අද ආරම්භ වන එක්දින තරගයේ ප්‍රවේශපත්‍ර මිල අධික බවට විවිධ පාර්ශ්වවලින් එල්ල වන විවේචනවලට කේරළ ක්‍රීඩා අමාත්‍ය වී අබ්දුරහිමාන් එය දරාගත නොහැකි අය තරගය නැරඹීමට නොයා යුතු බව පැවසීම විශාල ආන්දෝලනයකට තුඩු දී ඇත.
විනෝදාස්වාද බද්ද සියයට 5 සිට 12 දක්වා හදිසියේ වැඩි කිරීමට ගත් බව කියන තීරණය ඉවත් කර ගැනීමට රජය සලකා බලන්නේ දැයි මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසූ විට අමාත්‍ය අබ්දුරහිමාන් මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය කර ඇත.
බදු අඩු කිරීමේ අවශ්‍යතාවය කුමක්ද? බදු අඩු කළ යුතුයි කියන ඉල්ලීම තමයි මිල ඉහළ යාමේ සංසිද්ධිය රටම දකින්නේ. කුසගින්නෙන් පෙළෙන අය තරගය නැරඹීමට යා යුතු නැහැ,” යනුවෙන් ඔහු සදහන් කරයි.
රජයේ සේවකයෙකු එවැනි ප්‍රකාශයක් නොකළ යුතුව තිබූ බව පවසමින් දුප්පතුන්ට එරෙහිව අමාත්‍යවරයා කළ මතභේදාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් විපක්ෂ කොන්ග්රසය සහ භාරතීය ජනතා පක්ෂය දැඩි ලෙස විවේචනය කරනු දැකගන්නට ඇත.
අමාත්‍යවරයාට දෝෂාරෝපණය කරමින් රාජ්‍ය සභාවේ විපක්ෂ නායක වී ඩී සතීසන් සඳුදා කියා සිටියේ ප්‍රාන්තයේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ කොමියුනිස්ට් රජයේ අමාත්‍යවරයෙකුගෙන් මෙවැනි “අශිෂ්ට හා අභූත ප්‍රකාශයක්” ඇසීමෙන් ජනතාව “කම්පනයට පත් වූ” බවය.
තවද භාරතීය ජනතා පක්ෂ ප්‍රාන්ත සභාපති කේ සුරේන්ද්‍රන් මහතා ඉන්දියා – ශ්‍රී ලංකා එක්දින තරඟය සඳහා අයකරනු ලබන විනෝද බද්ද “දැඩි ලෙස වැඩි කිරීම” ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.
මුදල් ඇති අය පමණක් ක්‍රීඩාව නැරඹිය යුතු බවට අමාත්‍යවරයාගේ ප්‍රකාශය ක්‍රීඩා ලෝලීන්ට කරන “අපහාසයක්” බවද ඔහු සදහන් කරයි.එහෙත් තරගය නැරඹීම සඳහා ජනතාවගෙන් අතිරික්ත බදු අයකරන බවට පළවන වාර්තා රජය ප්‍රතික්ෂේප කරයි.