බිහිසුණු දුම්රිය අනතුරින් 69ක් මරුට.. ඇමති ඉල්ලා අස්වෙයි

බිහිසුණු දුම්රිය අනතුරකින් පුද්ගලයන් 69 දෙනෙකු මියගොස් තවත් 200ක පිරිසක් තුවාල ලැබීම හේතුවෙන් ස්පාඤ්ඤයේ ප්‍රවාහන අමාත්‍ය ඔස්කාර් පුඑන්තේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

පසුගිය මස (28) වැනිදා මැඩ්රිඩ් නගරයට දකුණින් පිහිටි උර්ඩා ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ අධිවේගී දුම්රියක් නතර කර තිබූ තවත් දුම්රියක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

දුම්රිය ආරක්ෂාව සම්බන්ධයෙන් රජයට දැඩි විවේචන එල්ල වීම හේතුවෙන් ප්‍රවාහන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළේය.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel