මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකි බවට මැතිවරණ කොමිසම විසින් එම පක්ෂයේ පාර්ශ්වයන්ට දැනුම්දී ඇත.
ඒ අනුව, නිලවරණයක් පැවැත්වීම ඇතුළු අවශ්‍ය නිර්ණායක සපුරාලීමෙන් පසුව පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි වීමට යළි ඉල්ලීමක් ඉදිරිපත් කරන ලෙසද කොමිසම දැනුම්දී ඇත.
එම පක්ෂයේ දයාසිරි ජයසේකර, නිමල් සිරිපාල ද සිල්වා, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක ඇතුළු පාර්ශව කිහිපයක් මැතිවරණ කොමිසමට ගෙන්වා මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ බව ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභ්‍යන්තර අර්බුදකාරී පක්ෂයක් වන බැවින් ඉදිරි මැතිවරණයකට නාම යෝජනා භාරදීමට හැකියාවක් නැත.
