දෙයියෝ සාක්කි.!

හොදි කල්දේරමට වැටී 9 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට.!

හොදි කල්දේරමට වැටී 9 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට.!

පසුගිය පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කර තිබූ පොසොන් බත් දන්සලක කරවල හොදි කල්දේරමට ඇද වැටීමෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි 9 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි.

මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුව ඇත්තේ පානදුර, බෙක්කේගම ප්‍රදේශයේ පදිංචිව සිටී ශයනි මෙතුම්සා නමැති පාසැල් දැරියක බව සදහන්.

පසුගිය 23 දින පානදුර ප්‍රදේශයේ පිරිසක් විසින් පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කළ බත් දන්සලක දැරිය සිය මව සමග රැදී සිටීයදී දැරිය කරවල හොදි කල්දේරමට ඇද වැටී ඇති බව පැවසේ.

කෙසේවෙතත් අනතුරෙන් බරපතල තුවාල ලබා සිටි දැරිය පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, වැඩිදුරටත් ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ආර්යා රෝහලට මාරු කර යවා සිටියදී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

Loading

හිරෙන් පැන්න රැඳවියන් මාංචු පිටින් කිලෝමීටර් 65ක් ගිහින්.!

හිරෙන් පැන්න රැඳවියන් මාංචු පිටින් කිලෝමීටර් 65ක් ගිහින්.!

වරකාපොල ප්‍රදේශයේ යතුරුපැදි සොරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තුල්හිරිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර ගතකර සිටි රැඳවියන් දෙදෙනෙක් නඩුව සඳහා යළි ඉදිරිපත් කිරීමට ඉකුත් 28 වෙනිදින කුරුවිට බන්ධනාගාරයේ සිට බන්ධනාගාර බස් රථයකින් රැගෙන විත් වරකාපොළ තුල්හිරිය මහේස්ත්‍රාත් අධිකරණයේ සිරමැදිරිය කරා රැගෙන අවස්ථාවේදී රැඳවියන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් තිබිණි.

පැන ගිය රැදවියන් දෙදෙනා යතුරුපැදියක් සොරාගෙන මාංචුද සහිතව කිලෝමීටර් 65 ක් දුරක් පදවාගෙන මොරගහහේන ඔලබොඩුව නිවසකට පැමිණ එහිදී වෙස්වලාගෙන සැඟව සිටියදී අද අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝනපොල ඔලබොඩුව ප්‍රදේශයේ පදිංචි රොෂාන් අසංක නොහොත් සුද්දා නැමැති (29) හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු සමඟ පලා ආ අනෙක් රැදවියා කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් පෙරේදා (30) අත්අඩංගුවට ගෙන තිබිණි.

Loading

සූර් වැඩිවී ඩ්‍රයිවර් කෝච්චියෙන් බැස දුවලා… මගීන් මහ මග.!

සූර් වැඩිවී ඩ්‍රයිවර් කෝච්චියෙන් බැස දුවලා… මගීන් මහ මග.!

අද පෙ.ව. 10 .40ට කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියේ රියදුරා අධික ලෙස බීමතින් සිහිවිකල් ලෙස හැසීරී දුම්රිය මහනුවර නගරයට කිට්ටු සුදුහුම්පොල ප්‍රදේශයේදී නවතා දමා දුම්රියෙන් බැස පලා ගොස් ඇත.

එහිදී දුම්රියේ සිටි මගීන් රියදුරා ලුහු බැඳ ගොස් හසුකර ගෙන, එම දුම්රිය සහාය රියදුරා කැඳවා දුම්රිය මහනුවර දුම්රිය ස්ථානය වෙත ගෙන ඒමට කටයුතු කර ඇත.

පසුව මගීන් එක්ව මහනුවර දුම්රිය ස්ථානයේදී අදාල බීමත් රියදුරා දුම්රිය ප්‍රවාහන පරීක්ෂක නිලධාරියා මාර්ගයෙන් දුම්රිය ආරක්ෂක අංශයට බාරදීමට කටයුතු කර ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම සිද්ධිය දුම්රිය සාමාන්‍යාධිකාරී වරයාටද මගීන් හරහා පැමිණිලි කිරීමෙන් පසු, නාවලපිටිය දුම්රිය ප්‍රවාහන අධිකාරී වරයාටද දැනුම් දී අදාළ රියදුරාට එරෙහිව දුම්රිය ආරක්ෂක අංශය මගින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනා බවයි.

මෙම සිදුවීමෙන් කොළඹ සිට පැමිණි දුමිරියේ මගීන්ද කලබලයට පත්වී ඇති බව වාර්තා වේ.

සිදුවීම හේතුවෙන් දුම්රිය පැයකට ආසන්න කාලයක් පමාවී ඇති අතර ඉන් මගීන් දැඩි අපහසුතාවයට පත්වූ බාඅ වාර්තා වේ.

Loading

ගුටි කෑ ගුණතිලක රිටර්න් එක දෙන්න සැරසෙයි.. මහින්දානන්ද හිරේට.?

ගුටි කෑ ගුණතිලක රිටර්න් එක දෙන්න සැරසෙයි.. මහින්දානන්ද හිරේට.?

ජනාධිපති කාර්යාලයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසුව ඉකුත් ජුනි 3 වෙනිදා තමාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තමාගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තත් තවමත් කිසිදු අත්අඩංගුවට ගැනීමක් සිදුවී නැතැයි පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අවසානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාට පහරදීමක් සිදුකළ බවට වාර්තා වූ අතර පහර කෑමෙන් පසු ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා යුද හමුදා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පාදයේ අස්ථි බිඳීමක් හේතුවෙන් පැය හතරක සැත්කමකටද ලක් කෙරිණි.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ රටේ ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානයකදී සිදුවූ මේ පහර දීම ගැන තමා කලකිරීමෙන් පසුවන බවත් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

කෙසේවෙතත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ සිද්ධිය වන අවස්ථාවේ එහි සිටි මන්ත්‍රීවරුන් අදාල සිද්ධිය දුටු බවක් පොලිසියට කියා නොමැති බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ සීසීටීවී දර්ශන නිරීක්ෂණය කළහොත් අදාල සිදුවීම හොඳින් දැකබලා ගත හැකි බවත්ය.

තමා පඩි පෙළකින් වැටී අණතුරට ලක්වූ යැයි කරන ප්‍රකාශ පට්ට පල් බොරුවක් බවත් චිත්‍රපටයක දර්ශනයක් සේ තමාට අතින් පයින් පහර දුන් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Loading

මහරජ ගැමුණු කැනඩා පනින්න තමාටම වෙඩි තබාගෙන.!

මහරජ ගැමුණු කැනඩා පනින්න තමාටම වෙඩි තබාගෙන.!

අද (13) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසූවේ, අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය මන්ත්‍රීවරයා ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු සමග එක්වී සැලසුම්සහගතව සිදු කළ රංගනයක් බව අනාවරණ වී ඇති බවයි.

එවකට මහත් ආන්දෝලනයකට තුඩුදුන් මෙම වෙඩි තැබීමේ සිදුවීම වාර්තා වූයේ ඉකුත් 2023 වසරේ සැප්තැම්බර් 17 වනදාය.

එම වෙඩි තැබීමෙන් මන්ත්‍රීවරයා ගමන්කළ මෝටර් රථයේ පිටුපස පැති වීදුරුවට හානි සිදුවී තිබූ නමුත් මන්ත්‍රීවරයාට කිසිදු අනතුරක් සිදුවී තිබුණේ නැත.

වෙඩි තැබීමේ සිදුවීම සැලසුම් කළ බව අනාවරණය වී ඇති පොලිස් අධිකාරිවරයා මේ වන විට රටින් පිටව ගොස් ඇති බවත් වෙනත් පොලිස් නිලධාරියකු අත ඔහුගේ ගිනි අවිය පොලිසියට ආපසු භාරදී ඇති බවත් වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළ විමර්ශන සිදුකළ අතර සිද්ධියට අදාළ සැකකරුවන් මේ වනවිට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය සාකච්ඡාව අතරතුරදී සඳහන් කළේය.

මෙම නාටකය හරහා උද්දික ප්‍රේමරත්න හිටපු මන්ත්‍රීවරයා කැනඩා පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කළ අතර තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මේ වන විට සිය පවුල සමග කැනඩාවේ පදිංචියට ගොස් ඇත.

Loading

අනතුරකින් කෝමා වූ පුත්‍රයාගේ සොවින් පියා දිවි නසාගත් මොහොතේ පුතුට සිහිය ඇවිත්.!

අනතුරකින් කෝමා වූ පුත්‍රයාගේ සොවින් පියා දිවි නසාගත් මොහොතේ පුතුට සිහිය ඇවිත්.!

මීට මාස තුනකට පෙර මීගමුව දිවුලපිටි මාර්ගයේදී අවුරුදු 24ක තරුණයෙක් රිය අනතුරකට ලක්වී කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර තරුණයාගේ හිසට සිදුව ඇති බරපතළ හානි හේතුවෙන් රෝහලේ වෛද්‍යවරු පවසා ඇත්තේ තරුණයාගේ ජීවිතය බේර ගත නොහැකි බවයි.

එම අනතුරට පත් තරුණයාගේ ඥාතීන් පවසන්නේ මාස තුනක් තිස්සේ සිහිසුන්ව සිටිනා තම පුත්‍රයා පිළිබඳ ඔහුගේ පියා මහත් කනස්සල්ලෙන් පසුවූ බවයි.

කෙසේවෙතත් වෛද්‍යවරු විසින් මීට දින තුනකට පෙර රිය අනතුරට පත් වූ තරුණයාට අවධානම් සහගත විශේෂ ශල්‍යකර්මයක් සිදුකර ඇති බව සඳහන් වේ.

අප කළ විමසීමකදී දිවුලපිටි පොලිසිය පැවසූවේ මෙම ශල්‍යකර්මය සිදුකරන අවස්ථාවේ තරුණයාගේ පියා ජීවත්ව සිටි දිවුලපිටිය දූනගහ පල්ලියපිටිය ප්‍රදේශයේ නිවසේ ගෙල වැළලාගෙන මියගොස් ඇති බවයි.

වයස අවුරුදු 48ක් වූ එම පියා ජීවිතක්ෂයට පත්වීමෙන් පසු ශල්‍යකර්මයට භාජනය කළ පුතුට සිහිය පැමිණ ඇති බව වාර්තා වේ.

Loading

ආණ්ඩු පක්ෂ රැස්වීමේදී අඬු කඩාගත් ගුණතිලකට සැත්කමක්.!

ආණ්ඩු පක්ෂ රැස්වීමේදී අඬු කඩාගත් ගුණතිලකට සැත්කමක්.!

මහින්දානන්ද අළුත්ගමගේ මන්ත්‍රීවරයාගෙන් පහර කෑමෙන් පසු නාරාහේන්පිට යුධ හමුදා රෝහලට ඇතුළත් කෙරුණු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ සැත්කමකට භාජනය වී ඇති බව පැවසේ.

එම මන්ත්‍රීවරයාගේ දකුණු පාදයේ අස්ථියක් බිදී ඇති බව යුද හමුදා රෝහල් ආරංචි මාර්ග පවසයි.

සිදුවීමෙන් අනතුරුව මහින්දානන්ද මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ පහරදීමක් සිදු නොවූ බවත් ලිස්සා වැටීමක් පමණක් සිදුවූ බවත් ය.

කෙසේවෙතත් පහර කෑ බව කියනා ගුණතිලක මන්ත්‍රීවරයා කියාසිටියේ මහින්දානන්ද මන්ත්‍රීවරයා තමාට එක දිගට පහරදීගෙන ගිය බවත් ඉන් පසු තමා ඇදවැටුනු බවත්ය.

මෙම රැස්වීම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් සමඟ ඊයේ (03) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා ඇත.

එහිදී මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා මුදල් වෙන්කිරීම් සම්බන්ධයෙන් ගැටලූවක් මුල්කර ගනිමින් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ මහින්දානන්ද අලූත්ගමගේ මන්ත්‍රීවරයා අතර බහින්බස් වීමක් සිදුව ඇති අතර රැස්වීමෙන් අනතුරුව පිටව යන අවස්ථාවේදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා ගුණතිලක මන්ත්‍රීවරයාට පහරදුන් බව පැවසේ.

Loading

මහින්දානන්දගෙන් ගුටි කෑ රාජපක්ෂවරයෙක් රෝහල් ගත කරයි.!

මහින්දානන්දගෙන් ගුටි කෑ රාජපක්ෂවරයෙක් රෝහල් ගත කරයි.!

අද පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම් අවසානයේදී ඇති වූ ගුටි බැට හුවමාරුවකින් තුවාල ලැබූ මන්ත්‍රී ගුණතිරක රාජපක්ෂ යුද හමුදා රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වේ.

මහනුවර දිස්ත්‍රික්කයයේ සම්බන්ධීකරණ කටයුත්තක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් අවසානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ හා ගුණතිලක රාජපක්ෂ යන මන්ත්‍රීවරු අතර මෙම ගුටි බැට හුවමාරුව සිදුවී ඇති බව සඳහන්.

පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මැදිහත් වී ගැටුම සමථයකට පත් කර ඇති අතර මන්ත්‍රී ගුණතිරක රාජපක්ෂගේ උකුල ප්‍රදේශයට යම් අභ්‍යන්තර හානියක් සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

Loading

පොලිස් සැරයන් පොලිස් කොස්තාපල් වරියගේ ATM කාඩ් එකට විදලා.!

පොලිස් සැරයන් පොලිස් කොස්තාපල් වරියගේ ATM කාඩ් එකට විදලා.!

පොලිස් මූලස්ථානය පැවසූවේ පොලිස් කොස්තාපල්වරියකුගේ බැංකු කාඩ්පතකින් ඉන්ධන ඇතුළු රුපියල් 15,150 ක භාණ්ඩ ලබාගත් මහනුවර පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පොලිස් මූලස්ථානය පැවසූවේ එසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කන්දේ නුවර පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයකු, කොස්තාපල්වරයකු, බහුකාර්ය සංවර්ධන සහකාරවරයකු, ලග්ගල පොලිසියට අනුයුක්ත බහුකාර්ය සංවර්ධන සහකාරවරයකු සහ රත්තොට ප්‍රාදේශීය සභාවේ විදුලි කාර්මිකයකු ද සිටිනා බවයි.

මාතලේ පොලිසියට අනුයුක්තව සේවය කරන කාන්තා පොලිස් කොස්තාපල්වරියක් ඉකුත් 24 රාත්‍රියේ මාතලේ වෙසක් කලාපය පැවති විහාර මාවතේ මාර්ගයේදී තම ATM කාඩ්පත අස්ථාන ගතවූ බවටත් එම කාඩ් පතින් රුපියල් 15,150 ක මිලදීගැනීම් සිදුකර ඇති බවටත් පැමිණිල්ලක් කළ බව පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් සිදුකළ පරීක්ෂණයේදී මාතලේ නගරයේ පෞද්ගලික ඉන්ධන පිරවුම්හලකින් සහ සමූපකාර ඉන්ධන පිරවුම්හලකින් ATM කාඩ්පත් භාවිත කර ඉන්ධන සහ මුදල් ලබාගත් කන්දේ නුවර පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා ඇතුළු සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

Loading

වෙසක් කළාපෙට රැගෙන ගිය බන්ධනාගාර රැඳවියෙක් වාෂ්ප වෙලා.!

වෙසක් කළාපෙට රැගෙන ගිය බන්ධනාගාර රැඳවියෙක් වාෂ්ප වෙලා.!

මොනරාගල පොලිසිය පැවසූවේ මොණරාගල, වැදිකුඹුර වෙසක් කලාපය වෙත රැගෙන ගොස් සිටි බන්ධනාගාර රැදවියකු නිලධාරීන්ගෙන් මිදී පලාගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බවයි.

වැල්ලවාය, නුගේඇළ, බතලආර ප්‍රදේශයේ පදිංචි බන්ධනාගාර ගතව සිටි රැදවියකු මෙසේ පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.

අදාල රැඳවියා බදුල්ල, ඇඹිලිපිටිය, වැල්ලවාය, සියඹලාණ්ඩුව යන අධිකරණවලින් දඩුවම් නියමව මොනරාගල බන්ධනාගාරයේ රදවා සිටි අයෙකු බව පොලිසිය පවසයි.

මෙම රැඳවියා මොනරාගල වැදිකුඹුර වෙසක් කලාපයේ වෙසක් සැරසිලි සහ නිර්මාණ සිදුකිරීම සදහා ගෙනගොස් ඇති අතර බන්ධනාගාර නිලධාරීන් භාරයේ සිටියදී නිලධාරීන්ගෙන් මිදී පලාගොස් ඇති බව වැඩිදුරටත් සඳහන්.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close