By unusuma.lk on
(LK time)මීගමුව කුරණ සාන්ත ආනා දේවස්ථානයේ නව දහම් පාසල් ගොඩනැඟිල්ල විවෘත කිරීම සඳහා පැවැති උත්සවයට සහභාගී වෙමින් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පැවසූයේ පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සිදු කිරීම පිටුපස ක්‍රියාත්මක වූ යාන්ත්‍රණය සහ එහි සත්‍ය තොරතුරු සිකුරු ලෙසම තව ටික දිනකින් හෙළිදරව් වන බවයි.
උන්වහන්සේ පවසන්නේ තමන්ට බලය ලබා ගැනීම සහ එය පවත්වාගෙන යෑම සඳහා නායකයන් කොයිතරම් දූෂිත, අප්‍රසන්න හා විනාශකාරී දේවල් සිදු කළාද කියා දැන් හෙළිදරව් වෙමින් තිබෙන බවයි.
“ඒ ගොල්ලන් සත්‍යය කොතරම් සඟවන්නට යට ගහන්නට උත්සාහ කළත් පාස්කු ප්‍රහාරය පිටුපස ක්‍රියාත්මක වූ යාන්ත්‍රණය සහ එහි සත්‍යය තව ටික කලකින් හෙළිදරව් වෙනවා සිකුරුයි”