දිවයිනේ ප්රදේශ කිහිපයක ගොවිපොළවලින් අප්රිකානු සූකර උණ රෝගය යළි වාර්තා වන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තුවේ ප්රධාන වසංගත රෝග විශේෂඥ වෛද්ය ප්රදීප් කුමාරවඩු සඳහන් කරයි.
ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, අනුරාධපුර, මහනුවර සහ පුත්තලම යන දිස්ත්රික්කවල ගොවිපොළ 48ක සිදුකළ පරීක්ෂාවකින් එම උණ වෛරසය වැළදුණු සූකරයින් වාර්තා වු බවද විශේෂඥ වෛද්ය ප්රදීප් කුමාරවඩු සඳහන් කරයි.
විශේෂඥ වෛද්ය ප්රදීප් කුමාරවඩු සඳහන් කළේ,
“ඇත්තටම අපි මේ රෝග තත්ත්වය පහුගිය අවුරුද්දේ සෑහෙන දුරට පාලනය කළා. නමුත් මේ අවුරුද්දේ සමහරක් ස්ථානවල මේ රෝගය නැවතත් වාර්තා වෙනවා කියලා අපිට වාර්තා ලැබිලා තියෙනවා. ඒ නිසා තමයි අපි මේස් පිළිබඳව මහජනතාව දැනුවත් කරන්නේ. අපි ගොවිපොළ 48ක් පරීක්ෂා කළා.
ඒ 48න් අපිජන්න සහ තර සතුන් නැති කරන ගොවිපොළ ගත්තොත් ඒ සියල්ලම අනිවාර්යයෙන්ම මේ රෝග තත්ත්වයන් තියෙනවා කියලා අපිට වාර්තා වුණා. එතකොට අපි මේ ගොවිපොළ 48න්ම අපි සතුන් 1200කට ආසන්න ප්රමාණයක් පරීක්ෂා කරලා බැලුවම ඒකෙන් බොහෝ සතුන් ප්රමාණයක් මේ රෝග කාරකය තියෙනවා කියලා තමයි තහවුරු කර ගත්තේ.
හැම ගොවිපොළේම සත්තු එකෙක් දෙන්නෙක් ඉන්නවා. දිස්ත්රික්ක ගත්තොත් එහෙම කොළඹ දිස්ත්රික්කය, ගම්පහ, කළුතර, අනුරාධපුරය, මහනුවර සහ පුත්තලම. ඒ කියන දිස්ත්රික්කවල තමයි මේ ගොවිපොළ පරීක්ෂා කළේ. එතකොට ඉතින් සතුන් 200කට ආසන්න ප්රමාණයක් ඒ සත්තු පොසිටිව් කියලා අපිට වාර්තා වෙලා තියෙනවා.
මයිනස් ඒ වැළඳුණොත් නැත්නම් මේක ඇඟේ තියෙනවා පෙන්නන්නයි. මෙය මනුෂ්ය පරිභෝජනයට සුදුසු සුදුසු නැද්ද.? සුදුසුයි. ප්රශ්නයක් නැහැ. ඒ කියන්නේ මේක සූනෝටික් ඩිසීස් එකක් නෙමෙයි. මිනිසුන්ට බොවීම් නැහැ.”
