මගේ ජීවිතය අනතුරේ.. මට හමුදා ආරක්ෂාව දෙන්න.. මහින්ද අයදියි.!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඉවත් කරනු ලැබූ සිය ආරක්ෂිත සංචිතය යළි ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

නිසි ආරක්ෂක තක්සේරුවකින් තොරව සිය ආරක්ෂාව සදහා සපයා තිබූ ආරක්ෂක නිලධාරී සංචිතයෙන් නිලධාරීන් 60 දෙනෙකු පමණක් ඉතිරි කොට අන් සියල්ල ඉවත් කිරීමට කටයුතු කළ බව මහින්ද රාජපක්ෂ සිය පෙත්සමේ සඳහන් කර ඇත.

තවද මේ වනවිට කිසිදු සන්නද්ධ ආරක්ෂක නිලධාරියෙකු සිය ආරක්ෂාව සදහා යොදවා නොමැති බවත් පොලිස් නිලධාරින් පමණක් ආරක්ෂාව සදහා සපයා තිබෙන බවද හිටපු ජනාධිපතිවරයා සිය පෙත්සමේ සඳහන් කර ඇත.

දශක තුනක් පමණ පැවති යුද්ධයක් නිමා කිරීමට නායකත්වය දුන් තමා ත්‍රස්තවාදී තර්ජන වලට මුහුණපා සිටින අයෙකු වන අතර තම ජීවිතයටද තර්ජන එල්ල වී තිබෙන බවත් එම තර්ජන පිළිබඳව තක්සේරුවක් සිදුකරන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද හිටපු ජනාධිපතිවරයා අයැද සිටියි.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් නම් කර ඇත.

අත්තනෝමතික ලෙස සිය ආරක්ෂාව ඉවත් කිරීම තුළින් වගඋත්තරකරුවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අධිකරණයෙන් ඉල්ලා ඇත.

Loading

Tell me 💬
Notify of
guest
8 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.