war

ජීවිත 32,000ක් බිලිගත් ඊශ්‍රායල් ම්ලේච්ඡත්වය උග්‍ර වෙයි.. අල්-ෂිෆා රෝහල් ප්‍රහාරයෙන් පලස්තීනුවන් 400කට දිවි අහිමී.!

විදේශීය මාධ්‍ය වාර්තා වලට අනුව, අල්-ෂිෆා රෝහලට ඊශ්‍රායලය විසින් දින 13ක් පුරාවට එල්ල කරනා ප්‍රහාර හමුවේ, අවතැන් වූවන් සහ සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය 400කට වැඩි පිරිසක් මේ වන විට මියගොස් ඇත.


අල්-ෂිෆා රෝහල ආක්‍රමණය කිරීම අතරතුර පලස්තීන සටන්කාමීන් ඊශ්‍රායල හමුදාවන්ට සහ සන්නද්ධ වාහනවලට මෝටාර් සහ රොකට් ප්‍රහාර රැසක් එල්ල කළ බව සදහන්.

කෙසේවෙතත් ඔක්තෝබර් 7 සිට ගාසා තීරයට එල්ලවන ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීනුවන් 32,705 ක් මිය ගොස් 75,190 ක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

මෙම ඊශ්‍රායල් ප්‍රහාර සදහා හේතුව වන්නේ හමාස් සංවිධානය විසින් පසුගිය ඔක්තෝබර් 7 ඊශ්‍රායලය තුළ සිදුකල ප්‍රහාරයේදී 1139ක පිරිසක් ඝාතනය වීමයි.

ලක්ෂ 09ක් පඩි ගෙවන පුරවැසි භාවයත් හිමිවෙන රැකියාවට පෝලිමේ යන ශ්‍රී ලාංකිකයෝ.!

මෙරට ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් මේ වනවිට රුසියානු හමුදාවට එක්වී ඇති බවත් රුසියානු හමුදාවට බැඳුණු ශ්‍රී ලාංකිකයකු මසකට ඇමෙරිකානු ඩොලර් 3000 ක පමණ වැටුපක් ලබාගන්නා බවත් අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.

මෙරට පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය හේතුවෙන් සහ එරට පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් මෙසේ ශ්‍රී ලාංකිකයන් විශාල ලෙස රුසියානු හමුදාව වෙත එක්වීමට උත්සහකරන බව එම සේවය සදහන් කරයි.

විශේෂයෙන්ම ඒ සදහා උත්සහ දරන්නේ ශ්‍රී ලංකා හමුදාවෙන් විශ්‍රාම ගෙන සිටින සොල්දාදුවන් බවත් ඔවුන් තම පවුලට යහපත් අනාගතයක් උදා කර දීම සඳහා යුක්රේන හමුදාව අතින් ඝාතනයට ලක් වීමට පවා සූදානමින් සිටින බවත් අල් ජසීරා පුවත් සේවය තවදුරටත් ප්‍රකාශ කළේය.

මෙරට විශ්‍රාමික හමුදා සොල්දාදුවෙක් වූ 27 හැවිරිදි නිපුණ සිල්වා මෙම මස මුලදී යුක්රේන රුසියා යුද්ධය අතරතුර මියගිය බව ඔහු සමඟ රුසියානු හමුදාවේ සේවය කළ 36 හැවිරිදි සේනක බණ්ඩාර අල් ජසීරා පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.

යුක්රේන හමුදාවේ ඩ්‍රෝන ප්‍රහාරයකින් නිපුණ මියගිය බවත් ප්‍රහාරයෙන් නිපුණගේ පපුවට, අත් වලට සහ පාද වලට තුවාල වී අධික ලෙස රුධිරය වහනය වූ බවත් තමන් නිපුණව කර තබාගෙන පැමිණෙද්දී තවදුරටත් එල්ලවූ ප්‍රහාර හමුවේ ඔහුව දමා ඒමට සිදු වූ බවත් සේනක බණ්ඩාර ප්‍රකාශ කර ඇත.

We are happy to invite you.