පසුගියදා දකුණු මුහුදේදී බහුදින ධිවර යාත්‍රා දෙකක් තුළ තිබී නාවික හමුදා භාරයට ගත් කිලෝග්‍රෑම් 280කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 4,500කට අධික බව සඳහන් වේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර සඳහන් කර සිටියේ එම බහුදින ධීවර යාත්‍රාව තුළ ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය තවමත් ගණනය කරමින් පවතින බවය.
එහිදී සැකපිට නාවික හමුදා භාරයට ගත් බහුදින ධිවර යාත්‍රා දෙක සහ සැකකරුවන් 11 දෙනා මේ වන විට දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත් ඇති බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදාව විසින් දිගුදුර නෞකා යොදාගනිමින් මෙම බහුදින ධීවර යාත්‍රා දෙක සොයා විශේෂ මෙහෙයුමක් සිදුකර තිබුනේ පොලිසිය විසින් ලබා දුන් තොරතුරකට අනුවයි.
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ඉන් එක් යාත්‍රාවක පුද්ගලයින් 5දෙනෙකු සහ අනෙක් යාත්‍රාවේ පුද්ගලයින් 6දෙනෙකු සිටි බව ද නාවික හමුදාව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
මෙම යාත්‍රාවන්හි මත්ද්‍රව්‍යකිලෝ ග්‍රෑම් 270ක් පමණ ඇති බවට සැක කෙරේ.
නාවික හමුදා භාරයට ගත් යාත්‍රා දෙක සහ සැකකරුවන් 11 දෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතය.

