Advertisements

වෙළෙදපොළේ සබන් නිෂ්පාදන රැසක් තහනම් කරයි

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 10(1) (අ) වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව මෙරට ‌වෙළෙඳපොල තුළ පවතින සබන් නිෂ්පදනවල නම සහ සමස්ත මේද ප්‍රතිශතය ඇසුරුම් මත සඳහන් කිරීම අනිවාර්ය කරමින් අතිවිශේෂ ගැසට්‌ පත්‍රයක් නිකුත් කර ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන සභාපති එස්.එම්.ඩී. සූරියකුමාරගේ නිර්දේශ පරිදි 2027 වසරේ ජූලි මස (09) වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම විධිවිධාන ක්‍රියාත්මක වේ.

අදාළ නිෂ්පාදන නාමය ඝන අකුරින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම හෝ එම භාෂා අතුරින් භාෂා දෙකකින් ප්‍රධාන රාමුව මතද, අනෙක් භාෂාවෙන් වෙනත් ඕනෑම රාමුවකද සටහන් කළ යුතුය.

ඇසුරුම් කරන ලද අවස්ථාවේදී නිෂ්පාදනයේ අඩංගු සමස්තමේද පදාර්ථ ප්‍රමාණය ප්‍රතිශතයක් (%) ලෙස පැහැදිලිව, ප්‍රකටව සහ මිලිමීටර් 2 (මි.මී. 2) ට නොඅඩු ඝන අකුරින් මුද්‍රණය කළ යුතු අතර මෙම විධානය අදාළ වන සබන් වර්ග (උපලේඛනය) මෙම නව රෙගුලාසි ළදරු සබන්, ඇඟ ගල්වන සබන්, ෂේවීන් සබන්, කාබොලික් සබන්, රෙදි ‌සෝදන ‌සබන්, ‌බේදින් බාර් සහ මෘදු සබන් සඳහා අදාළ වේ.

ජනතාව අතර ජනප්‍රිය සහ වසර ගණනාවක් පුරා වෙළෙඳපොල තුළ පවතින ප්‍රධාන සබන් සන්නාම බොහොමයක් අදාළ නිර්දේශ නිවැරදිව අනුගමනය කරන අතර එම නිෂ්පාදනයන්හි අන්තර්ගත අමුද්‍රව්‍ය වර්ගද ඇසුරුම් මත ප්‍රදර්ශනය කරනු ලබයි.

එහෙත් වෙළෙඳපොල තුළ දක්නට ලැබෙන ඇතැම් සබන් නිෂ්පාදන ඇසුරුම් වල එම නිෂ්පාදන තුළ අන්තර්ගත අමුද්‍රව්‍ය හෝ මේද පදාර්ථ ප්‍රතිශතය පිළිබඳ කිසිදු සඳහනක් නොමැති අතර එම සබන් නිෂ්පාදනයන් දේශීයව නිෂ්පාදනය කරනු ලබන අතර ඇතැම් සබන් නිෂ්පාදනයන් විදේශයන්ගෙන් ආනයනය කරන ඒවා බවටද තොරතුරු වාර්තා වේ.

Advertisements
1 Comment
Most Voted
Newest Oldest