By unusuma.lk on
(LK time)අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (23) පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ කෙතරම් උත්සාහ දැරුවත් ජනතාව මත පටවා ඇති හිටපු ජනාධිපතිවරුන්, ආර්යාවන් හා ඇමතිවරුන් නඩත්තු කිරීමේ බරෙන් ජනතාව නියත වශයෙන් නිදහස් කිරීමට කටයුතු කරනා බවයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ “මහින්ද රාජපක්ෂගේ මන්දිරය බේරා ගැනීමේ සංසදය” මැයෙන් පක්ෂ භේදයකින් තොරව විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් සංසදයක් නිර්මාණය කරගෙන ඇති බවයි.
මාසික කුලිය රුපියල් ලක්ෂ 46 ක් පමණ වන වර්ග අඩි 30,554 ක පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම නිවස අතීතයේදී කුඩා එකක් බවත් පසුව විවිධ ඉඩම් කොටස් එකතු කර මේ වනවිට අක්කරයක පමණ ඉඩමක මෙම නිවස ගොඩ නගා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පසුගිය වසර කිහිපය තුළ පමණක් මෙම නිවස අලුත්වැඩියාවට රුපියල් ලක්ෂ 430 කට වඩා අධික මුදලක් වැය කර ඇති බවත් එහි අලුතින් විදුලි සෝපාන යන්ත්‍ර පවා සවිකර ඇති බවත් ය.
නිවසින් ඉවත්වන ලෙස පවසනකම් නොසිට ඉවත්ව යන ලෙසත් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.