දැවැන්ත ව්‍යාපෘති හතකට සූදානම්.!

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේදී දෙරටේ රාජ්‍ය නායකයන් ඉදිරිපිටදී ඒ ඒ ක්‍ෂේත්‍ර වලට අදාළ දෙපාර්ශ්වයේ නිලධාරීන් ගිවිසුම් හතට අත්සන් තැබීම හා හුවමාරු කරගැනීම සිදුවිය.

මෙරට ඩිජිටල් පරිවර්තනය උදෙසා ජනතා මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන සාර්ථක ඩිජිටල් විසඳුම් හුවමාරු කරගැනීමේ අවබෝධතා ගිවිසුම ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල සහ ඉන්දියානු විදේශ ලේකම් වික්‍රම් මිස්රි අතර හුවමාරු කරගැනීම සිදුවිය.

ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුත්තේ සහයෝගිතාව සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර වූ තෛපාර්ශ්වීය අවබෝධතා ගිවිසුම බලශක්ති අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කේ.ටී.එම්. උදයංග හේමපාල, ඉන්දියානු විදේශ ලේකම් වික්‍රම් මිස්රි සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් නසාර් අලමෙරි අතර හුවමාරු කරගැනීම සිදුවිය.

විදුලිබලය ආනයනය හා අපනයනය කිරීම සඳහා අධිවෝල්ටීය සරල ධාරා (HDVC) අන්තර් සම්බන්ධතාවක් ක්‍රියාත්මක කිරීම වන ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වූ අවබෝධතා ගිවිසුම බල ශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කේ.ටී.එම් උදයංග හේමපාල සහ ඉන්දියානු විදේශ ලේකම් වික්‍රම් මිස්රි අතර අත්සන් තබා හුවමාරු කරගැනීම සිදුවිය.

ඖෂධ සංග්‍රහ සහයෝගිතාව උදෙසා ඉන්දියානු සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යංශයේ ඖෂධ සංග්‍රහ කොමිසම සහ ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අතර වූ අවබෝධතා ගිවිසුම සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා අතර හුවමාරු කරගැනීම සිදුවිය.

ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යංශය හා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය අතර වූ සෞඛ්‍ය හා ඖෂධ ක්‍ෂේත්‍රයේ අවබෝධතා ගිවිසුම සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා අතර හුවමාරු කරගැනීම සිදුවිය.

නැඟෙනහිර පළාතේ බහු ආංශික ප්‍රදාන සහාය සඳහා වූ අවබෝධතා ගිවිසුම මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා අතර හුවමාරු කරගැනීම සිදුවිය.

ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම හුවමාරු කරගනු ලැබුවේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් එච්.එස්. සම්පත් තුයියකොන්තා සහ ඉන්දියානු විදේශ ලේකම් වික්‍රම් මිස්රි අතර හුවමාරු කරගැනීම සිදුවිය.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments