තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට එරෙහිව රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ පෙත්සම අද (17) අභියාචනාධිකරණය හමුවේ කැඳවයි.
පෙත්සම්කාර පාර්ශවයේ ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධනගේ දේශන අවසන් වීමෙන් පසුව මෙම අතරමැදි ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බලන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය ප්රකාශ කළේය.
අනතුරුව අතරමැදි පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ගේ එකඟතාවය මත අතරමැදි පෙත්සම් සළකා බැලීම සඳහා අගෝස්තු මස (04) සහ (06) යන දිනවල කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
පූජ්ය බෙංගමුවේ නාලක හිමි, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව අටක් විසින් මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළේය.

