පාස්කු ප්රහාර සිද්ධිය සම්බන්ධව සිදුකරන විමර්ශන වලට අදාළව තමන්ව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමට අදාළව කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් අභියාචනාධිකරණයට අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ ඉදිරිපත් කළ පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙසත් එම පෙත්සම නිෂ්ප්රභ කරන ලෙසද කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් අධිකරණයෙන් ඉල්ලා ඇත.
