පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රභූන් 11 දෙනෙකුට ප්‍රභූ ආරක්ෂාව ලබාදී ඇති බවට පළවූ වාර්තා සම්බන්ධව අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (14) දින කැබිනට් මාධ්‍ය හමුවේදී පැහැදිලි කිරීමක් සිදු කළේය.
විශේෂ ආරක්ෂක නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මෙම ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධව පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
අදාළ පිරිසට කිසිදු විශේෂ ආරක්ෂාවක් හෝ ප්‍රභූ ආරක්ෂාවක් සපයා නොමැති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් දන්වා ඇති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
ඒ අනුව එම පිරිසට විශේෂ ආරක්ෂාවක් හෝ කිසිදු ප්‍රභූ ආරක්ෂාවක් සපයා නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
එම පිරිස අතර අශෝක රන්වල, මොහොමඩ් රිස්වි සාලි, සරත් කුමාර, අජිත් ශාන්ත, රුවන් විජේවීර, තිලංක යූ ගමගේ, සුනිල් බියන්විල, දිනේශ් හේමන්ත, රංජිත් මද්දුමබණ්ඩාර, එච්.ඒ ධර්මසේන, ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු 11 දෙනෙකුට සිටින බව පසුගියදා වාර්තා විය.
