සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ෆ්‍රෑන්ක්ෆර්ට්, ඉන්චියොන්, ලාහෝර් සහ අහමදාබාද් යන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හතරකදී (04) ගුවන්යානා ඉන්ධන සැපයීම සඳහා කොන්ත්‍රාත්තුකරුවන් තෝරා ගැනීම පිණිස සීමිත ජාත්‍යන්තර ලංසු කැඳවීමේ ක්‍රමය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත.
ඒ සඳහා ලංසු අටක් (08) ලැබී තිබේ. එම ලංසු ඇගයීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරුවන් වෙත පහත පරිදි අදාළ කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
