By unusuma.lk on
(LK time)මේ වනවිට ලෝකය පුරා රටවල් රැසක නැවත වරක් ව්‍යාප්තව පවතින නව කොවිඩ් වෛරසය ව්‍යාප්තිය සම්බන්ධව අවධානය යොමුකරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.
නව කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් අවධානය විශාල වශයෙන් යොමු කර තිබෙන බවත් නව කොවිඩ් වෛරසයේ ව්‍යාප්තියත් සමඟ දිවයින පුරා රෝහල් තුළ සිදුකරන PCR පරීක්ෂණ වැඩිකිරීමට පියවර ගන්නා බවද සෞඛ්‍ය ලේකම්වරයා සඳහන් කරයි.
විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ,
“අපි නැවතත් වසංගත විද්‍යා අංශය ඇතුලු කොවීඩ් සම්බන්ධ කන්ඩායම් රැස්කරලා සාකච්චා පවත්වලා අපේ සෞඛ්‍ය පද්ධතිය තුළ මේ අවස්ථාවේ මොනවද කරන්න ඕන කියලා සාකච්ඡා පවත්වා තිබෙනවා. මේ අවස්ථාවේ ජනතාව බියවීමට අවශ්‍ය නැහැ.
හැබැයි ශ්‍රී ලංකාවට මේක එන්නේ නැහැ කියළා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. ලංකාවේ කොවීඩ් රෝගීන් සංඛ්‍යාව ඉතාම අඩුයි. කොවීඩ් ලෝක වසංගතය අවසන් වීමෙන් පසුවත් මේ කොවිඩ් වසංගතය දිගටම තිබුණා.
පසුගිය වසර කිහිපයම ගත්තම මැයි ජූලි තමයි කොවීඩ් සංඛ්‍යාව ඉහළ යන්නේ. මේ අවස්ථාවේ ආසියාවේ තමයි කොවීඩ් වැඩිවිමක් තියෙන්නේ. සිංගප්පූරුවේ පැතිරීම නිසා වැඩි අවධානයක් යොමුවුණා. මේ අවස්තාවේ වැටකඩුලු බැදීම පමණක් නෙමෙයි.
අපි අභ්‍යන්තරව මේ සඳහා සූදානම් වීම කළ යුතුයි. ජාතික රෝහල් ඇතුලු ප්‍රධාන රෝහල් සහ PCR තිබෙන රෝහල්වල එම පරීක්ෂණ යම් ප්‍රමාණයකට වැඩි කිරිමට කටයුතු කරනවා. උණ පිළිබඳ ආවේක්ෂන පද්ධතියක් තිබෙනවා. ඒවා පිළිබඳවත් මේ දිනවල වැඩි අවධානය යොමු කර තිබෙනවා.
ඒ හරහා අපි කෝවිඩ් තත්ත්වය මොන මට්ටමක තියෙනවද කියලා විමසා බලනවා. නව කොවිඩ් වෛරසය තියෙනවද කියලත් විමසා බලනවා. නව ප්‍රභේදය ගත්තත් මරණ අනුපාතය අඩු මට්ටමක පවතිනවා.”