By unusuma.lk on
(LK time)කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සහ කෘෂිකර්ම පශු සම්පත්, වාරිමාර්ග අමාත්‍යංශයට සම්බන්ධ රාජ්‍ය ආයතන ගොවියට ඉතා සාධාරණ ලෙස වී මිලදී ගැනීමට මිල ගණන් සකස් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත සදහන් කරයි.
ඒ අනුව වියළි නාඩු වී කිලෝවක් රුපියල් 120 කට මිලදී ගන්නා බව සදහන් කරයි.
සම්බා වී කිලෝවක් රුපියල් 125 කට මිලදී ගන්නා බව සදහන් කරයි.
කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132 කට මිලදී ගන්නා බව සදහන් කරයි.
වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල දැනුම්දීම සදහා අද (05) දින විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.