විශාලතම ස්වාභාවික ගෑස් නිධිය වන ‘South Pars/North Dome Gas-Condensate field’ සංකීර්ණයේ ඉරානය විසින් පාලනය කරන දකුණු පාර්ස් (South Pars) ප්‍රදේශයට ගුවන් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාරයත් සමග එම ප්‍රදේශය ගිනිගැනීමකට ලක්ව ඇති බව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායට (IRGC) අනුබද්ධ ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කරයි.
පර්සියානු බොක්කෙහි පිහිටා ඇති මෙම කලාපය ලොව විශාලතම ස්වාභාවික ගෑස් නිධිය වන අතර එය කටාර් සහ ඉරානය ඒකාබද්ධව පාලනය කරයි.
සමස්ත භූමි ප්‍රදේශය වර්ග කිලෝමීටර් 9,700 (වර්ග සැතපුම් 3,700)ක් වන අතර ඉන් දකුණු පාර්ස් (South Pars) අයත් වර්ග කිලෝමීටර් 3,700 (වර්ග සැතපුම් 1,400)ක ප්‍රමාණය ඉරානයට අයත් වන අතර කටාරය වර්ග කිලෝමීටර් 6,000 (වර්ග සැතපුම් 2,300)ක් පුරා මෙහෙයුම් කටයුතු සිදුකරයි.
