Advertisements

අත්අඩංගුවට ගත් සජබ මන්ත්‍රී⁣ට දුන් නියෝගය

LIVE

අත්අඩංගුවට ගත් සමඟි ජන බලවේගයේ අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අමිත චතුරංග නොහොත් බටපොළ නින්දානේ චුට්ටේ අද (13) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මන්ත්‍රී අමිත චතුරංග නොහොත් බටපොළ නින්දානේ චුට්ටේ ජුලි (24) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

රිපිටර් වර්ගයේ ගිනිඅවියක් නීති විරෝධීව සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් පසුගිය (11) දින ගාල්ල අපරාධ කොට්ඨාශය මගින් ඔහුව අත්අඩංගුව ගත්තේය.

1 Comment
Most Voted
Newest Oldest