By unusuma.lk on
(LK time)පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ඉශාන්ත රණතුංග සදහන් කළේ, රටේ පවතින පොල් හිඟය හේතුවෙන් පොල් මද ආනයනය කිරීමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.
පොල් ගෙඩි මිලියන 200කට අදාළ වන පොල් ප්‍රමාණයක් පොල්කිරි, පිටි සහ ශීතකළ පොල් මද යන කාණ්ඩ 03 යටතේ ප්‍රති අපනයනයට පමණක් ආනයනය කිරීමට අවසර දෙන ලෙස කැබිනට් පත්‍රිකාව මගින් ඉල්ලා ඇත.
එම අධිකාරියේ සභාපති ඉශාන්ත රණතුංග සදහන් කළේ,
“ලංකා පොල් වාණිජ මණ්ඩලය අප වෙත කරන ලද ඉල්ලීමකට අනුව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය එක්කව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා.
මෙම මගින් බලාපොරොත්තු වෙන්නේ පොල් අඩු මාසවලදී. විශේෂයෙන් 2025 ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් මාසවලදී අඩුවන ගෙඩි ප්‍රමාණය ආනයනය කිරීම සදහා අවසර ලබාදීම.
මෙම මගින් අපි අරමුණ දෙකක් බලාපොරෝතු වෙනවා. පළවෙනි අමුණ තමයි නිෂ්පාදකයින්ට බාධාවකින් තොරව තමන්ගේ නිෂ්පාදන කටයුතු කරගෙන යෑමට අමුද්‍රව්‍ය සැපයීම.
දෙවෙනි අමුරණ තමයි පොල් පළදාව අඩුවීම නිසා පොල් කර්මාන්ත ශාලාවලින් සහ පොල් පාරිභෝගිකයින්ගෙන් යන දෙගොල්ලන්ගෙන් ඇතිවෙලා තිබෙන විශාල ඉල්ලුම හින්දා, ඉල්ලුම් සැපයුම් නියාය මත පොල් ගෙඩියේ මිල අසාමාන්‍ය ලෙස වැඩිවෙලා තියෙනවා.”
මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ඉශාන්ත රණතුංග මේ බව සදහන් කරයි.