පොලීසිය සඳහන් කලේ ගෙවීගිය පැය 24ක කාලය පුරාවට මාර්ග අනතුරු 08ක් වාර්තාවී ඇති අතර ඉන් මරණ 10ක් සිදුව ඇති බවයි.
එම අනතුරු 08න් 05ක්ම සිදුවීමට හේතුව ලෙස මාර්ගයේ වාහන ලිස්සා යාම බවත් ඉන් බොහොමයක් අනතුරු වලට ප්‍රධාන හේතුව රියදුරන්ගේ අපරික්ෂාකාරී ධාවන බවත් පොලීසිය පෙන්වා දෙයි.
එබැවින් රථවාහන නීති රීති පිළිපදිමින් වටිනා ජීවිත රැකගැනීමට සහායවන ලෙස රියදුරන්ගෙන් ඉල්ලීමක් කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පැවසීය.