ඉකුත් දෙසැම්බර් මස 23වනදා රාගම පොලිස් වසමේදී කාර් රථයක් තුළ T56 ගිනිඅවියක් දමා පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යකර සිටි සැකකරුවෙකු හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙකු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ.
සිදුවීමට අදාළ ප්‍රධාන සැකකරු වත්තල ඔලියමුල්ල ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 20යි මිලිග්‍රෑම් 520ක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර, එම අපරාධයට ආධාර අනුබල දුන් සැකකරු මීගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 52 හා 54 වයස්වල පසුවන මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද (24) වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිදුවීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි

