රිය අනතුරු

කොළඹ නුවර පාරේ බස් දෙකක් ගැටී බිහිසුණු අනතුරක්.!

කොළඹ නුවර පාරේ බස් දෙකක් ගැටී බිහිසුණු අනතුරක්.!

ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී අනතුරක් සිදුව ඇති බව පොලීසිය පවසයි.

එම අනතුරින් බස්රථ දෙකෙහි ගමන්ගත් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතිබව පැවසේ.

අනතුරින් තුවාල ලැබූවන් වතුපිටිවල සහ වරකාපොළ රෝහල්වලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

අධික වේගය සහ අපරික්ෂාකාරී ධාවනය මෙම අනතුරට හේතුව බව පොලිස් මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

Loading

නලීන් බණ්ඩාරගේ රියේ හැපුනු තරුණයා දින 8ක ජීවිත සටනින් පරාජයට.!

නලීන් බණ්ඩාරගේ රියේ හැපුනු තරුණයා දින 8ක ජීවිත සටනින් පරාජයට.!

කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ කෝංගස්දෙනිය හන්දියේ පසුගිය තුන්වෙනිදා සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථයේ ගැටී බරපතළ තුවාල ලබා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

දින අටක් පුරා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ජීවිත සටනක සිටි 22 හැවිරිදි තරුණයා ඊයේ පස්වරුවේ මියගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

කලගෙඩිහේන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම මියගිය තරුණයා යතුරුපැදි විකිණීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය තරුණයයෙක් බව පැවසේ.

ඔහු තම යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත.

මන්ත්‍රීවරයාගේ ජීප් රථය පැදවූ රියදුරා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මත මුදා හැර ඇති බව පැවසේ.

Loading

පාසැල් දරුවන් පිරිසක් රැගත් වෑන් රියක් සියඹලා ගසකට යටවෙයි.!

පාසැල් දරුවන් පිරිසක් රැගත් වෑන් රියක් සියඹලා ගසකට යටවෙයි.!

අද (10) පෙරවරු 6.00ට පමණ තෙල්දෙණිය – කෙන්ගල්ල ප්‍රදේශයේදී දිරාගිය සියඹලා ගසක් පාසැල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් මතට කඩා වැටීමෙන් අනතුරක් සිදු වී ඇත. 

පොලීසිය පැවසූවේ ඉන් සිසුන් තිදෙනෙකු වෑන් රථයේ රියදුරු සහ පාසල් ගුරුවරියන් දෙදෙනෙකු ද ඇතුළු හය දෙනෙකු තුවාල ලබා ‍මහනුවර ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි.

එම දිරාගිය සියඹලා ගස අධිබලැති විදුලු රැහැන් පද්ධතියක් මතට කඩා වැටී විදුලි රැහැන්ද සමඟ වෑන් රථය මතට වැටී ඇති බව වාර්තා වේ.

අවස්ථා කිහිපයක දී මෙම දිරාගිය ගස අදාළ ස්ථානයෙන් ඉවත් කිරීම සම්බන්ධව බලධාරීන් දැනුවත් කර ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා නගති.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුරට පරීක්ෂණ ක්‍රියාත්මක කරයි.

Loading

නලීන්ගේ රියේ ගැටුනු හිරිමල් තරුණයා යන්ත්‍ර ආධාරයෙන් ජීවිතේ යදී.. දින හයක් දැඩිසත්කාරේ.!

නලීන්ගේ රියේ ගැටුනු හිරිමල් තරුණයා යන්ත්‍ර ආධාරයෙන් ජීවිතේ යදී.. දින හයක් දැඩිසත්කාරේ.!

පසුගිය ජූනි 03 වනදා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ගමන්ගත් සුඛෝපභෝගී රථයේ ගැටී රෝහල් ගත කෙරුණු තරුණයා තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවට ‍රෝහල් ආරංචි මාර්ග පවසයි.

අදාළ තරුණයා තම යතුරුපැදියෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කොන්ගස්දෙණිය හන්දිය අසලින් ගමන් කරමින් සිටි අවස්ථාවේදී මෙම අණතුරට මුහුණ පා ඇති අතර එම අවස්ථාවේ දී නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා නුවර සිට කොළඹ දෙසට ගමන් කරමින් සිටි බව පැවසේ.

වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම අවස්ථාවේ දීම කොළඹ ජාතික රෝහලට මාරුකර ‍යවා ඇති නමුත් මේ වනවිටත්  සිහිසුන්ව සිටිනා තරුණයාගේ ජීවිතය පවත්වාගෙන යනු ලබන්නේ යන්ත්‍ර වලින් බව පැවසේ.

තිහාරිය කළගෙඩිහේනේ පදිංචි 22 හැවිරිදි ශානුක රවිඳු නැමැති තරුණයෙක් මෙසේ අනතුරට ලක්වී ඇති අතර ඔහු යතුරුපැදි අලෙවි ව්‍යාපාරයක නිතර වී සිටි අයෙකු බව ද සඳහන්. 

තරුණයාගේ මව අහිමි අතර පියා මේ වනවිට දැඩි මානසික වියවුලකට පත්ව සිටින බවද සඳහන්.

Loading

බස් රේස් එක බිහිසුණු අනතුරකින් කෙළවර වෙයි.!

බස් රේස් එක බිහිසුණු අනතුරකින් කෙළවර වෙයි.!

කිළිනොච්චියේ පරන්තන් කරන්තෙයි ප්‍රදේශයේදී ‍රේස් ධාවනයේ යෙදුණු පෞද්ගලික බස් රථයක් හා ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් බස් රථ දෙකේ මගීන් 8 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

පලෙයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ තුවාලකරුවන් පලෙයි රෝහලට ඇතුළත් කොට ඇති අතර එම පිරිසේ තත්ත්වය එතරම් බරපතල නොවන බවයි.

යාපනය බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ රියදුරු විසින් කිළිනොච්චියේ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් පසු කර යාමට උත්සහ කළ අවස්ථාවේදී ලංගම බසය පෞද්ගලික බසයේ පිටුපස ගැටී ඇති බව සඳහන්.

පලෙයි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතර අනතුර හේතුවෙන් බස් රථ වලට අලාභ හානි සිදුව ඇති බව පොලීසිය පවසයි.

Loading

කොළඹ-බදුල්ල බසය ත්‍රී රෝද රථයක ගැටී මඟීන් 23ක් රෝහලේ.!

කොළඹ-බදුල්ල බසය ත්‍රී රෝද රථයක ගැටී මඟීන් 23ක් රෝහලේ.!

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල නගරයේදී පෞද්ගලික බස් රථයක් ත්‍රිරෝද රථයක් සමඟ මුහුණට මුහුණ ගැටීමෙන් පසු බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගිය අතර එහිදී පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

පොලිසිය පැවසුවේ පෞද්ගලික බස් රථය ඇඹිලිපිටියේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබියදී ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක් බස් රථය දෙසට පැමිණි අතර බස් රථයේ රියදුරු ත්‍රිරෝද රථය බස් රථයේ ගැටීම වැළැක්වීමට උත්සාහ ගත් අවස්ථාවේ
මාර්ගයේ පස් ගැලවී යෑමෙන් බස් රථය අඩි කිහිපයක් පහළට ඇදවැටී ඇති බව පොලිසිය පවසයි. තුවාල ලැබූවන් අතර බස් රථයේ සහ ත්‍රිරෝද රථයේ ගමන් ගත් සිව් දෙනෙකු ද වනවා.

තුවාල ලැබූ 20 දෙනෙකු කෙහෙවත්ත මූලික රෝහලට සහ 07 දෙනෙකු රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close