කුකුළු මස්

කුකුළු මස් මිල බහී.!

කුකුළු මස් මිල බහී.!

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කුකුල් මස් මිලෙහි පහත බැසීමක් පෙන්නුම් කරයි, වෙළෙඳුන් පවසන්නේ තොග මිල රුපියල් 45කින් අඩු වී ඇති බවයි,

අද කුකුළු මස් කිලෝවක තොග මිල සටහන් වූයේ රුපියල් 890ක් ලෙසයි, නැවුම් මස් කිලෝවක් රුපියල් 1020ක මිලකට අලෙවි වන අතර සම සහිත මස් කිලෝවක මිල රුපියල් 970ක් ලෙස දැක්වේ.

ශීතකළ කුකුල් මස් කිලෝවක් රුපියල් 970කට අලෙවි වන අතර අතර කරි චිකන් කිලෝවක් රුපියල් 1100ක් ලෙස සඳහන් වේ.

Loading

කුකුළු මස් වල බරපතල සෞඛ්‍ය ගැටළුවක්.!

කුකුළු මස් වල බරපතල සෞඛ්‍ය ගැටළුවක්.!

පසුගිය දිනවල මෙරටට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය මත ඇතිවූ ගංවතුර හේතුවෙන් බොහෝ ප්‍රදේශවල කුකුළු ගොවිපළවල් වතුරෙන් යටවීම හේතුවෙන් මියගිය කුකුළන්ගේ කුකුළු මස් පිරිසිදු කර වෙළඳපොළට නිකුත් කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.

එසේ මියගිය කුකුළන්ට බැක්ටීරියා සහ වෛරස රෝග ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇති අතර පාරිභෝගික සේවා අධිකාරිය පවසන්නේ ඒ සම්බන්ධයෙන් පැමිණි රැසක් ලැබී ඇති බවයි.

පාරිභෝගික සේවා අධිකාරියේ පොදු සේවක සංගමයේ ලේකම් අජිත් ජයසුන්දර මේ සම්බන්ධව අනාවරණයක් කර ඇත.

සාමාන්‍ය නිරෝගී කුකුළු මස් සුදු පැහැයක් ගන්නා අතර මෙසේ ගංවතුරට හසුවී මිය ගිය කුකුළන්ගේ කුකුළු මස් රත් පැහැයක් ගන්නා බැවින් ඒවා හඳුනා ගැනීමට පාරිභෝගිකයන්ට හැකි බව ජයසුන්දර මහතා වැඩිදුරටත් පවසයි.

මේ හේතුවෙන් කුකුළු මස් මිලදී ගැනීමේදී එහි වර්ණය පිළිබඳ වඩාත් සැලකිලිමත් වන ලෙසත් එවැනි කුකුළු මස් සාපේක්ෂව අඩු මිල ගනන් යටතේ අලෙවිවන බව ඔහු වැඩිදුරටත් පවසයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close