By unusuma.lk on
(LK time)අද (07) දින කොළඹ කොටස් වෙළෙඳපොළ S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 5.30%ක ප්‍රමාණයක් ඉක්මවා පහළ ගොස් ඇත.
පහළ යාම හේතුවෙන් අද දෛනික ගනුදෙනු පෙරවරු 9.51ට විනාඩි 16ක කාලයක් සඳහා අත්හිටුවා ඇත.
ගනුදෙනු අත්හිටුවන අවස්ථාවේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 639.01 කින් පහළ ගොස් ඒකක 14,734.34ක් ලෙසින් සටහන්ව තිබුණේය.
S&P SL20 දර්ශකය ඒකක 240.45කින් පහළ ගොස් ඒකක 4,292.90ක් ලෙසින් වාර්තා වුණි.