මෙරට ආරක්ෂාව තර කරයි.!

දේශීය හා විදේශීය ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1500ක් සහ රථවාහන නිලධාරීන් 600ක ප්‍රමාණයක් සේවයේ යෙදවීමට කටයුතු කරන බව පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව 2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග නැරඹීම සඳහා පැමිණෙන දේශීය හා විදේශීය ජනතාවට පොලීසිය දැනුම්දීමක් කරයි.

ප්‍රේක්ෂකයින් ක්‍රීඩා භූමිය තුළට විශාල ප්‍රමාණයේ ගමන්මළු, වීදුරු බෝතල්, ඩ්‍රෝන උපකරණ, කුඩා මුවහත් පිහි, මත්ද්‍රව්‍ය හා මත්පැන් ක්‍රීඩා භූමියට රැගෙන පැමිණීම තහනම් කර ඇති බවද පොලීසිය සඳහන් කරයි.

තවද මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් මෙන්ම බුද්ධි නිලධාරීන්ද සේවයේ යොදවා ඇති බවද පොලීසිය සඳහන් කරයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest