පාසල් අධ්‍යාපනයේ වෙනසක්.. නව විෂයමාලා

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සමගාමීව පාසල් කාලසටහන් සකස් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැවගේ අත්සන් යුතුව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

නව විෂයමාලා ප්‍රතිසංස්කරණ 2026 වර්ෂයේදී පළමු ශ්‍රේණියෙන් ආරම්භ වී ඇති අතර 2027 වර්ෂයේදී දෙවන සහ හයවන ශ්‍රේණි සඳහාත්, 2028 වර්ෂයේදී තුන්වන සහ හත්වන ශ්‍රේණි සඳහාත් නව විෂයමාලා හඳුන්වාදීමට නියමිතව ඇත.

2029 වර්ෂයේදී හතරවන, අටවන සහ දහවන ශ්‍රේණි සඳහාත්, 2030 වර්ෂයේදී පස්වන, නවවන සහ එකොළොස්වන ශ්‍රේණි සඳහාත් නව විෂයමාලා හඳුන්වාදීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ජ්‍යෙෂ්ඨ ද්විතීයික ශ්‍රේණි සඳහා නව විෂයමාලා ප්‍රතිසංස්කරණ 2031 වර්ෂයේදී දොළොස්වන ශ්‍රේණියට හඳුන්වාදීමට නියමිත අතර එම විෂය නිර්දේශය හදාරන සිසුන් පළමු වරට 2033 වර්ෂයේදී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත බවද සඳහන් කරයි.

නව විෂයමාලා හඳුන්වාදීමේදී ඇතැම් ශ්‍රේණි සඳහා 2027 වර්ෂයේදී 3, 4 සහ 5 ශ්‍රේණි සඳහා ද, 2028 වර්ෂයේදී 4 සහ 5 ශ්‍රේණි සඳහාද, 2029 වර්ෂයේදී 5 ශ්‍රේණිය සඳහාද, පැරණි විෂය මාලාව ක්‍රියාත්මක වේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී අදාළ වසරවල විෂයමාලා හඳුන්වාදීමේ සැලැස්ම සැලකිල්ලට ගනිමින් පාසල් කාලසටහන් සකස් කළ යුතු බවට උපදෙස් ලබාදී ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel