By unusuma.lk on
(LK time)ඊයේ (28) වොෂින්ටන් ඩීසී හි එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේදී ශ්‍රී ලංකාව සඳහා අමෙරිකාව පැනවූ තීරු බදු සම්බන්ධයෙන් වූ සාකච්ඡාවේ දෙවන වටය පැවැත්වුණි.
එම සාකච්ඡා සඳහා ශ්‍රී ලාංකික දූත පිරිස පසුගියදා දිවයිනෙන් පිටත්ව ගියහ.
එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ අදාළ නිලධාරීන් අතර පැවැත්වූ මාර්ගගත සාකච්ඡා වට කිහිපයකින් පසුව මෙම පුද්ගල මට්ටමේ හමුවට අවශ්‍ය පසුබිම සකස් වූ අතර, ඉන් ආර්ථික සබඳතා සවිමත් කිරීම සඳහා දෙරටෙහිම කැපවීම පිළිබිඹු කෙරෙනු ඇති.
දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම සඳහා වූ අඛණ්ඩ උත්සාහය අරමුණු කරගත් දෙවන පුද්ගල මට්ටමේ රැස්වීම මෙයයි.
වත්මන් ආර්ථික ප්‍රමුඛතා සැලකිල්ලට ගනිමින්, වෙළෙඳ සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා නව අවස්ථා සොයා බැලීම හා ශ්‍රී ලංකාවට හිතකර ප්‍රතිඵල ලබා ගැනීම ඉදිරියේදී පැවැත්වීමට නියමිත මෙම සාකච්ඡාවලින් අපේක්ෂා කෙරෙන බව සඳහන් වේ.