සිංහරාජ වනාත්තරයේ ඉතා දුර්ලභ සතුන් එකතු කළ විදේශිකයින් අත්අඩංගුවට

උඩවලව ජාතික උද්‍යානයේ පනහඩුව අඩවි ආරක්ෂක කාර්යාලයට ලද තොරතුරකට අනුව සිංහරාජ වනාන්තරය තුළ කෘමි සත්ත්ව විශේෂ සහ උරගයින් එකතු කරමින් සිටි කාන්තාවක් ඇතුළු චීන ජාතිකයින් සිව්දෙනෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී සත්ව විශේෂ 40කට ආසන්න ප්‍රමාණයකට අයත් සතුන් 250කට අධික සංඛ්‍යාවක් සොයාගෙන ඇති අතර එම සැකකරුවන් මීට පෙරද ශ්‍රී ලංකාවට පැමිණි ඇති බවට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

එම සැකකරුවන් සහ සත්ත්ව විශේෂ කලවාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී සැකකරුවන් ලබන (23) වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

සැකකරුවන් සන්තකයේ තිබී සොයාගත් ජීවී සහ අජීවී සතුන් හඳුනාගැනීම සඳහා ජාතික කෞතුකාගාරය වෙත අද (10) දිනයේ යොමුකර පරිසරයට නිදහස් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව වාර්තා වේ.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel