By unusuma.lk on
(LK time)වත්මන් ආණ්ඩුව පත්වීමෙන් පසු ගත් තීරණයකට අනුව ජීවිත ආරක්ෂාව සඳහා බලපත්‍ර සහිතව විව්ධ පුද්ගලයන්ට ලබාදී ඇති ගිනිඅවි පිළිබඳ සමාලෝචනය කිරීමෙන් පසු නැවත ලබාදීම සලකා බැලීමට යටත්ව ගිනිඅවි භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය පසුගියදා දැනුම් දුන්නේය.
එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සතුව තිබූ පිස්තෝල ගිනිඅවි 7ක් සම්බන්ධයෙන් අනාවරණය විය.
එම අවි 7න් 5ක් මුල් අවස්ථාවේදීම භාරදී තිබූ නමුත් 2ක් බාර්දීමට කටයුතු කර තිබුනේ නැත.
කෙසේවෙතත් මේ වනවිට ඔහු සතුව තිබූ ඉතිරි ගිනිඅවි 2ත් භාරදී ඇති බව වාර්තා වෙයි.