Out of the box (Sinhala)

තමා සිදුකළ ජාතික අපරාධ ගැන ගම්මන්පිලගෙන් පාපොච්චාරණයක්.!

තමා සිදුකළ ජාතික අපරාධ ගැන ගම්මන්පිලගෙන් පාපොච්චාරණයක්.!

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසන්නේ තමා සිදුකළ බරපතල ගනයේ වැරදි 2ක් යටතේ ඕනෑම මොහොතක තමන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බවයි.

තමන් සිදුකල ප්‍රකාශ දෙකකට එරෙහිව එලෙස අත්අඩංගුවට ගනු ඇතැයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.

“බල්ලන් බත් කෑම සහල් හිඟයට හේතුවක් විදියට අතිගරු ජනාධිපතිතුමා දැවැන්ත පරීක්ෂණයකින් පස්සේ සොයාගෙන තියෙනවා. මොකද මෑත කාලේ බල්ලෝ පුරුදුවෙලා තියෙනවා කඩේ ගිහින් හාල් ගෙනල්ලා උයාගෙන කන්න.

මෙතෙක් කල් අපේ ඉතිහාසය පුරාවට ගෙදර ඉන්න බල්ලට පූසට බත් ටිකක් දාන එක අපේ කෑම වේලේ කොටසක් විදියටයි සලකලා තියෙන්නේ.

ඒක කොහොමත් අපේ ඒක පුද්ගල සහල් පරිභෝජනය ඇතුලේ තියෙනවා. බල්ලොන්ට බත් දෙන එක ප්‍රචලිත කිරීම සහ පොල් සම්බෝල කෑම කියන ජාතික අපරාධ දෙකට මම වගකිව යුත්තෙක් ඒ නිසා ඕනෑම මොහොතක මාව අත්අඩංගුවට ගැනීමේ අවදානමක් තියෙනවා”

පිරිමි පරයා හෙළ කතුන්ගේ නිකොටින් ‘සික්’ ඉහල නගී.!

පිරිමි පරයා හෙළ කතුන්ගේ නිකොටින් ‘සික්’ ඉහල නගී.!

විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා විශේෂ අනාවරණයක් කරමින් පවසන්නේ ශ්‍රී ලංකාවේ පිරිමින්ට වඩා කාන්තාවන් දුම්බීමේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බවයි.

වෛද්‍යවරයා පවසන්නේ ඒ අනුව, කාන්තාවන් පෙණහලු පිළිකා පළමු තත්ත්වයේ සිට පස්වන පිළිකා තත්ත්වයට පත්වීමේ අවදානමට ගොදුරුව ඇති බවයි.

මීට වසර දහයකට-පහළොවට පෙර ලංකාවේ දුම්පානය කළ ප්‍රමාණය හා ඒ පුද්ගලයන්ගේ සමීක්ෂණ වාර්තා දෙස බැලූ විට එය අඩු වෙමින් පවතින නමුත් අවාසනාවන්ත ලෙස කාන්තාවන් දුම් පානය කිරීමේ ප්‍රතිශතය ඉහළ යමින් ඇති බව සමන් ඉද්දගොඩ මහතා පවසයි.

මෙම හේතුවෙන් තරුණ කාන්තාවන් පෙණහලු පිළිකා අවදානමට පත්වීමේ සම්භාවිතාවයෙන් වැඩි වී ඇති බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.

පොදුවේ ගත් කල ලංකාවේ පෙණහලු පිළිකා සුලබ තත්ත්වයක් වන අතර පිරිමි පුද්ගලයන්ගෙන් දෙවෙනියට පොදුවේ බහුල වී ඇත්තේ, පෙණහලු පිළිකාවයි.

නමුත් කාන්තා පාර්ශ්වය මේ වන විට පෙණහලු පිළිකා අතරින් පළමු තැන සිට පස් වැනි තැනට පත්ව ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

මෙවර අයවැයෙන් සියළු ජනතාවට ප්‍රේම දීමනාවක්.!

මෙවර අයවැයෙන් සියළු ජනතාවට ප්‍රේම දීමනාවක්.!

ජාතික ජන බලවේගයට ජනතාව සමඟ ඇති ආදරය සහ බැඳීම කෙතෙක්ද යන වග ලබන මස ඉදිරිපත් කිරීමට නියමිත අය වැය ලේඛණයෙන් පෙන්වන බව ජනපතිවරයා කැකිරාවේ පැවති ජන හමුවක් අමතමින් පැවසීය.

වත්මන් ආණ්ඩුවට බැඳීමක් පවතින්නේ ජනතාව සමඟ පමණක් බව අවධාරණය කළ ජනපතිවරයා සාමාන්‍ය ජනතාව රැක බලාගැනීමට කැපවෙන බවද පැවසීය.

වැඩිහිටි දීමනාව, වැටුප්, මහපොළ දීමනාව ආදී සියල්ල වැඩි කරන බවත් දූෂණයෙන් තොර අණ්ඩුවක් නිර්මාණය කළේ දූෂිතයන්ට එරෙහි පරීක්ෂණ කඩිනම් කිරීමට බවත් ජනපතිවරයා සඳහන් කළේය.

‘කව්රුත් කලබල වෙන්න එපා’ අධිකරණ ඇමතිගෙන් සහතිකයක්.!

‘කව්රුත් කලබල වෙන්න එපා’ අධිකරණ ඇමතිගෙන් සහතිකයක්.!

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අද යෝෂිත රාජපක්ෂට ඇප ලබාදීම සම්බන්ධයෙන් (27) අදහස් දැක්වීය. 

“යෝෂිත රාජපක්ෂ සම්බන්ධ වූ මුදල් විශුද්ධිකරණ සිද්ධිය දැනට අවුරුදු 8කට පමණ කලින් තමයි සිදුවෙන්නේ. මේ දක්වා යෝෂිතව නඩුවේ සැකකරුවෙක් ලෙස නම් කෙරුණේ නැහැ. එතකොට යම් පුද්ගලයෙක්ට අධිචෝදනා පත්‍රයක් මහාධිකරණයේදී ඉදිරිපත් කරන්න කලින් ඔහු සැකකරුවෙකු වශයෙන් ඔහුගෙන් කටඋත්තර ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක්.

නීතිපතිවරයා විසින් උපදෙසක් දීලා තිබෙනවා පොලීසියට මෙම තැනැත්තාව සැකකරුවෙකු වශයෙන් කටඋත්තරයක් ගන්න අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. ඒක තමයි සාමාන්‍ය ක්‍රියා පටිපාටිය.

ඇප පනතේ ප්‍රතිපාදන අනුව විමර්ශනවලට බාධාවක් වෙන්නේ නැත්නම් ඔහු රටින් පළා යන්නේ නැත්නම් ඇපදීම තමයි සාමාන්‍ය ස්භාවය. යෝෂිත සම්බන්ධයෙන් වූ මුදල් විශුද්ධිකරණ නඩුව පවරන නිසා තමයි ඒකට අවශ්‍ය ක්‍රියාපටිපාටියේ කොටසක් වශයෙන් තමයි අත්අඩංගුවට ගත්තේ ඇප දෙනවා කියන්නේ නඩුයෙන් නිදහස් වෙනවා කියන එක නෙමයි.”

19 හැවිරිදි පෙම්වතියගේ පිහි පහරින් විවාහකයා මරුට.!

19 හැවිරිදි පෙම්වතියගේ පිහි පහරින් විවාහකයා මරුට.!

වැල්ලවාය පොලිස් බලප්‍රදේශයට අයත් වීරසේකරගම ප්‍රදේශයේ දී වයස අවුරුදු 19ක තරුණියක් සිදුකළ පිහි ප්‍රහාරයකින් වයස අවුරුදු 31ක විවාහක තරුණයෙක් ජීවිතක්ෂයට පත් වී තිබේ.

මොවුන් දෙදෙනා අඹුසැමියන් ලෙස වීරසේකරගම ප්‍රදේශයේ නිවසක් කුලි පදනම මත ලබා ගෙන එහි ජීවත්ව සිට ඇති නමුත් නීත්‍යානුකූලව විවාහ වී නොමැති බව වාර්තා වේ.

ඊයේ රාත්‍රියේ දෙදෙනා අතර සිදු වූ බහින් බස් වීමක් දුරදිග ගොස් තරුණිය විසින් මෙම පිහි ඇනුම සිදුකර ඇති අතර මියගිය විවාහකයා නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

පිහි ප්‍රහාරයෙන් පසු එම පුද්ගලයා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔවු මියගොස් ඇත.

සැකකාර තරුණිය හල්දුමුල්ල සොරගුනේ ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක වන අතර වැල්ලවාය පොලිසිය විසින් ඇයව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් තරුණිය වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

පොලීසිය වැඩ පෙන්වයි.. ලොකු අයියලා 167ක් ඇතුලේ.!

පොලීසිය වැඩ පෙන්වයි.. ලොකු අයියලා 167ක් ඇතුලේ.!

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා ඊයේ (26) පැවසූවේ රටේ සිදුවන අපරාධ සහ මත්ද්‍රව්‍ය මැඬලීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම්වලදී ටී 56 ගිනි අවි 03 ක්, පිස්තෝල ගිනි අවි 03 ක් සමග අපරාධවලට ඍජුවම සම්බන්ධ සැකකරුවන් 167 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත සිදුකළ මෙම මෙහෙයුම්, දින 10ක් තුළ සිදු කළ වාර්තා සැලකිල්ලට ගැනීමේදී පුද්ගලයන් එක්ලක්ෂ හැත්තෑ දෙදහස් අටසිය හැත්තෑහත් දෙනකු (1,72,877) සහ රථවාහන හැටහතර දහස් දෙසිය පනස්අටක් (64,258) පරීක්ෂා කළ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙම වාහන පරීක්ෂා කිරීම සිදු කළේ රථවාහන නිලධාරීන් සිදුකරන සාමාන්‍ය රාජකාරිවලට අමතරව බවත් ඒ මහතා සිහිපත් කළේය.

එමෙන්ම අධිකරණ වරෙන්තු මත සිටි 256 දෙනක් කේරළ ගංජා කිලෝ 462ක්, හෂීස් කිලෝ 15ක්, අයිස් කිලෝ 8 ක්ද මෙම මෙහෙයුම් අතරතුරදී අත්අඩංගුවට ගෙන තිබේ.

සීල් මූඩියෙන් ප්‍රකට නාමයෙන් තැබෑරුමට එන කසිප්පු.!

සීල් මූඩියෙන් ප්‍රකට නාමයෙන් තැබෑරුමට එන කසිප්පු.!

පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරින් විසින් ඉකුත් සති අන්තයේදී නීති විරෝධි ලෙස පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් හය දෙනකු සමඟ ලක්ෂ ගණනක් වටිනා මත්පැන් තොග අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී සැකකරුවන් සමඟ වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබූ ¼ මත්පැන් බෝතල් 4971ක් බෝතල් කිරීමට සකස් කර තිබූ මත්පැන් ලීටර් 228ක්, එතනෝල් ස්ප්‍රීත්තු ලීටර් 110ක් සහ අරක්කු බෝතල්වලට පුරවන සහ මූඩි සවි කරන නවීන මැෂිමක්ද අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම මත්පැන් බෝතල්වල මූඩිවල ඇලවීමට සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් බලපත්‍ර සහිත මත්පැන් නිෂ්පාදනාගාරවලට පමණක් නිකුත් කරන තීරු කේත සහිත ව්‍යාජ ලෙස සකස් කරගත් ස්ටිකර් 4300ක් පිළිගත් මත්පැන් නිෂ්පාදන ආයතනයක නම සඳහන් ව්‍යාජ ලේබල් 8000ක් අත්අඩංගුවට ගෙන ඇති බව ජා – ඇළ සුරාබදු ස්ථානය සඳහන් කරයි.

ජා – ඇළ සුරාබදු කොට්ඨාසයට අයත් කිරිබත්ගොඩ මායා මාවතේ රුපියල් ලක්ෂයක කුලී පදනම මත ලබාගත් සුපිරි දෙමහල් නිවෙසක මෙම මත්පැන් ස්කාගාරය පවත්වාගෙන ගොස් ඇත.

නීත්‍යනුකුලව දිවයිනේ පිළිගත් ප්‍රසිද්ධ මත්පැන් නිෂ්පාදන ආයතනයක නමින් මෙහි මත්පැන් බෝතල් ලේබල් කර තිබූ බවද ජා – ඇළ සුරාබදු ස්ථානය සඳහන් කරයි.

වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා එම මත්පැන් ජා – ඇළ සුරාබදු ස්ථානයට භාරදී ඇති අතර සැකකරුවන් සහ භාණ්ඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජා – ඇළ සුරාබදු ස්ථානය පැවසූවේ, අත්අඩංගුවට පත් සැකකරුවන් කිරිබත්ගොඩ, නාරම්මල, පොල්පිතිගම, නාවලපිටිය සහ කළුතර පදිංචි 25 – 35 අතර වියේ පසුවන අය බව‍යි.

BMW වලට පයින් ගසා TATA වෙනුවට A/C දුන් පුනරුද සභාපති.!

BMW වලට පයින් ගසා TATA වෙනුවට A/C දුන් පුනරුද සභාපති.!

තමන්ට හිමි අතිසුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථය, විකුණා දමා ඉන් ලැබෙන මුදලින් වායුසමනය කළ බස් රථ දෙකක් සේවක ප්‍රවාහනය වෙනුවෙන් මිලදී ගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා තීරණය කර තිබේ.

මෙම රථයේ වර්තමාන වටිනාකම වන්නේ රුපියල් මිලියන 52ක් වන අතර මේ රථය ධාවනයෙන් ඉවත් කළ විට සිදු වන්නේ එහි එයි සංවේදක (සෙන්සර්) අක්‍රිය වී විශාල වියදමක් දැරීමට සිදුවීමත් භාවිත කළ විට අධික ඉන්ධන පරිභෝජනයක් දැරීමට සිදුවීමත් හේතුවෙන් කරුණු සැලකිල්ලට ගත් වර්තමාන සභාපති ඩී.ජේ රාජකරුණා මහතා එම සුපිරි රථය අලෙවි කර, එයින් වායුසමනය කළ බස් රථ දෙකක් මිලට ගෙන, එම බස් රථ සේවක ප්‍රවාහනය වෙනුවෙන් ලබා දීමට තීරණය කර තිබේ.

අශ්වබල 3,500ක් පමණ වන BMW 7 SERIESට අයත් මේ මෝටර් රථය 2018 වසරේ මිලට ගෙන ඇත්තේ රුපියල් මිලියන 29.5කට (රුපියල් ලක්ෂ 295ක්)ය. මෝටර් රථය පෙට්‍රල් ලීටරයකින් ධාවනය කළ හැක්කේ කිලෝමීටර් 04ක් පමණි.

මේ වනවිට මෝටර් රථය අවස්ථා කිහිපයකම අලුත්වැඩියා කිරීම වෙනුවෙන් රුපියල් හැටහත් ලක්ෂ හැත්තෑහයදහස් තුන්සිය හතළිස් නවයක් (රු. 6,770,349) වැය කර තිබේ.

එමෙන්ම වාහනයේ මාසික සේවා වෙනුවෙන්ද අතිවිශාල මුදලක් වැය කිරීමට සිදුව තිබේ. එසේම වාර්ෂික රක්ෂණාවරණ වෙනුවෙන් රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් වැය කළ යුතු බවද පැවසේ.

මෙම රථය විකුණා දැමීම හරහා සංස්ථාවට විශාල වැය බරක් අඩු වනු ඇති අතර බස් රථ දෙක වෙනුවෙන් වැය කළ යුත්තේ මිලියන 40ක් පමණ මුදලක් බව වාර්තා වේ.

එම කටයුතු සඳහා ඊට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව පසුගිය සිකුරාදා ඉදිරිපත් කර ඇති අතර එම කටයුතු කඩිනමින් සිදුකිරීමට අවධානය යොමුවී ඇත.

මේ වනවිට සේවක ප්‍රවාහනයට යොදා ඇති ටාටා බස් රථ වසර 10කට වඩා පැරැණි වන අතර මිල දී ගැනීමට යෝජනා කර ඇති බස් රථ දෙක පූර්ණ වායුසමනය කළ ජපන් බස් රථ වේ.

අඟල් 4ක ඉතාලි කට පුංචෙක් කහතුඩුවෙන් අල්ලයි.!

අඟල් 4ක ඉතාලි කට පුංචෙක් කහතුඩුවෙන් අල්ලයි.!

මොරගහහේන පොලිසිය පවසන්නේ, අත්ලේ සඟවාගෙන රැගෙන යා හැකි ආකාරයේ අඟල් 4 – 1/2 ක් පමණ දිගැති ඉතාලියේ නිෂ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවියක් සහ 2.2 ජීව උණ්ඩ පහක් සහ 9mm වර්ගයේ ජීව උණ්ඩ 2 ක් කහතුඩුව මාගම්මන ඉදි කරමින් පවතින නිවසක කුෂන් මෙට්ටයක් තුල සඟවා තිබියදී සොයා ගත් බවයි.

පොලිසිය පවසන්නේ, එම ගිනි අවියේ හිමිකරු වන මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මස්සිනා ආධාර අනුබලදීම යටතේ හෝමාගම් දොලේ කඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.

මීට සිව් දිනකට ඉහතදී ඉතාලියේදී මිය ගිය පුද්ගලයෙකුට අයත් හෝමාගම් මාගම්මන ඉඳි කරමින් පවතින නිවසක මත්ද්‍රව්‍ය චෝදනාවකට මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින පුද්ගලයෙකු විසින් ගිනි අවියක් සඟවා ඇති බවත් එය ඔහුගේ මස්සිනාට රැගෙන යාම සඳහා දුරකථන ඇමතුම් මඟින් උපදෙස් ලබා දී ඇති බවත් බස්නාහිර පළාතේ බුද්ධි කොට්ඨාසයේ මොරගහහේන පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන් (9294) රෝහණ නිලධාරියාට ලද තොරතුරක් ලැබී තිබූ බව පොලිසිය පවසයි.

ඒ අනුව පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. සි. මදුශංක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පොලිස් විශේෂ කාර්ය බළකා හොරණ කඳවුරේ නිලධාරීන් සමඟ එම නිවස වටලා පුරා පැය 4 කට අසන්න කාලයක් සෝදිසියට ලක්කර මෙට්ටිය තුළ තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ ගිණි අවිය සහ ජීව උණ්ඩ සොයා ගැනීමට සමත් වී ඇත.

පොලිස් නිලධාරීන් එම නිවස වැටලීමට පැය දෙකකට පමණ ඉහතදී අත්අඩංගුවට ගත් සැකකරු. එම නිවස වෙත ගොස් ගිනි අවිය සොයා ගැනීමට උත්සාහ දරා ඇතත් එය නිශ්ඵල වී ඇතැයි සැකකරුගේ ප්‍රකාශයකින් අනාවරණය වී යැයි පොලිසිය කියයි

මෙම ගිනි අවිය බන්ධනාගාර ගතව සිටින පුද්ගලයාට ලද ආකාරය සහ එමගින් මනුෂ්‍ය ඝාතන සිදුකර තිබේද යන්න පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදු කිරීමට නියමිතය.

අත්අඩංගුවට ගත් සැකකරු සහ ගිනි අවිය කහතුඩුව පොලිසිය වෙත භාරදී ඇත.

චීන තිසරපට නවතන්න ඩොලර් මිලියන 35ක්.!

චීන තිසරපට නවතන්න ඩොලර් මිලියන 35ක්.!

ඉතාලියේ බෙන්ජි ඇඟලුම් සමාගම ඩොලර් මිලියන 35ක ආයෝජනයක් හරහා ලොව සුපතල සන්නාම වෙනුවෙන් මෙරට නිපදවෙන තිසරපට සඳහා යොදාගන්නා “බ්‍රා කප්” ලංකාවේදී ම නිෂ්පාදනය කරගැනීම වෙනුවෙන් තාක්ෂණය පුළුල් කිරීමට අදාළව නව ගිවිසුමකට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග අත්සන් තබා ඇත.

ශ්‍රී ලංකාව තුළ සිරිඕ, ඇල්ෆා ආදී නම්වලින් ඇඟලුම් කර්මාන්තශාලා පවත්වාගෙන යන ඉතාලි මව් සමාගමකට අයත් බෙන්ජි සමාගම 2006දී කාන්තාවන් සඳහා තිසරපට නිපදවීම ආරම්භ කර ඇත.

ආයෝජනය හරහා එම සමාගම ‘බ්‍රා කප්’ නිපදවීම සඳහා අවශ්‍ය අලුත්ම යන්ත්‍ර උපකරණ මෙරටට ගෙන ඒමට සැළසුම් කර ඇති අතර මේ ආයෝජන මගින් දැනට නිපදවන මිලියන 30ක ‘බ්‍රා කප්’ ප්‍රමාණය සියයට 35කින් ඉහළ යනු ඇති බව ආයෝජන මණ්ඩලය පවසයි.

එමගින් තිසරපට නිපදවීම සඳහා චීනයේ සිට ‘බ්‍රා කප්’ ආනයන කිරීම සම්පූර්ණයෙන් ම නැවැත්වීමට හැකි වනු ඇති බව ත් මේ සඳහා පිටරටට ඇදීයන විදෙස් විනිමය මේ ඔස්සේ නතර වන බව ත් එම මණ්ඩලය සඳහන් කරයි.

We are happy to invite you.