ක්‍රිකට්

ඇෆ්ගන් ක්‍රිකට් නාමය සරණාගත ක්‍රිකට් ලෙස වෙනස් කර දෙන්නැයි කණ්ඩායමෙන් ඉල්ලීමක්.!

දැඩි කාන්තා විරෝධී ඇෆ්ගනිස්තානයේ බලය පතුරවාගෙන සිටිනා තලේබාන් සංවිධානයේ තර්ජනයන් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ, එංගලන්තයේ සහ කැනඩාවේ ජීවත්වෙමින් ඇග්ගන් ධජය යටතේ ක්‍රීඩා කරනා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ සරණාගත කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් පිහිටුවන ලෙස ICCය වෙත ලිඛිත ඉල්ලීමක් කර ඇත.

එසේ පිහිටුවාගන්නා සරණාගත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාව පදනම් කරගත් නැඟෙනහිර ආසියානු ක්‍රිකට් කාර්යාලය හරහා පාලනය විය හැකි බවත්, ඇෆ්ගනිස්තාන ධජය ඉවත්කර සරණාගත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෙස පිළිගන්නා ලෙසත් එම ලිපිය මඟින් ඉල්ලා ඇත.

ඇෆ්ගනිස්තානයේ බලය හොබවනා තලේබාන් සංවිධානය එරට කාන්තා ක්‍රිකට් තහනම පනවා වසර තුනක් ගතවී ඇති අතර, ඇෆ්ගනිස්තානයේ හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙක් ජීවිත ආරක්ෂාව උදෙසා රටින් පලා ගියහ.

නමුත් එම ක්‍රීඩිකාවන් මේ වනවිට ඔස්ට්‍රේලියාව ඇතුළු විවිධ රටවල පුහුණුවීම් සිදුකරමින් සිටින හෙයින් ඇෆ්ගනිස්තාන කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් ඔස්ට්‍රේලියාවේ සරණාගත කණ්ඩායමක් පිහිටුවීමට උපකාර කරනා ලෙස එම ලිපියෙන් ඉල්ලා ඇත.

තලේබාන් රජය පිහිටුවා මාස 9කට පසු ඇෆ්ගනිස්තානයේ කාන්තා ක්‍රීඩා තහනම් කරන ලද අතර මේ හේතුවෙන් ජාත්‍යන්තර තලයේ ක්‍රීඩිකාවන් බොහෝ පිරිසක් විදේශගත විය, ඇෆ්ගනිස්තාන කාන්තා පාපන්දු ක්‍රීඩිකාවන් සහ ක්‍රිකට් ක්‍රීඩිකාවන් සැලකිය යුතු පිරිසක් දැන් ඔස්ට්‍රේලියාවේ ජීවත්වන බව පැවසේ.

ඇෆ්ගනුවෝ උගන්ඩාවෝ පොළොවේ ගසයි.!

ප්‍රොවිඩස් හිදී උගන්ඩා කන්ඩායම ලකුණු 125කින් පරාජය කළ ඇෆ්ගනිස්තාන කඩායම T20 ලෝක කුසලාන ඉතිහාසයේ සිව්වැනි විශාලතම ජයග්‍රහණය වාර්තා කළේය.

ඇෆ්ගනිස්තානයේ ආරම්භක පිතිකරුවන් වන ඊබ්‍රාහිම් සද්‍රාන් (පන්දු 46 කදී ලකුණු 70) සහ රහ්මානුල්ලා ගුර්බාස් (පන්දු 45 කදී ලකුණු 76) ලබාගනිමින් ලකුණු 154 ක සම්බන්ධතාවක් ගොඩනඟා ගත් අතර එය විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ දෙවැනි විශාලතම ආරම්භක කඩුලු සබඳතාවයයි.

ඕවර 14ක් අවසානයේ ඇෆ්ගනිස්තානය ලකුණු 152/0ක් ලෙසින් විශාල ලකුණු සංඛ්‍යාවක් කරා ගමන් කරමින් සිටියේය. නමුත් සද්‍රාන් සහ ගුර්බාස් දැවී යාමත් සමඟ වේගය තරමක් මන්දගාමී කළ ඇෆ්ගන් කණ්ඩායම අවසන් ඕවර පහේදී රැස් කළේ ලකුණු 27ක් පමණක් වන අතර අවසන් ඕවර හයේ දී එකදු හතරේ පහරක් හෝ එල්ල නොකළහ.

සී කාණ්ඩයේ තරගයේදී ඇෆ්ගනිස්තානය ලබාගත් 183/5ට පිළිතුරු ලෙස T20 ලෝක කුසලානයේ මංගල ක්‍රීඩකයන් වන උගන්ඩාවට රැස් කරගත හැකිවූයේ ලකුණු 58ක් පමණි.

කැරිබියන් දූපත් හි ඊයේ දිනයේ පැවති තරඟයේදී, උගන්ඩාවේ පිතිකරුවන් දෙදෙනෙකු පමණක් ඉලක්කම් ද්විත්වයක ලකුණු ලබාගැනීමට සමත්විය. ඒ රොබින්සන් ඔබුයා (14) සහ රියාසාත් අලි ෂා (11).

විස්සයි 20 ලෝක කුසලාන ඉතිහාසයේ විශාලතම ජයග්‍රහණ 03 ලෙස ශ්‍රී ලංකාව ලකුණු 172කින් කෙන්යාව පරාජය කිරීම, දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්තානය ලකුණු 130කින් ස්කොට්ලන්තය පරාජය කිරීම සැළකේ.

දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්.!

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර අද (3) පැවති තරඟයේදී කඩුලු 6ක පහසු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 1ක් අවසානයෙස් සියළුදෙනා දැවී ලකුණු 77ක් රැස් කරගැනීමට සමත්විය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 2ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී කඩුලු 6ක පහසු ජයග්‍රහණයක් ලැබීය.

ඇමරිකානු කණ්ඩායම බංගලීන් ඇකයට ගනී.!

සංචාරක බංගලදේශ ක්‍රිකට් කණ්ඩායම හා ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම අතර පැවති පළමු 20-20 තරඟයෙන් කඩුලු පහකින් ජයග්‍රහණය කිරීමට ඇමෙරිකා කණ්ඩායමට හැකි විය.

තරඟයේ මුලින් පන්දුවට පහර දුන් බංගලි කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු හයක් දැවී ලබාගත්තේ ලකුණු 153ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇමරිකා කණ්ඩායම කඩුළු පහක් පමණක් දැවී පන්දු තුනක් ඉතිරිව තිබියදී ඉලක්කගත ලකුණු ප්‍රමාණය සපුරා ගත්තේය.

මෙම සිදුවීම සුවිශේෂී වනුයේ, පළමු වතාවට 20-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන ඇමරිකානු කණ්ඩායම ටෙස්ට් ක්‍රීඩා කරන රටක් වන බංග්ලදේශය පරදා ජයග්‍රහණය කිරීමයි.!

හාර්ඩික් පාණ්ඩ්‍යා වැරදි ගොඩක පටලයි.!

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ සහභාගී වූ අවසන් තරගයේදී අඩු පන්දුවාර වේගයක් පවත්වාගෙන යාම හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක හාර්ඩික් පාණ්ඩ්‍යා හට තරඟ තහනමක් සහ දඩ මුදලක් නියම කර ඇති බව වාර්ථා වෙ.

ඒ අනුව හාර්ඩික් පාණ්ඩ්‍යාට දඩයක් හා එක් තරඟ තහනමක් පනවා ඇති අතර කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ට ද ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩයක් හෝ තරඟ ගාස්තුවෙන් 50%ක දඩයක් නියම කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මුම්බායි ඉන්දියන් කණ්ඩායම අවස්ථා 05ක දී අයි.පී.එල් ශූරතාව හිමිකරගෙන ඇති නමුත් මෙවර තරඟාවලියේ ජයගැනීමට හැකිවූයේ නියමිත තරග 14න් 04ක් පමණක් වන අතර ඒ හේතුවෙන් ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්ව ඇත.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුවිශේෂී වෙනසක්.. ලෝක කුසලානය වෙනුවෙන් නව සැලැස්මක්.!

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන රාහුල් ඩ්‍රාවිඩ් ගේ කොන්ත්‍රාත් කාලය ලබන මස අවසන් වීමට ඇති පසුබිමක එළැඹෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අයදුම්පත් කැඳවීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ.

කෙසේ නමුත් නව පුහුණුකරු තනතුර සඳහා වර්තමාන පුහුණුකරු ලෙස කටයුතු කරනා රාහුල් ඩ්‍රාවිඩ් ටද අයදුම්කළ හැකි බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසූ අතර එසේ තෝරාගන්නා නව ප්‍රධාන පුහුණුකරු ට 2027 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය තෙක් සේවය කිරීමට වසර තුනක කොන්ත්‍රාත් කාළයක් හිමිවන බවද සඳහන් කරයි.

We are happy to invite you.