ශ්රී ලංකා මෝටර් රථ ක්රීඩා සංගමයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තරුණ කටයුතු හා ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ පියවර ගෙන ඇත.
තරුණ කටයුතු හා ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ විසින් මේ සම්බන්ධයෙන් වන අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
මෙම අත්හිටුවීමත් සමග මෝටර් රථ ක්රීඩා සංගමයේ පවතින ව්යවස්ථාව සංශෝධනය කිරීමේ ක්රියාවලිය සම්පූර්ණ කිරීම සහ නව නිලධාරීන් පත්කර ගැනීම සඳහා වන නිලවරණ කටයුතු අධීක්ෂණය කිරීමේ වගකීම අමාත්යාංශ ලේකම් යටතට පැවරී ඇත.
ඒ අනුව එම සංගමයේ ඉදිරි පරිපාලන කටයුතු ඇතුළු අවශේෂ කාර්යය ඉටු කිරීම සඳහා තරුණ කටයුතු හා ක්රීඩා අමාත්යාංශයේ ලේකම්වරයා ‘නිසි බලධාරියා’ ලෙස පත් කර ඇත.
