By unusuma.lk on
(LK time)පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය පවසා සිටියේ ආණ්ඩුව කුමන ආකාරයෙන් උත්සාහ කළත් මැතිවරණ කල් දැමීමට නොහැකි බවත් එසේ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්ය.
ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 17 අතර පැවැත්විය යුතු බව මන්ත්‍රීවරියා වැඩිදුරටත් පැවසීය.
විවිධ පාර්ශව හරහා ප්‍රකාශ සහ අදහස් සමාජ ගත කිරීම තුලින් පෙනී යන්නේ මැතිවරණය පිළිබඳව ජනතාව තුළ ඇති වී තිබෙන විශ්වාසය උනන්දුව බාල කිරීම සඳහා දරන බාල උත්සාහයක් බවත් ඇය පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය,
“ආණ්ඩුව පරදින බව සක්සුදක් සේ දන්නවා. ඒ පරාජයට මුහුණ දෙන්න බැරුව බියෙන් තමයි ජනමතය දුර්වල කරන්න උත්සාහ කරන්නේ. ජනතාව ඒ දේවල් පිළිගන්නේ නැහැ. ඒ නිසා ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 17 අතර දිනයක අනිවාර්යෙන්ම තිබිය යුතුයි”