ඉන්දියාව

ඉන්දීය මහ මැතිවරණය අතරතුර මැතිවරණ නිලධාරීන් 33ක් ජීවිතක්ෂයට.!

ඉන්දීය මහ මැතිවරණය ඊයේ (2) අවසන් වූ අතර එම මැතිවරණය දින 44 ක් පුරාවට, අදියර 7 ක් යටතේ ඡන්ද මධ්‍යස්ථාන මිලියනයක් ඔස්සේ පැවැත්වූ අතර, මැතිවරණ නිලධාරීහු මිලියන 15 ක් මැතිවරණ රාජකාරිවල නිරතව සිටියහ.

ඉන්දීය මාධ්‍ය විසින් සඳහන් කරනා ආකාරයට එරට මහ මැතිවරණය නිමාවට පත් වෙද්දී, ඡන්ද මධ්‍යස්ථානවල, මැතිවරණ රාජකාරිවල යෙදී සිටි මැතිවරණ නිලධාරීන් තිස් තුන් දෙනකු උෂ්ණත්වය දරාගත නොහැකිව ජීවිතක්ෂයට පත්ව ඇත.

මේ වනවිට, ඉන්දියාවේ උතුරු සහ මධ්‍ය ප්‍රාන්ත‍යේ දැඩි උණුසුම් කාලගුණයක් පවතිනා අතර ඇතැම් නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 49 පසු කර ඇති බව සඳහන්.

ඉන්දීය රජය විසින් එසේ මියගිය සෑම නිලධාරියකු වෙනුවෙන්ම ඉන්දීය රුපියල් මිලියන 1.5 ක වන්දි මුදලක් ලබා දීමට තීරණය කර ඇති බව පැවසේ.

උණුසුම් කාලගුණය හේතුවෙන් මේ වනවිට එරට පුරා මියගිය සමස්ත ඉන්දියානුවන් ගණන 58 ක් බව වාර්තා වේ. එම මරණ වාර්තා වී ඇත්තේ උත්තර ප්‍රදේශ්, බිහාර්, මධ්‍ය ප්‍රදේශ්, ඔඩිස්ෂා යන ප්‍රාන්තවලිනි.

ඉන්දියාවේ බිහිසුණු ගින්නක්.. කුඩා දරුවන් ඇතුළු 24ක් ජීවිතක්ෂයට.!

බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක ඇති වූ ගින්නකින් දරුවන් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

මේ වනවිට එම ස්ථානයේ ගලවා ගැනීමේ ප්‍රයත්නයන් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර රොයිටර් පුවත් ඒජන්සිය පවසන්නේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

ඒ වෙත අදහස් දක්වමින් ප්‍රාන්ත නගරාධිපතිවරයා කියා සිටියේ,

“අපගේ අවධානය යොමු වී ඇත්තේ ගලවා ගැනීමේ මෙහෙයුම් සහ ජීවිත බේරා ගැනීමටයි. මෙම සිද්ධියට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට අපි සහතික වෙනවා”

නිවාඩු සති අන්තයක් වූ බැවින් ගින්න හටගන්නා විට එම ස්ථානයේ පුද්ගලයින් 300 කට වැඩි පිරිසක් සිටි බව පැවසේ.

මියගිය පුද්ගලයන්ගේ සමහර සිරුරු ද හඳුනාගත නොහැකි ලෙස පිළිස්සී ඇති බව පැවසේ,

මේ අතර, දිස්ත්‍රික් ප්‍රධාන ගිනි නිවන හමුදාවේනුසස් නිලධාරියෙක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, මේ වනවිට ගිනි නිවන භටයින් ගින්න බොහෝ දුරට පාලනය කර ඇති බවත් ගිනි ඇතිවීමට හේතුව තවමත් අනාවරණය කර ගෙන නොමැති බවත්ය.

ගුජරාට් ප්‍රධාන අමාත්‍ය භූපේන්ද්‍ර පටෙල් පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා විශේෂ විමර්ශන කණ්ඩායමක් (SIT) කැඳවා ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු රාජ්කොට් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත්ය.

ගුජරාට් යනු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ උපන් ප්‍රාන්තයයි.

සිදුවීම සම්බන්ධයෙන් X හි සටහනක් තබමින් මෝඩි කියා සිටියේ රාජ්කොට් හි ඇති වූ ගිනි අනතුරෙන් තමා අතිශයින් කම්පනයට පත්ව සිටිනා බවයි.

ඇමරිකාවට පිළිතුරු දෙමින් රුසියාව ඉන්දියාව වෙනුවෙන් පෙනී සිටී.!

ඉන්දියාවේ නවදිල්ලියේ ආගමික නිදහස උල්ලංඝනය වන බවට ආගමික නිදහස සම්බන්ධ ඇමෙරිකන් කොමිසම වාර්තාවක් නිකුත් කරමින් ඉන්දීය රජය විවේචනය කර ඇති පසුබිමක රුසියානු රජය එම ඇමරිකානු වාර්තාව සම්බන්ධයෙන් තම ස්ථාවරය ප්‍රකාශයට පත් කර තිබේ.

රුසියන් රජය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා මරීයා සකරෝවා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ, ඉන්දීය මහ මැතිවරණය අතරතුරේ, ඉන්දියාව අස්ථාවර කිරීමට ඇමෙරිකාව විසින් මෙවැනි වාර්තාවක් නිකුත් කර ඇති බවයි.

රුසියාව චෝදනා කරන්නේ ඉන්දියාවේ හින්දු වැසියන්ගේ ජාතිකවාදී මානසිනත්වය සහ ඉන්දියාවේ ඉතිහාසය සම්බන්ධයෙන් කිසිදු අවබෝධයක් නැති ඇමෙරිකාව ආගමික නිදහස සම්බන්ධව පදනම් විරහිතව චෝදනා එල්ල කරන බවය.

අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය හින්දු ජාතිකවාදී පක්ෂයක් වන අතර, ඔවුන් ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාර කටයුතු සිදු කරන්නේ හන්දු වැසියන්ගේ ජාතිකවාදී හැඟීම් ඉස්මතු කරමින් යැයි විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂ සන්ධානය ද චෝදනා නගා ඇති පසුබිමක  ජාත්‍යන්තර ආගමික නිදහස සම්බන්ධ ඇමෙරිකන් කොමිසම අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂ රජය විවේචනය කිරීම, ඉන්දියාව අස්ථාවර කිරීමට සැලසුමක් බව රුසියාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

We are happy to invite you.