By unusuma.lk on
(LK time)අධිකරණයේ ඇප මත නිදහස්ව සිටි වීරකැටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් හතර දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.
ඒ දිල්ෂාන් මධුසංඛ නම් තරුණයකු අත්අඩංගුවට ගෙන දින හයකට ආසන්න කාලයක් තිස්සේ රඳවා තබා ගනිමින් වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් සිදුවීමකට අදාලවයි.
වීරකැටිය පොලිස් ස්ථානාධිපති නුවන් බුද්ධික විජේතුංග, තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍ර ජයවික්‍රම , මාලිම්බඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත විජේසේකර සහ පොලිස් සැරයන් සමන් ජයවර්ධන යන නිලධාරීන්ගේ සේවය මෙලෙස අවසන් කර ඇත.
මාතර මහාධිකරණය පසුගිය ජනවාරි මස 27වනදා මෙම පොලිස් නිලධාරීන් හතර දෙනා රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 වැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.
මාතර මාලිම්බඩ පොලිසියේ සේවය කරමින් සිටියදී දිල්ෂාන් මධුසංඛ නම් තරුණයකු අත්අඩංගුවට ගෙන දින හයකට ආසන්න කාලයක් තිස්සේ රඳවා තබා ගනිමින් වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය කළ විමර්ශනයකින් පසු නීතිපතිවරයා මෙම නිලධාරීන්ට අධිචෝදනා ගොනු කර තිබු අතර නඩු විභාගය වැඩිදුර කැඳවීම පෙබරවාරි මස 27 වැනි දිනට කල් තැබීය.
මේ සම්බන්ධයෙන් MediaLa YouTube නාලිකාවේ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සිදුකළ විශේෂ අනාවරණයයෙන් පසුව මේ සම්බන්ධයෙන් පොලිස් නීති කොට්ඨාශය, පොලිස් නීති දිසාව, විනය හා කල්ක්‍රියා කොට්ඨාශය, විසින් සිදුකළ පරීක්ෂණ අනුව වැඩබලන පොලිස්පතිවරයාගේ නියමයෙන් මෙම වැඩතහනම සිදුකර තිබේ.