පාලනය කිරීමේදී ඔවුන්ගේ අසාර්ථකත්වය පිළිබඳ අවධානය වෙනතකට යොමු කරන බවත් ඔහු පවසයි.

ශවේන්ද්‍රගේ තනතුර සදහටම විශ්‍රාම යවයි.. කාර්ය මණ්ඩලයත් විසිරුවා හරියි.!

ශවේන්ද්‍රගේ තනතුර සදහටම විශ්‍රාම යවයි.. කාර්ය මණ්ඩලයත් විසිරුවා හරියි.!

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එම තනතුර අහෝසි කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව ඉදිරියට එම තනතුරට නැවත කිසිවකු පත් නොකරන සිටීමට රජය තීරණය කර ඇත.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටුවා තිබූ අතර එම කාර්ය මණ්ඩලය ද ඔවුනගේ මව් ඒකක වෙත නැවත හරවා යැවීමට තීරණය කර තිබේ.

16ක් රෝහල් ගත කරමින් තවත් බස් දෙක් මුහුණට මුහුණ ගැටෙයි.!

16ක් රෝහල් ගත කරමින් තවත් බස් දෙක් මුහුණට මුහුණ ගැටෙයි.!

හබරණ – මින්නේරිය මාර්ගයේ 07 කණුව ප්‍රදේශයේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.

පුද්ගලික් බස් රථයක් හා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර අනතුරින් ලංගම බස් රථයේ ගමන්කළ 12 දෙනෙකු සහ පුද්ගලික බස් රථයේ ගමන් කළ පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට සහ හබරණ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ. 

බස් රථ දෙකෙහි රියදුරන්ද අනතුරින් තුවාල ලබා ඇත.

පුද්ගලික බස් රථය කටුනායක සිට සිරිපුර ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට යමින් සිටිය දී මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, එහි රියදුරගේ අපරික්ෂාකාරී රිය ධාවන අනතුරට හේතුවන්ට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

සභාපති රමාල් සිරිවර්ධන ඉල්ලා අස් වෙයි.!

සභාපති රමාල් සිරිවර්ධන ඉල්ලා අස් වෙයි.!

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලෙස පත්කළ රමාල් සිරිවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා පවසා සිටියේ, රමාල් සිරිවර්ධන මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශය වෙත ලැබී ඇති බවය. 

ඔහි තම පුද්ගලික හේතුවක් මත මෙලෙස සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව පැවසේ.

ලොකු ගංවතුරක්.. රනිල් නිමල් දිලිත් එකම කොටේ නගියි.!

ලොකු ගංවතුරක්.. රනිල් නිමල් දිලිත් එකම කොටේ නගියි.!

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සර්වජන බලය සහ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ පිරිසක් එකට එක්ව තරග කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.

කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පෙරේදා (27) මෙම පක්ෂ තුනේ නියෝජිතයන් හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවැසේ.

නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක ලසන්ත අලගියවන්න යන හිටපු මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉවත්ව ගිය කණ්ඩායම වෙනුවෙන් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් ද සර්ව ජන බලය වෙනුවෙන් මහාචාර්ය චන්න ජයසුමන මහතා ද මෙම සාකච්ඡාවට සහභාගිවී ඇත.

පළාත් පාලන මැතිවරණය සහ වර්තමාන දේශපාලන තත්වය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බව දැනගන්නට ඇති අතර මේ කාරණය සම්බන්ධයෙන් මෙම නියෝජිතයන් මීට පෙර අවස්ථා කිහිපයකදී ද සාකච්ඡා පවත්වා තිබිණ.

පොලී අනුපාතිකය සම්බන්ධයෙන් තීරණයක්.!

පොලී අනුපාතිකය සම්බන්ධයෙන් තීරණයක්.!

ඊයේ (28) රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබේ.

දැනට පවතින එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 8.00 මට්ටමේ ඉදිරියටත් පවතිනු ඇත.

We are happy to invite you.