By unusuma.lk on
(LK time)පසුගිය 23 වනදා වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ සිසුවියක් සිය දිවි හානි කරගත් සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් කඩිනම් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
වයස අවුරුදු 23ක් වූ බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ සිසුවියක් පසුගියදා නේවාසිකාගාරය තුලදී සියදිවි හානි කරගෙන තිබූ අතර ඇය සමඟ නේවාසිකාගාරයේ රැඳී සිටි මිතුරිය විසින් මෙම සිසුවිය ගෙල වැළලාගෙන සිටිනු අයුරු දැක තිබුණි.
අනතුරුව ඒ සම්බන්ධයෙන් අදාල බලධාරීන් සහ බිංගිරිය පොලිස් ස්ථානය දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබු අතර සිසුවියගේ පවුලේ ඥාතීන් පවසන්නේ මානසික ආතතිය හේතුවෙන් මෙම සියදිවි හානිකර ගැනීමට හේතුවී ඇති බවයි.
කෙසේවෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා තිබුණි.
ඒ අනුව සිසුවිය සියදිවි හානිකර ගැනීමට හේතුවු කරුණු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.