රටම කතා වු පෙත්සම ලක්ෂ 20ක නඩු ගාස්තුවකට යටත්ව නිශ්ප්‍රභ කරයි.!

ජනාධිපතිවරයා විසින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට කරන ලද නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමෙන් කතානායකවරයා ප්‍රමුඛ ව්‍යවස්ථා සභාව මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) දින නිශ්ප්‍රභ කළේය.

පසුගිය අප්‍රේල් (30) වැනිදා පෙත්සම කරුණු තහවුරු කිරීමට කැඳවූ අවස්ථාවේ ජනාධිපතිවරයාට, අග්‍රවිනිශ්චයකාරවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත් කිරීම හෝ යෝජනා කිරීම තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

එදින ව්‍යවස්ථා සභාව නිසි ක්‍රියා පටිපාටියක් අනුගමනය නොකරමින් ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට නම් කළ විනිසුරුවරයෙකුගේ නාම යෝජනාව ප්‍රතික්ශේප කිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12/1 වගන්තිය යටතේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වී ඇත්දැයි විමසා බැලීමට පෙත්සම විභාගයට විනිසුරු මඩුල්ල අවසර ලබා දුන්නේය.

ඒ අනුව පෙත්සම් විභාගය ජූලි (25) වැනිදා අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද දින නියෝගය ලබාදෙමින් පවසා සිටියේ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව වෙත ඉදිරිපත් කළ නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවේ බහුතර සාමාජිකයින් විසින් ගත් තීරණය නිවැරදි තීරණයක් බවයි.

එනිසා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව තීන්දුව මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වී නොමැති බව නිගමනය කළ විනිසුරු මඩුල්ල පෙත්සම ලක්ෂ 20ක නඩු ගාස්තුවකට යටත්ව නිශ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.