ගංවතුර

බස්නාහිර පාසැල් රැසක් හෙටත් වැසේ.!

බස්නාහිර පාසැල් රැසක් හෙටත් වැසේ.!

බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසන්නේ පවතින කාළගුණ තත්ත්වය යහපත් නොවීම මත කොළඹ දිස්ත්‍රික්කයේ කොටිකාවත්ත සහ කොලොන්නාව අධ්‍යාපන කලාපවල පාසල් හෙට (06) දිනයෙත් වසා තැබීම කටයුතු කරන බවයි.

එම කාර්යාලය වැඩිදුරටත් පවසන්නේ බස්නාහිර පළාත තුළ සුරක්ෂිතතා මධ්‍යස්ථාන පවතින පාසල් ද හෙට දිනයේ නොපැවැත්වෙන බවයි.

Loading

ඉදිකිරීම අනවසර නම් ආපදා සහන අහිමියි.!

ඉදිකිරීම අනවසර නම් ආපදා සහන අහිමියි.!

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් සිදුකරමින් කියාසිටියේ, නීත්‍යානුකූල අනුමැතියකින් තොරව කඳු ආශ්‍රිතව ඉදිකරන ලද ගෙවල් අනවසර ඉදිකිරීම් ලෙස සලකන්නට සිදුවන බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ කඳු ආශ්‍රිත නිවාස ඉදිකිරීමෙදී අදාල ආයතන හරහා නීත්‍යානුකූලව අවසර ලබාගත යුතු නමුත් එලෙස අනුමැතිය නොගත් නිවාස බොහොමයක් පවතින බවයි.

ආපදා සහනාධාර ලබාදීමේදී එම අනවසර ඉදිකිරීම් සහිත නිවාස සඳහා වෙනසක් සිදු කරන්නට සිදුවෙනු ඇතැයි ඔහු පැවසීය.

Loading

අයහපත් කාලගුණය බිලිගත් ජීවිත සංඛ්‍යාව 30ක් දක්වා ඉහළට.!

අයහපත් කාලගුණය බිලිගත් ජීවිත සංඛ්‍යාව 30ක් දක්වා ඉහළට.!

අද උදෑසන වාර්තා වූ මරණයක් සමඟින් මෙරට අයහපත් කාලගුණික තත්වය හේතුවෙන මියගිය සමස්ථ සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්ත්වේදී පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ මියගිය අයගේ පවුල්වලට අවමංගල්‍ය කටයුතු සඳහා මූලික වශයෙන් රුපියල් 25,000ක් ප්‍රදානය කර ඇති අතර තවත් වන්දි මුදලක් ලබාදීමට සාකච්ඡා කරමින් පවතින බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ නිවාස 71කට පූර්ණ හානි සිදුව ඇති අතර නිවාස 93,770කට අර්ධ හානි සිදුව ඇති බවයි.

එම නිවාසවලට සිදුව ඇති අලාභය ඇස්තමේන්තු කිරීමට පියවර ගෙන ඇති බවත් ඇස්තමේන්තු කිරීමේ කටයුතු අවසන් කිරීමෙන් පසු විපතට පත් වූවන්ට වන්දි ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

Loading

රෞද්‍ර කාලගුණය තවත් ජීවිත රැසක් බිලි ගනී.!

රෞද්‍ර කාලගුණය තවත් ජීවිත රැසක් බිලි ගනී.!

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 26ක් වාර්තා වී ඇති බවයි.

එමෙනම් තවත් පුද්ගලයින් 41 ක් විවිධ අණතුරු හේතුවෙන් තුවාල ලබා ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කරුණු දක්වමින් රාජ්‍යය අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ මේ වනවිට රජය විසින් පවත්වාගෙන යනු ලබන සුරක්ෂා මධ්‍යස්ථාන 116ක පවුල් 2,368කට අයත් පුද්ගලයින් 9,248ක් රඳවා ඇති බවත් එසේම දිස්ත්‍රික්ක 23ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 262ක පවුල් 33,422ක පුද්ගලයින් 130,021ක් අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් අවතැන්ව ඇති බවයි.

Loading

පාසැල් වසා තැබීම තවදුරටත් දීර්ඝ කෙරේ.!

පාසැල් වසා තැබීම තවදුරටත් දීර්ඝ කෙරේ.!

දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන නිවේදනයක් නිකුත්කරමින් කියාසිටියේ පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හි සියළුම ජාතික හා පළාත් පාසල් 04 සහ 05 දෙදින තුල තවදුරටත් වසා දැමීමට තීරණය කළ බවයි.

පවතින ජල ගැලීම් මට්ටම පාලනය වුවහොත් අනිද්දා දිනයේ (6) පාසැල නැවත පැවැත්වීමට කටයුතු කරනා බවත්, හෙට දිනයේ කාලගුණික තත්වය මත අදාල බලධාරීන්න් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම ප්‍රකාශය සිදුකරනා බවත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසීය.

Loading

දිස්ත්‍රික්ක රැසක පාසැල් හෙට දිනයේද නොපැවැත්වේ.!

දිස්ත්‍රික්ක රැසක පාසැල් හෙට දිනයේද නොපැවැත්වේ.!

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක සහ කලාප කිහිපයක රජයේ පාසල් හෙට (04) දිනයේද වසා තැබීමය රජය තීරණය කර තිබේ.

එම නම්කරන ලද පළාත්, කලාප සහ දිස්ත්‍රික්ක හැර අනෙකුත් පාසැල් හෙට දින සිට සාමාන්‍ය පරිදි පැවැත්වීමටත් තීරණය කර ඇති බව වාර්තා වේ.

හෙට දිනයේ පාසැල් වසා තැබෙන දිස්ත්‍රික්කය, කලාප සහ පළාත් පහතින් දැක්වේ.

1) සබරගමුව පළාත‍

රත්නපුර දිස්ත්‍රික්කය – සියලු‍ම පාසල්, කෑගල්ල දිස්ත්‍රික්කය – සියලුම පාසල්

2) දකුණු පළාත

ගාල්ල දිස්ත්‍රික්කය – සියලු‍ම පාසල්, මාතර දිස්ත්‍රික්කය – සියලු‍ම පාසල්

3) බස්නාහිර පළාත

කළුතර දිස්ත්‍රික්කය – සියලු‍ම පාසල්, කොළඹ දිස්ත්‍රික්කය – හෝමාගම කලාපය

අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්, එච්. ටී. කුෂාන් සමීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඉහත සඳහන් කර නොමැති සියලු පළාත්වල සහ දිස්ත්‍රික්කවල පාසල් සාමාන්‍ය පරිදි හෙට දින පැවැත්වෙන බවයි.

හෙට දිනයෙන් පසුව ගන්නා තීරණයන් පිළිබඳ නිවේදනයන් පසුව ලබාදෙන බවද ලේකම් වරයා ප්‍රකාශ කළේය.

Loading

ප්‍රචණ්ඩ කාළගුණය ජීවිත 17ක් බිලි ගනී.. මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකියි.!

ප්‍රචණ්ඩ කාළගුණය ජීවිත 17ක් බිලි ගනී.. මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකියි.!

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියාසිටියේ, මෙරටට බලපා ඇති ප්‍රචණ්ඩ කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

අද (03) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති ආපදා තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එකතු වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඔහු සඳහන් කළේ රත්නපුර ප්‍රදේශයෙන් මරණ 05ක්, මාතර ප්‍රදේශයෙන් මරණ 04ක්, අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් මරණ 03ක් මේ වනවිට වාර්තා වී ඇති බවත් අතුරුදන් වීම් 05ක් වාර්තා වී ඇති බවත්ය.

කෙසේ වෙතත් පැය 24ක් ගතව ඇති නමුත් අතුරුදන් වී ඇති පුද්ගලයන් පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොමැති අතර මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති මුළු සංඛ්‍යාව 17ක් ලෙස උපකල්පනය කළ හැකි බවත් එම මාධ්‍ය හමුවේදී සඳහන් විය.

Loading

තිදෙනෙක් සමඟ ගසාගෙන ගිය කැබ් රථය බැලුම්මහර තරුණයින් බේරාගනී.!

තිදෙනෙක් සමඟ ගසාගෙන ගිය කැබ් රථය බැලුම්මහර තරුණයින් බේරාගනී.!

ඊයේ (02) සවස් කාලයේ ප්‍රදේශ රැසකට ඇද හැළුණු තද වර්ෂාවත් සමග බැලුම්මර – කඩුවෙල මාර්ගයෙද අඩි 5කට වඩා ජලයෙන් යටවී තිබූ අතර, එම ජලය නොතක මාර්ග හරහා ගමන් කිරීමට උත්සාහ කළ Hilux Double cab රථයක් ජලයේ පාවීම හේතුවෙන් සැඩ පහරේ ගසාගෙන යෑමට ගොස් තිබේ.

බැලුම්මහර හන්දියේදී මෙම සැඩ පහරට හසුවූ කැබ් රථය ගසාගෙන යන අවස්ථාවේදී අසල සිටි තරුණයෝ පිරිසක් එක්ව සැඩ පහරට බැස කැබ් රථය අල්ලාගෙන ඇත.

එම තරුණයන්ගේ මැදිහත් වීම හේතුවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් මඟ හැරුණු බව සිදුවීම දුටු පිරිස් ප්‍රකාශ කළෝය.

Loading

ප්‍රචණ්ඩ කාළගුණයෙන් 10කට දිවි අහිමී, 05ක් අතුරුදන්.!

ප්‍රචණ්ඩ කාළගුණයෙන් 10කට දිවි අහිමී, 05ක් අතුරුදන්.!

රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසූවේ දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පුද්ගලයින් 10 දෙනෙකු මේවන විට ජිවිතක්ෂයට පත්ව ඇති බවත් පුද්ගලයින් 05දෙනෙකු අතුරුදහන් වි ඇති බවත්ය.

ශ්‍රී ලංකා පොලීසිය විසින් හදිසි ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් දැනුම්දීමට සහ සහන සේවා සැලසිම සඳහා විශේෂ අපදා සහන ඒකකයක් ස්ථාපිත කර ඇති අතර දුරකථන අංක 011 2421820 / 011 2421111 ඔස්සේ අපදා සහන සඳහා ඇමතිය හැකි බව දන්වා ඇත.

Loading

කළු ගඟේ මීටර් 12ක් උස ජල කඳක්.. ජනතාව අවධානයෙන් පසුවන්න.!

කළු ගඟේ මීටර් 12ක් උස ජල කඳක්.. ජනතාව අවධානයෙන් පසුවන්න.!

වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, මේ වනවිට කළු ගඟේ ජල මට්ටම ඇල්ලගාව ප්‍රදේශයෙන් මීටර් 12.38ක් දක්වා ඉහළගොස් මහා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි.

එහි අතු ගංගාවක් වන කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයේ තවදුරටත් විශාල ගංවතුර තත්ත්වය පවතින අතර එම දෙපාර්තමේන්තුව පවසන අන්දමට තවදුරටත් එම ජල මට්ටම ඉහළ යමින් පවතී.

ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසන්නේ රාත්‍රී කාලයේ වර්ෂාවත් සමඟ තවදුරටත් දරුණු වීමේ හැකියාවක් පවතින හෙයින් ජනතාව අවධානයෙන් ප්සුවන ලෙසයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close